"පෘතුගීසි ලංකාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
101 පේළිය:
 
1556 වන විට ධීවර ජනාවාසවල 70000 ක් ජනතාව ක්‍රිස්තියානි ආගමට හරවා ගන්නා ලදී. කෝට්ටේ රජු වූ ධර්මපාල, දොම් ජුවඕ පෙරෙයිරා බණ්ඩාර නමින්ද බිසව දෝන කතරිනා නමින්ද නැවත බෞතීස්ම කරණු ලැබ ක්‍රිස්තියානි ආගමට හරවා ගනු ලැබූහ. රජු අනුව යමින් ප්‍රභුවරු කිහිපදෙනෙක්ද දොම් යන ගෞරවාර්ථ පෘතුග්‍රීසි පදය තමන්ගේ නම්වලට එක් කර ගත්හ. එමෙන්ම පෘතුග්‍රීසි සිරිත් විරිත් සහ ඔවුන්ගේ භාෂාව භාවිතා කරන්නට පටන් ගත්හ. මෙවැනි ක්‍රියා හේතුවෙන් සිංහල පොදු ජනතාව රජු සහ රජුගේ පිරිවර කෙරෙහි කළ කිරුණහ.
 
 
 
==පෘතුගීසි පාලනයේ පිරිහීම==
 
 
පෘතුගාලය ස්පාඤ්ඤයේ පාලනයට යටත්වු පසු (1580 සිට 1640 දක්වා) යටත් විජිත වලට දුෂ්කර කාලයක් උදා විය. රට වැසියන් ගැන සොයා බැලීමට රජුට පහසුකම් නොමැති වු හෙයින් එම පෙදෙසේ අරාජිත තත්වයට පත්විය. අරාජිකත්වය ජීවිතයේ සාමාන්‍ය අංගයක් විය. මුලු රටේම වස්තුව මංකොල්ල කනු ලැබ පෘතුගාලයට යවන ලද්දේය. මහජනතාව පෘතුගීසි පාලනය පිළිකුල් කළහ. ලන්දේසීන්ගේ මැදිහත් වීම වෙස්වලාගෙන පැමිණි නිදහස ලබා ගැනීමේ එකම අවස්ථාව ලෙස සලකන ලදී.
 
1638දී ලන්දේසීහු උඩරට සමග ගිවිසුමක් ඇත්සන් කළහ. එහි අඩංගු වුයේ පෘතුගීසීන්ට එරෙහිව ලන්දේසීන් විසින් කරනු ලබන සටන් සදහා වන වියදම් සම්පුර්ණයෙන්ම නුවර රජු විසින් ලන්දේසීන්ට ගෙවිය යුතු බවයි. එහෙත් එපරිදි ගෙවීම් කිරීමට මුදල් හෝ කුලු බඩු නොමැති විය. අවසානයේ තමනට ලැබීමට තිබෙන මුදලට වන්දි වශයෙන් හිලව්ව , ඒ වන විට ලන්දේසීන් අල්ලා ගෙන සිටි බලකොටු හා ඉඩම් ඔවුන්ම අයිතිකර ගත්හ.
 
===ලංකාවේ පෘතුගීසි පාලනයෙන් ලැබුණු දායාද===
 
පෘතුගීසීහු කන්ද උඩරට රජු සමග යුද්ධ කිරීමට සන්නද්ධ හමුදාවක් ගෙන යාමෙන් ඔවුහු පහතරට සිංහල ජනතාව සමග මිශ්‍ර වුහ. පහතරටම පැල පදියම් වුහ. කේරළයෙන් කම්කරුවන් ගෙන්වා කුරුදු වතුවල කුරුදු තැලීමට යෙදවුහ. පෙරේරා , ආබෲ , සල්ගාදු , ෆනෑන්ඩු , රොද්රිගු සහ සිල්වා වැනි පෘතුගීසි නම් සිංහල සංස්කෘතියේ කොටස් බවට පත්විය. සලාගම වැනි අලුත් කුලයන් ආරම්භ විය. සිංහල රජු සහ ලන්දේසීනට වඩා හොදින් පෘතුගීසිහු ලාංකිකයනට ‍හොද පහසුකම් සැලසුහ. පෘතුගීසි සංස්කෘතියට ලාංකික සංස්කෘතිය තුළ ස්ථාවර තුනක් හිමිවිය. ඉන්දියාවේ හා ලංකාවේ මුහුදු බඩ බිම් තීරුව කතෝලික තීරුවක් විය. ලාංකිකයන් ගේ ඇදුම් හා ආහාර පෘතුගීසි පන්නයට හැරුණි.
 
ශ්‍රී ලංකාව තුළ දැණුදු පරණ බලකොටු ආශ්‍රිතව සුදු පෘතුගීසි ජනාවාස තිබෙන අතර ඔවුහු ඔවුන්ගේ භාෂාව භාවිතා කරති. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ජනවාර්ගික ආරවුල් සමග ඔවුනගේ ජීවිතය ගෙන යාමද දුෂ්කර වී ඇත.
 
 
 
 
 
<!--Categories-->
"https://si.wikipedia.org/wiki/පෘතුගීසි_ලංකාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි