"ඉන්දියානු නිදහස් ජාතික ව්‍යාපාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
39 පේළිය:
 
=ඉන්‍දියාවට නිදහස ලැබෙයි - පාකිස්ථානය බිහිවෙයි=
:ඉන්‍දියාවට නිදහස ලබාදීම‍ට පොරොන්‍දුවූ කම්කරු පක්‍ෂය බ්‍රිතාන්‍යයේ බලයට පත්වූ අතර ඔවුන් ක්‍රි.ව. 1946 ඉන්‍දියානු ප්‍රශ්නය විසඳීමට කැබිනට් දූත පිරිසක් එවූව ද ඔවුන්ගේ යෝජනා අනුව [[පකිස්ථානය]] පිහිටුවීමේ යෝජනාවට අලිජින්නා දැඩිව අකැමැති විය. එනිසා රාජ කුමාරවරුන් සතුව පැවති ප්‍රදේශ එකතු කර එක්සත් ඉන්‍දියාවක් ගොඩනැගීමට ප්‍රාන්තවලට ස්‍වයංපාලන බලතල දිනි.
මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට තාවකාලික ආණ්ඩුවක් අවශ්‍ය වූ අතර එහි තනතුරු ලබාගැනීමට මුස්ලිම් සංගමයට ආරාධනා කළ ද එය ප්‍රතික්‍ෂේප විණි. මේ තත්‍වය යටතේ ඉන්‍දියාව පුරා ම ජාති භේදවාදී කැරලි ඇතිවිය.
ක්‍රි.ව. 1948 ජුනි මසට ප්‍රථම මෙය නිරාකරණය කිරීමට බ්‍රිතාන්‍ය අගමැති [[ක්ලේමන්ට් ඇට්ලි]] සාමිට අවශ්‍ය විණි. එපරිද්දෙන් ඉන්‍දීය ප්‍රතිරාජයා ලෙස [[මවුන්ට් බැටන් සාමි]]වරයා පත්කොට එවන ලදී.