"රොනල්ඩ් රේගන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
30 පේළිය:
}}
 
<!--
 
රොනල්ඩ් රේගන්
 
76 පේළිය:
අත්සන
 
-->
 
 
'''රොනල්ඩ් විල්සන් රේගන්''' (1911 පෙබරවාරි 06 – 2004 ජුනි 05) ඇමරිකා එක්සත් ජනපදයෙහි 40 වන ජනාධිපති වන අතර (1981 – 1989) කැලිෆෝනියා ප්රාන්තයෙහි 33 වැනි ආණ්ඩුකාර වරයාය. (1967 – 1975). ඉගිනොයිස් හි උපත ලබා ඔහු 1930 දී කැලිෆෝනියා ප්රාන්තයෙහි ලොස් ඇන්ජලීස් ප්රදේශයට සංචරණය කරන නළුවෙකු බවට පත් විය. එහිදි ඔහු Screen Actors Guild (SAG) සභාපතිත්වය දරණ ලද අතර General Electric හි නියෝජිතයෙකු විය. මෙම General Electric සේවය කරන සමයේදී ඔහු දේශපාලනයට අවතිර්ණ වු අතර මුල් යුග වලදී ඔහු ඩිමොක්රටික් පාක්ෂික යෙකු වු අතර 1972 දී ඔහු රිපබ්ලිකන් පාශ්විකයෙකු බවට පත් වුණි. 1964 දී ජනාධිපති අපේක්ෂකයෙකු වු Barry Goldwater හට සහය පල කරමින් කරන ලද ප්රබෝදමත් දේශණයකින් පසු ඔහු කැලිෆෝනියා ප්රාන්තයෙහි ආණ්ඩුකාර ධූරයට පත් වීම සදහා අවධානය යොමු කරන ලදී. ඉන් වසර 2 කට පසු ඔහු කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ධූරයට පත් වු අතර 1970 දී නැවතත් එහි ආණ්ඩුකාර ධූරයට පත් වන ලදී. ඔහු රිපබ්ලිකන් ජනාධිපති නාම යෝජනා බාර දෙන අවස්ථාවන් හිදි 1968 දී සහ 1972 දී දෙවරක් පරාජයට පත් වු අතර 1980 දී නාම යෝජනා සහ ජනාධිපති වරණය යන දෙකම ජයග්රහණය කරන ලදී.
 
ජනාධිපති වශයෙන් රොනල්ඩ් රේගන් විසින් අළුත් දේශපාලන මුලාරම්භයක් සහ ආර්ථික ප්රතිපත්ති සම්පාදනය කරන ලද අතර සීමාසහිත අණ්ඩුවක් සහ ආර්ථිකයෙහි laissez – faire දර්ශණයක් සඳහා උපාදෙස් දෙන ලදී. නමුත් ඔහුගේ මෙම දර්ශණයන් ක්රියාවට නැංවීමේ හැකියාව පිළිබඳව මත භේද පැවතිනි. සැපයුම් පාර්ශවයේ ආර්ථික ප්රතිපත්ති සඳහා “Reaganomics” ලෙස හඳුන්වන ලද අතර මේ සඳහා 1981 දී සම්පාදනය කරන ලද සැලකිය යුතු බදු කප්පාදුවක් ද අයිති වේ. ඔහු ඝාතනය කිරීමේ ප්රයත්නයකින් දිවි ගලවා ගැනීමෙන් පසුව සහ ග්රේනේඩා හි මත භේදාත්මක හමුදාමය ක්රියාමාර්ග ගැනීමෙන් පසුව 1984 දී ඔහු ජනාධිපති ලෙස නැවත වරක් තෝරාපත් කර ගනු ලැබුණි.
"https://si.wikipedia.org/wiki/රොනල්ඩ්_රේගන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි