"අභ්‍යාවකාශ ජීව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:අභ්‍යාවකාශ ජීව විද්‍යාව නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්.) |
No edit summary |
||
11 පේළිය:
* එය DNA හා කාබන් මත හෝ වෙනත් යමක් මත පදනම් වූවක් ද?
* එහි ස්වරූපය කෙබඳු ද?
==මතුපිටින් දැක්මක්==
විශ්වයේ අන් තැනක පවතින ජීවය පෘථිවිය මත පවතින සෛලීය ව්‍යුහයන් ප්‍රයෝජනයට ගනී දැයි යන්න නොදන්නේ කරුණකි.
(හරිතලව - කුඩා කොළ පැහැ වස්තූන්) මෙහි දැක්වෙන ශාක කොළ තුළ ඇත)
NASA ආයතනයට අනුව සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකවල ශාක වර්ණක අපගේ වර්ණක වලින් වෙනස් විය හැක.
අභ්‍යාවකාශ ජීව විද්‍යාව තවමත් නැගී එන හා සංවර්ධනය වන ක්ෂේත්රයක් වුවත්, විශ්වයේ කොතැනක හෝ ජීවය පවතී ද යන පැනය සාධනය කළ හැකි උපකල්පනයක් බැවින් එය වටිනා විද්‍යාත්මක ඉල්ලුමක් ඇති ක්ෂේත්රයකි. අභ්‍යාවකාශ ජීව විද්‍යාව යනු භෞතික විද්‍යාව, ජීව විද්‍යාව , භූ විද්‍යාව හෝ දර්ශනය යොදා ගනිමින් පරිබාහිර ලෝකවල ජීවයේ ස්වභාවය ප්‍රතිබිම්භනය කිරීමට සමත් බහු විනයානුකූල ක්ෂේත්රයකි. “අභ්‍යාවකාශ ජීව විද්‍යාව දන්නා විද්‍යාත්මක න්‍යායන් යොදා ගෙන නොදන්නා දේ පිළිබඳ ප්‍රතිබිම්භනයක් ගොඩ නංවවන ස්වාභාව දර්ශන ක්ෂේත්රයක් බව මෙම ක්ෂේත්රයේ විචාරක ඩේවිඩ් ග්‍රීන්ස්පූන් 2003 දී පවසා ඇත. ජීවය සහිත ග්‍රහලෝක පිළිබඳ අපට ඇත්තේ එකී උදාහරණයක් පමණක් බැවින් වැඩ කටයුතු බොහොමයක් ප්‍රතිබිම්භ වන අතර ජීව විද්‍යාවේ ,භෞතික විද්‍යාවේ හා ජීව රසායන විද්‍යාවේ වත්මන් දැනුම මත පදනම්ව ඇත.
කලක දී මෙය විද්‍යාත්මක ඉල්ලුමේ මූලික ප්රහාහයෙන් ඔබ්බෙහි පිහිටි ක්ෂේත්රයක් ලෙස සැලකුන ද අද එය විධිමත් අධ්‍යයන ක්ෂේත්රයක් බවට පත්ව ඇත. නාසා ආයතනය දැන් අභ්‍යාවකාශ ජීව විද්‍යා ආයතනයක් අරඹා ඇත. ඊට අමතරව මෙම ක්ෂේත්රයේ උපාධි අපේක්ෂකයන්ට උපාධි පිරිනමන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන විශ්ව විද්‍යාල සංඛ්‍යාව ඇමරිකා එකසත් ජනපදයේ (උදා - ඇරිසෝනා විශ්ව විද්‍යාලය, පෙන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලය, වොෂිංටන් විශ්ව විද්‍යාලය, කැනඩාවේ , බ්‍රිතාන්‍යයේ හා අයර්ලන්තයේ සීඝ්රයෙන් වැඩිවෙමින් පවතී.
අඟහරුගේ උල්කාෂ්මයක් වන (ALH84001) ජීවීන් විසින් සිදු කරන ලද නිර්මාණ පෙන්වයි.
වර්තමාන අජටාකාශ ජීව විද්‍යා සමීක්ෂණයන් වන්නේ අඟහරුගේ ජීවය පිළිබඳ සමීක්ෂණයයි. ජලය ජීවයේ වර්ධනයට අත්‍යවශ්‍ය සහසධයක් ලෙස සැලකෙන අතර (මුළුමනින්ම ඔප්පු නොකෙරුණ ද) අඟහරු මතු පිට සැලකිය යුතු තරම් ජලය පැවති බවට සාධක එන්න එන්නට වැඩිවේ. අජටාකාශ ජීව විද්‍යාවේ වඩාත් අවධානය යොමු කෙරෙන ප්‍රායෝගික යෙදීමක් ලෙස සැලකිය හැක්කේ ජීවය සොයා කෙරෙන ගවේෂණයම උපකාරී වන, දැනුවත් කෙරෙන වාදයක් ගොඩ නැංවීමයි.
ජීවය සොයා කෙරුණු මෙහෙයුම් අතර වයිකිං වැඩ සටහන හා බීගල් 2 ගවේෂණය අඟහරු වෙත ඉලක්ක විය. “වයිකං” හි ප්‍රතිඵල තවම පියවී නොමැති අතර බීගල් 2 මතුපිටින් දත්ත සම්ප්‍රේශණයට අසමත් වූ අතර පුපුරා යන්නට ඇතැයි අනුමාන කෙරේ. ප්‍රභල අජටාකාශ ජීව විද්‍යාත්මක අරමුණක් සහිත අනාගත මෙහෙයුමක් වන්නේ “බ්‍රහස්පති හිම චන්ද්‍ර කාක්ෂික” යි. එය බ්‍රහස්පතිගේ ද්‍රව ජලය පැවතිය හැකි මිදුණු චන්ද්‍රයන් ගවේෂණයට සැලසුම් කර ඇත. 2009 දි නාසා ආයතනය “අඟහරු විද්‍යාගාර” රෝවර් ගොඩ බැස්වීමට සැලසුම් කොට ඇති අතර එය නවීන විද්‍යාත්මක උපකරණ යොදා අඟහරුගේ අතීත හා වර්තමාන ජීවය සොයා යනු ඇත.
අද 2008 වුව ද පිටසක්වල ජීවයක් පිළිබඳ සෘජු සාක්ෂි නොමැතත. ALH84001 උල්කාෂ්මය ඇන්ටාර්ටිකාවෙන් හමුවූ අතර එහි ප්රභවය අඟහරු යැයි විශ්වාස කෙරේ. ඇතැම් විද්‍යාඥයින් එය පිටසක්වල ජීවයේ ක්ෂුද්‍ර පොසිලයක් ලෙස හැඳින්වුව ද අර්ථය ආන්දෝලනාත්මකය. අඟහරු සීඝ්‍රගාමී ඒෂණියෙන් හා පෘථිවි ස්ථාවර දුරේක්ෂවලින් අඟහරුගේ වායුගෝලයේ මීතේන් ඇති බවට සලකුණු ලැබිණි. මීතේන් හි අර්ධ ආයු කාලය අඟහරු මත දී අඩු අතර එබැවින් එය සක්‍රියව ජනනය විය යුතුය. එක් සම්භාවිතා සාධකයක් ලෙස සක්‍රිය ගිනි කඳු සැලකිය හැකි වුව ද තවමත් අඟහරු මතින් එවැන්නක් හමු වී නොමැති බැවින් පෘථිවයේ පරිවෘත්තීය අතුරු ඵලයක් ලෙස මීතේන් ඇති කරන මීතේන් ජනන බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවීන් වර්ගයක් ඇතැයි විද්‍යාඥයන් සිතන්නට පෙළඹී ඇත.
අඟහරු වෙත
අඟහරු විද්‍යාගාරය
බාහිර අඟහරු
බීගල් 2
පරිණාමය
වැනි මෙහෙයුම්ය. සෙනසුරුගේ ටයිටන් චන්ද්‍රයාවන කැඩිනි ඒෂණිය
බ්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයා මතට “අයිස් ක්ලිපර්” ද යවා ඇති අතර ඒවා සෞර ග්‍රහ මණ්ඩලයේ වෙනත් ජීවයක් පිළිබඳ බලාපොරොත්තුවෙන් ගවේෂණ කටයුතුවල යෙදේ.
ග්ලීස් 581 c චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින් එය සිය තරුවේ ජනාවාස විය හැකි දුරින් පිහිටි හඳුනාගත් පළමු පිටසක්වල ග්‍රහලෝකයයි.
රසායනික ප්‍ර............... ජනාවාස විය හැකි දුරින් පිහිටි ග්‍රහලෝකවල පැවැත්ම වැනි ද්විතීයික ප්‍රශ්නවලට පිළිතුරු දීම තරමක් සාර්ථක වී ඇත. පෙර පුරෝ කථනය කළාම ද වැඩිපුර ඝනත්වයකින් වෙනත් තාරකා වටා ග්‍රහලෝක ඇති බව සනාථ කරමින් වුබ්ල් හා පරිවහන ක්‍රම යොදා ගෙන අති විශාල පිටසක්වල ග්‍රහලෝක සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත. ජනාවාස දුරින් පිහිටි පෘථිවි සිදිසි ප්‍රථම ග්‍රහලෝකය විකිරණ ප්‍රවේග ක්‍රම යොදා ගෙන සොයාගත් ග්ලීස් 581 c වේ.
තාක්ෂික සීමාවන් නිසා මේ දක්වා සොයාගත් ග්‍රහලෝක බහුතරය ජීවයක් ඇති විය හැකැයි සිතිය නොහැකි උණුසුම් වායුමය යෝධයන් වේ. මෙවැනි ග්‍රහලෝකවල චන්ද්‍රයන්ට වඩාත් ජීවීන්ට හිතකර සහ උපස්ථර හෝ මුහුදු තිබීමට ඉඩ ඇත.
පාෂාණ බහුල ලෝහ ගහණ අභ්‍යන්තර සහිත ග්‍රහලෝක සහිත අපගේ පෘථිවිය ජීවයට උචිතම යැයි පැවසීම පිළිගත නොහැකි ප්‍රකාශයකි. හඳුනාගැනීමේ ක්‍රමවල හා නිරීක්ෂණ කාලයේ වැඩි වීම නිසැකවම තවත් අපගේ වැනි ග්‍රහ මණ්ඩලසොයා ගනු ඇත. උදා- ග්‍රහලෝකය තාරකාව හා අභ්‍යාවකාශ යානය පසු කිරීමේ දී එහි ආලෝක වක්‍රයේ සිදුවන සුළු වෙනස් වීම් මැනීම මඟින් නාසා කෙප්ලර් මෙහෙයුම පෘථිවියට ප්‍රමාණයෙන් සමාන ග්‍රහලෝක සොයයි. ජීවයට ලැගුම් ගැනීමට වඩාත් උචිතම පාරිසරික තත්ව පිළිබඳ විද්‍යාඥයින්ට අනාවැකි පැවසීමට හැකි පරිදි ජීවය සඳහා පාරිසරික සීමා හා ආන්තික පාරිසරික තත්ව පිළිබඳ සමීක්ෂණ සිදු වෙමින් පවතී.
අධෝරක්ත තාරකා විද්‍යාවේ හා උප මිලිමීටර තාරකා විද්‍යාවේ ඉදිරි ගමන විසින් වෙනත් ප්‍රභා මණ්ඩලවල අන්තර්ගතය එලි කොට ඇත. ඈත තාරකා වටා දූවිලි වළලු හා උල්කාෂ්ම පැවතීම මඟින් ග්‍රහලෝක ඇතිවීමට උපකාරී වන තත්ව අධෝරක්ත ගවේෂණ හඳුනාගෙන ඇත. ආන්දෝලනාත්මක වුව ද ඇතැම් අධොරකත්ත ඡායාරූපවල සෘජු බව ග්‍රහලෝකවල ඡායාරූප වැනි දේ අන්තර්ගතය. අධෝරක්ත හා උපමිලිමීටර් ප්‍රකාශ විද්‍යාව තාරකා වටා රසායන ද්‍රව්‍ය පැවතීම වැඩි වීම හඳුනාගෙන ඇත. එය ජීවයේ සම්භවයට හෝ පැවැත්මට මහෝපකාරී වේ.
|