"ජාවා උපදේශාවලිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Delete & redirect
New Page
1 පේළිය:
වෙබ් තාක්ෂණයේ සැලකිය යුතු දියුණුවක් වනනේ සන් මයික්‍රෝ සිස්ටම් ගේ ජාවා වේදිකාවය. එය කුඩා වැඩසටහන් (යෙදුමිත්ත ලෙස හඳුන්වන) කෙලින්ම දර්ශනය කිරීමට වෙබ් පිටුවලට ඉඩ සලස්වයි. මෙම යෙදුමිති පරිශීලකයාගේ පරිගණකයේ ක්‍රියාත්මක වන අතර සරල වෙබ් පිටුවලට වඩා පොහොසත් පරිශීලක අතුරු මුහුණක් සපයයි. ජාවා සේවාලාභී - පැති යෙදුමිති, විවිධ හේතු ගණනවක් නිසා , සන් බලාපොරොත්තු වූ ප්‍රසිද්ධිය ලබා ගත්තේ නැත. ඒ ‍හේතු අතරට , අනෙකුත් අන්ත්ගතය සමඟ සමෝධානය අඩු වීම (යෙදුමිති අදාල පිටුව තුළ කුඩා කොටුවලට සීමාකර තිබිණි) හා එකල බොහොමයක් පරිගණක ගැලපෙන පරිදි ජාවා අතාත්වික යන්ත්‍රය ස්ථාපනය නොකර පරිශීලකයන් අතට පත් කර තිබීම අයත් වේ. එම නිසා පරිශීලකයන්ට යෙදුමිති දර්ශනය වීමට ඒවා පළමුව බාගත කර ගත යුතුය. මුල දී ජාවා යෙදුමිති සඳහා වූ බොහොමයක් කාර්යයන් අඩෝබ් ෆ්ලෑෂ් (Adobe Flash) මඟින් ඉටු කරයි. ඒවාට වීඩියෝ අන්තර්ගත සජීවීකරණ හා සමහරක් දියුණු UI අංග ධාවනය කිරීම ඇතුළත් වේ. ජාවා, වේදිකාවක් ලෙස බහුලව භාවිතා වන අතර සේවාදායක පැති හා අනෙක් ක්‍රමලේඛකරණ (programming) සඳහා භාෂාවක් ලෙස ද භාවිතා වේ.
{{delete}}
 
#REDIRECT [[ජාවා උපදේශාවලිය]]
ජාවා උපදේශාවලි, අනෙක් අතට, වෙබ් පිටු තුළ භාවිතය සඳහා දියුණු කරන ලද උ‍පදේශාවලි භාෂාවකි. සම්මතකරණය කරන ලද සංස්කරණය වනනේ ECMA උපදේශාවලියයි. නෙට් ස්කේප් නිර්මාණය කළ ජාවා උපදේශාවලිය එහි නමින් ජාවාට සමාන නමුත් එයට ජාවා සමඟ කළ හැකි කිසිවක් නොවීය. එසේ නමුත් ජාවා මෙන් එහි වාග් රීතිය (syntax) ව්‍යුත්පන්න වූයේ ක්‍රමලේඛ භාෂාවෙනි. වෙබ් පිටුවල, ලේඛ වස්තු ආකෘතිය සමඟ සසඳා බලන කළ එහි නිර්මාණකරුවන් සිතුවාටත් වඩා බලවත් තාක්ෂණික ක්‍රමයක් බවට ජාවා උපදේශාවලි පත්ව ඇත. ස්ථිතික HTML සංදර්ශනවලින් වෙන් කිරීම සඳහා , සේවා ලාභියාට පිටුව ලැබුණු පසු පිටුවේ ලේඛ වස්තු ආකෘතිය ක්‍රියාත්මක කිරීම ඩයිනමික් HTML (DHTML) ලෙස හඳුන්වනු ලැබීය.
 
සරල සිද්ධිවල දී , පිටුව ප්‍රථමයෙන් ලැබෙන විට, ජාවා උපදේශාවලි වර්ධිත වෙබ් පිටුවේ සියලු අතිරේක තොරතුරු හා ක්‍රියා බාගත වේ. අජැක්ස් (Ajax) (අසමකාලික ජාවා උපදේශාවලි හා XML) යනු පරිශීලක ක්‍රියාවලට ප්‍රතිචාරලෙස පසු කාලීනව ජාලය හරහා ගත් නව තොරතුරු යොදා ගෙන වෙබ් පිටුවක් තුළ වූ කොටස් යාවත් කාලීන කළ හැකි ක්‍රමයක් සපයන, වෙබ් යෙදුම් නිර්මාණයට යොදා ගන්නා, අන්තර්ව බැදුණු වෙබ් නිර්මාණකරණ තාක්ෂණික ක්‍රම කාණ්ඩයකි. මෙය නිසා වෙබ් පිටුව වඩා ප්‍රතිචාරී අන්තර් ක්‍රියාකාරී හා රුචි ජනක වන අතර මුලු පිටුවක නැවත පැමිණෙන තෙක් පරිශීලකයාට බලා හිඳීමට සිදු නොවේ. වෙබ් 2.0 ලෙස හඳුන්වන්නෙහි වැදගත් අංගයක් ලෙස ඇජැක්ස් දැකිය හැකිය. දැනට භාවිතා වන අජැක්ස් තාක්ෂණික ක්‍රමවලට උදාහරණ ජී මේල්, ගූගල් මැප් හා අනෙක් උද්‍යෝගී වෙබ් යෙදුම්වල දැකගත හැකිය.
 
 
[[en:World_wide_web#Java_and_JavaScript]]
"https://si.wikipedia.org/wiki/ජාවා_උපදේශාවලිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි