"පොදු නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
24 පේළිය:
කාළයත් සමග නව ජනපදයන් ස්ථාපිත කිරීමත් සමඟ මෙම පැරණි ව්‍යවස්ථාවන් යල්පිනූ තත්වයට පත්වූ බැවින් ඒවා ජනපදයන්ගේ ව්‍යවස්ථාපිත ප‍්‍රතිපාදනයන් තුලින් බලාත්මක කිරීම සිදුවිය. උදාහරණයක් ලෙස වොෂින්ටන් ජනපදය විසින් එක්සත් ජනපදයේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට පටහැනි නොවනතාක් දුරකට පොදු නීතිය මෙම ජනපදයේ නීතිය ලෙස අධිකරණ තීරණයන්හි භාවිතයට ගත යුතු බවට වූ ප‍්‍රතිපාදනයක් සම්මත කිරීම දැක්විය හැක. මේ ආකාරයට පොදු නීතිය ලූයිසියානා (එය ප‍්‍රංශයේ සිවිල් නීති ක‍්‍රමයේ අභාෂය ලබාගන්නා ලදී) හැර සෙසු සෑම ජනපද නීති පද්ධතියක් තුලටම පොදු නීතිය අන්තර්ග‍්‍රහනය විය.
මීට සමාන ප‍්‍රතිපාදනයක් හොං කොං මූලික නීතයේ 8 වන වගන්තියේද අන්තර්ගත වෙයි.
 
 
==පොදු වූ සංවිධිත නීති එංගලන්තයේ නීති පද්ධතිය==
 
1066 දී සිදුවූ නෝමන්වරුන්ගේ ආක්‍රමණයට පෙර දියෝකිසීය බිෂොප්වරයා ෂෙරීෆ්වරයා විසින් මුලසුන දරනු ලැබූ ප්‍රාදේශීය අධිකරණයන් විසින් පැවිදිසි සහ සිවිල් අධිකරණ බලය ක්‍රියාවේ යොදවනු ලැබිණ. ජූරිය විසින් නඩු විභාග කිරීම මෙම අධිකරණයන්හි ආරම්භ විය.
 
1154 දී දෙවන හෙන්රි රජු බලයට පත්වීමෙන් අනතුරුව මුලූ රටටම පොදු වූ නීති පද්ධතියක් ස්ථාපිත කිරීම මඟින් පොදු නීතිය ආයතනගත කරන ලදී. එමඟින් ප්‍රාදේශීය සිරිත් ජාතික තලයට ගෙන එනු ලැබූ අතර යම් යම් අයට විශේෂකොට දැක්වීමේ ප්‍රාදේශීය පාලනයන්, හිතුවක්කාරී තීරණයන් අවසන් කිරීම සහ අපරාධ හා සිවිල් ඉල්ලීම් සම්බනධයෙන් විමර්ෂනය කිරීම සඳහා දිවුරුම් දුන් තැනැත්තන්ගෙන් සමන්විත ජූරි ක්‍රමයක් ස්ථාපිත කිරීම සිදුවිය. ජූරිය සිය තීරණයන්ට එළැඹුනේ සාමාන්‍ය දේශීය දැනුම උපයෝගී කරගනිමිනි.
 
දෙවන හෙන්රි රජු සිය මධ්‍යම අධිකරණයේ විනිසුරුවරුන් නඩු විභාග කිරීම සඳහා රටේ විවිධ ප්‍රාදේශයන්ට යැවීමේ පරිචයේද ආරම්භකයා විය. ඔහුගේ විනිසුරුවරු තත්කාර්ය පදනමක පිහිටා ගැටලූ නිරාකරණය කරන ලදී. අනතුරුව ඔවුහු නැවත ලන්ඩනය වෙත පැමිණ සිය තීරණයන් සම්බන්ධයෙන් අනෙක් විනිසුරුවරුන් සමඟ සාකච්ඡා කළහ. මෙම සාකච්ඡාවන් වාර්තාගත කරනු ලැබු අතර ලිපිගොනුගත කිරීමද සිදුවිය. පසුකාලීනව අධිකරණ පූර්ව නිදර්ශන න්‍යාය වර්ධනය වූයේ මෙතුලිනි. මෙම ක්‍රමය යටතේ පූර්ව නඩුතීන්දු නීතිය ලෙස ස්ථාපිත වූ අතර පූර්ව නෝමන් යුගයේ පැවැති ප්‍රාදේශීය සිරිත් මුළුරටටම පොදු වූ සංවිධිත නීති පද්ධතියක් මඟින් ආදේශ වූ අතර එකී නීති ‘පොදු නීති’ ලෙසින් හැඳින්විනි.
 
දෙවන හෙන්රි රජු විසින් ශක්තිමත් ඒකීය අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම හේතුවෙන් එතෙක් අධිකරණ කටයුතු සිදුකළ පල්ලිය සහ රජු අතර ගැටුමක් නිර්මාණය විය. අවසානයේදී තවන් හෙන්රි රජු වෙනුවෙන් කටයුතු කරන බව විශ්වාස කරමින් නයිට් වරුන් තිදෙනකු විසින් කැන්ටබරිහි ආදිපාද තෝමස් බ්රැකට් කැන්ටබරි පල්ලිය තුලදී ඝාතනය කරනු ලැබිණි. හෙන්රි රජු එම ඝාතනය සිදුකිරීමට සැලසුම් කරන ලද්දේද යන්න පැහැදිලි නොමැති නමුත් එම අවස්ථාව වන විට මේ දෙදෙනා අධකරණ බලය ක්‍රියාවේ යෙදවිම සම්බන්ධයෙන් උග්‍ර මතභේදයක පැටලී සිටියහ. ඵෙහි ලෞකික වරදවල් සම්බන්ධයෙන් පල්ලිය අධිකරණ කටයුතු සිදු කිරීම මේ අනුව අවසානයකට පත්විය.
 
මේ තත්වය තුල අපරාධ සහ සිවිල් නීතියේ මූලික මූලාශ්‍රය ලෙස පොදු නීතිය වර්ධනය වීම සිදුවිය. පසුකාලීනව පාර්ලිමේන්තුව විසින් ව්‍යවස්ථාදායක බලය අත්පත් කරගන්නා ලද අතර සමහර කරුණු අරබයා ව්‍යවස්ථාපිත නීතිය විසින් පොදු නීතිය සීමා කිරීමට පියවර ගනු දැකගත හැකිවිය. අදද පොදු නීතිය තුල ඉතා වැදගත් ස්ථානයකට හිමිකම් කියයි.
 
==පොදු නීතිය මූලික අර්ථනිරූපනයන්==
"https://si.wikipedia.org/wiki/පොදු_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි