"යාපනය රාජධානිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
merged
89 පේළිය:
 
යනාදී ඒවා වේ. දේශපාලනමය වශයෙන් මෙය 13,14 ශත වර්ෂ වලදී කප්පම් ගෙවු ප්‍රදේශයේ රාජ්‍යයන් කීපයක් සහිත ව්‍යාප්ත බලයෙන් යුත් එකක් විය. කෙසේ වෙතත් එය දකුණු ඉන්දීයාවේ විජය නගර් අධිරාජ්‍යය සහ කොට්ටේ රාජ්‍යය සමග එක පිට ගැටුම් ඇති කර ගත්තේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් විජය නගර් අධිරාජ්‍යයට මෙන්ම 1450 – 1467 දක්වා කාලය තුල කෝට්ටේ රාජ්‍යයටද යටත් දාසයෙකු ලෙස කටයුතු කිරීමට එම රාජ්‍යයට සිදු විය. කෝට්ටේ රාජ්‍යය සහ විජය නගර් අධිරාජ්‍යයේ බලය පිරිහීමෙන් පසු මෙම රාජ්‍යය නැවතත් ප්‍රතිෂ්ඨාපනය විය. එය දකුණු ඉන්දියාවේ තර්ජෝන් රාජ්‍ය සමගද මහනුවර රාජ්‍යය සහ කොට්ටේ රාජ්‍යයෙන් බෙදුණු කොටස් සමගද සමීප සබදතා ගොඩ නගා ගත්තේය. මෙම කාලය තුල හින්දු කෝවිල් තැනුනු අතර දෙමළ සහ සංස්කෘත සාහිත්‍යයෙන්ද පිබිදීමක් ඇතිවිය.
 
==යටත් විජිත යුගය ==
1505 දී පෘතුගිසින් ලංකාවට පැමිණියහ. ඒ වන විට අධික ලාභ උපදවන ව්‍යාපාරයක් වු කුලුබඩු වෙලදාම පිලිබද ඒකාධිකාරය කෝට්ටේ රාජධානිය සතුව තිබුණු අතර පෘතුගිසින්ගේ පරමාර්ථය වුයේ එම අධිකාරය ඔවුන් සතුකර ගැනීමයි. එහෙයින් පෘතුගිසින්ගේ මුල්ම ආක්‍රමණ කොට්ටේ රාජධානියට එරෙහිව සිදුවිය. කොළඹ සිටි පෘතුගිසින්ගේ අවානය ය‍ාපනය දෙසටද යොමු විය. එයට හේතු කිහිපයක් රෝමන් කතෝලික මිෂනාරි ක්‍රියාකාරකම් වලට මැදිහත් වීම එකක් (මෙය පෘතුගිසින්ගේ අභිප්‍රායන්ගෙන් එකකි) පෘතුගිසි විරෝධි කොට්ටේ රාජධානියේ සිටි සිතාවක ප්‍රධානින්ට උදවු කිරීම අනෙක් කරුණයි.
 
කිසිදු වරායක් නොමැති මධ්‍ය කදුකරයේ පිහිටි කන්ද උඩරට රාජ්‍ය සේවා‍සහ භාණ්ඩ සපයන ස්ථානයක් ලෙස යාපනය රාජධානිය ක්‍රියාත්මක වූ අතර දකුණු ඉන්දියාවෙන් ලැබෙන යුද්ධ ආධාර ලබාගැනීමේ මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාත්මක විය. තවත් කාරණයක් නම් යුද්ධ උපාය මාර්ග වශයෙන් යාපනයේ වැදත්කම හේතු කොට ගෙන යාපනය රාජධානිය ලන්දේසි ආක්‍රමණ හමුදාවකට සුරක්ෂිත ස්ථානයක් විය හැකියයි යන බියක්ද තිබුණි. 1 වැනි සංකිලි රජු පෘතුගිසීන්ට පක්ෂව කටයුතු නොකළ අතර මන්නාරම් දුපතේ සිටි ‘පරවා කතෝලික’ පිරිස 600 – 700 ක් දෙනා ද සමුල ඝාතනය කළේය. මෙම කතෝලික පිරිස ඉන්දියාවෙන් මන්නාරමට ගෙන්වන ලද්දේ ඉතා ලාභ දායක ව්‍යාපාරයක් වු මුතු කිමිදීමේ කටයුතු යාපනයේ රජවරුන්ගෙන් අත්පත් කර ගැනීමටයි.
 
===Client State ===
විසුරේ දොම් කොන්ස්තන්තිනෝද බ්රුගන්සාගේ නායකත්වයෙන් 1560 දී කළ පළමු යුද්ධ චාරිකාවේදි රාජ්‍ය යටපත් කර ගැනීමට අපොහොසත් වු නමුදු මන්නාරම් දුපත උදුරා ගන්නා ලදී. සිද්ධිය පිලිබද විස්තර අපහැදිලි නමුත් 1582 වන විට යාපනයේ රජු ඇතුන් 10 දෙනකු හෝ ඒ වටිනාකමට සමා‍න මුදලක් කප්පම් වශයෙන් ගෙවමින් සිටියේය. අන්ද්‍රේ ෆමාර්ඩෝද මෙන්ඩොන්සාගේ නායකත්වයෙන් 1591 දී කළ දෙවැනි යුද්ධ චාරිකාවේදි පුවිරාස සිංහම් රජ තනතුරෙහි පිහිටු වන ලදී. ඔහුගේ පුත‍ා වු එදිරිමාන්න කතෝලික මිෂනාරි වරුන් ඔවුන්ගේ කටයුතු කරගෙන යාමට නිදහස ලැබුණු අතර රජු විරුද්ද වුවත් නැතත් පෘතුගාලයට ඇතුන් යැවීමේ ඒකාධිකාරයද ලැබුණි. ඔහු 1 වෙනි විමළධර්ම සුරිය සහ සෙනරත් රජුන් යටතේ වු මහනුවර රාජ්‍යයට (1593 – 1635 කාලය තුල) උදවු කළේ පෘතුගිසින්ට එරෙහිව කටයුතු කිරීමට දකුණු ඉන්දියාවෙන් උදව් ලබා ගැනීමේ අදහස ඇතිවයි. කෙසේ වෙතත් ඔහු පෘතුගිසින් ඕනෑවට වඩා කුපිත කිරීමකින් තොරව රාජ්‍යයේ ස්වාධීනව තබාගැනීමට කටයුතු කළේය.
 
===රාජ්‍යයේ අවසානය.===
Statue of King Cankilil
1617 දී සිදුවු පරරාජසේකරම්ගේ මරණයෙන් පසු ඔහු විසින් රජකමට නම් කල තැනැත්තා මරාදමා අනියමින් රාජ්‍ය බලය ලබා ගත්තේ 11 වැනි සංකිලිය. ඔහුගේ රාජ්‍යත්වය පෘතුගිසීන් පිලි නොගත් බැවින් 11 සංකිලි තන්ජෝර් නායක් වෙතින් යුධ ආධාර ඉල්ලා සිටියේය. තවද මලබාර්ගි මුහුදු කොල්ල කරුවන්ට නෙදුන්තිවු හි කදවුරක් පාවිච්චි කිරීමට අවසර දුන්නේය . පෝක් සමුද්‍ර සන්දිය හරහා පෘතුගිසින්ගේ නැව් ගමනා ගමනයට එය තර්ජනයක් විය. 1619 චලබාර් හි මුහුදු කොල්ලකරුවන් විසින් ව්‍යවර්ථ කරන ලදී. පිලිප් ද ඔලිවේජා විසින් කළ දෙවැනි ආක්‍රමණයට 5000 ක් වු බලසම්පන්න හමුදාවක් සහභාගි වුහ. ඔහු 11 වැනි සංකිල පරාජය කලේය. සංකිල සහ ඒ වන විට ඉතිරිව සිටි රාජකීය පවුලේ අනෙකුත් සාමාජිකයන් අල්ලා ගනු ලැබ ගෝවට ගෙන ගොස් එහිදි එල්ලා මරණු ලැබුහ. අල්ලා ගත් ඉතිරි පිරිසට දේවගැති වරු වීමට බල කරන ලදී. බොහෝ දෙනා ඊට එකග වුහ. මේ නිසා යාපනය රාජ්‍යයට තවදුරටත් උරුමක් කාරයෙකු ඉතිරි නොවීය.
 
 
 
===Conseaucncu - පුතිඵලය===
ඉතිරි අවුරුදු 40 පුරා පෘතුගිසි පාලනයට එරෙහිව කැලරි 3 ක් ඇතිවිය. මෙයින් දෙකක් මෙහෙය වන ලද්දේ මිගහපුල්ලේ අරෙච්චි විසිනි. අනික යාපනයේ කොටුව ලන්දේසින් විසින් අල්ලා ගන්නා තෙක් උඩරට 1 සෙනරත් රජු විසිනි. මෙම කාලය තුල පෘතුගිසිහු විසින් සෑම කොවිලක්ම පාහේ විනාශ කරන ලදහ. යානය රාජධානියේ තිබුණු ශාස්ත්‍රීය පොත් පත් පිලිබද භාණ්ඩාගාරයක් වැනි වු සරස්වතී මහල් පුස්ථකාලයද විනාශ කළහ. අධික බදු පැනවීම නිසා මහජනයා බොහෝ දෙනෙක් ඉන්දියාවේ රාමනාදන් පුරය වෙතද දකුණු වන්නි ප්‍රදේශයටද සංක්‍රමණය වුහ. ජනගහනය අඩු විය. විදේශ වෙළද කටයුතු අඩපණ විය. ඉන්දියාවේ රාජ්‍යයන් කීපයක් සමග වෙස් ලුණු ලබා ගෙන ලස්බන් වෙත යැවීම පිනිස යාපනයේ ප්‍රධාන අපනයනය වු
අලි ඇතුන් හුවමාරු කරගන්නා ලදී. වෙළද කටයුතු පහත වැටීම නිසා අත්‍යවශ්‍ය ආනයනයන් සදහා ගෙවීම් අසිරු වු හෙයින් ආනයන කටයුතු නතර කෙරිනි. පෘතුගිසි ඉතිහාසඥයකු වු ෆර්නාඩ් ද ක්වේරෝස් කියන්නේ පෘතුගිසි යටත් විජිත පාලන සමය තුල යාපනයේ ජනතාව අන්ත අසරණ භාවයට පත්වු බවයි.
 
යාපනයේ රජ පවුලේ නැති කිරීමට (රාජ්‍යයට උරුමක් කාරයින් නැති කිරීමට) පෘතුගිසින් උත්සාහ කළ නමුත් එම රාජකීය පවුල් වලින් පැවත එන්නේ ය කියනු ලබන ශ්‍රී ලංකා දෙමළ සම්භවයක් ඇති පවුල් බොහෝ ගණනක් ඉතිරිව සිටිති.
 
 
 
"https://si.wikipedia.org/wiki/යාපනය_රාජධානිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි