"තෝර (ශාකය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
New page: ශ්‍රී ලංකාවේ වියළි හා අතරමැදි කලාප වල ජල හිගය නිසා විශාල ඉඩම් ප්‍රමාණය...
 
No edit summary
1 පේළිය:
[[ශ්‍රී ලංකාවේ]] වියළි හා අතරමැදි කලාප වල ජල හිගය නිසා විශාල ඉඩම් ප්‍රමාණයක් (ගොඩ හා මඩ) වාර්ෂිකව පුරන්ව පවතී. ලැබෙන සුළු වර්ෂාපතනයෙන් වගා කරන බෝග ද බොහෝ විට අනපේක්ෂිත නියග නිසා පාළු වේ. මෙවැනි පසුබිමක් තුළ නියගයට ඔරොත්තු දෙන විකල්ප බෝගයක අවශ්‍යතාව බොහෝ කලක සිට හදුනාගෙන තිබුණි. තෝර පරිප්පු මෙවැනි ජල හිඟ තත්ව වලට උච්ත වර්ෂාපෝෂිත තත්ව යටතේ මහ කන්නයේදී නිසරු ගොඩ ඉඩම් වල ද, යල කන්නයේදී සීමිත ජල ප්‍රමාණයක් ලැබෙන කුඹුරු වලද සාර්ථකව වගා කළ හැකි බෝගයකි. ඉතා ගැඹුරට විහිදෙන මූල පද්ධතියක් ඇති මෙම බෝගය රනික කුලයට අයත්වන බැවින්, පස සරු කිරීමේ හැකියාවක් ද මෙයට ඇත. භාවිතා කළ යුතු පොහොර ප්‍රමාණය අනෙකුත් බෝග හා සැසදීමේදී ඉතා අඩු වන අතර, මහ කන්නයේදී අස්වනු නෙලීමෙන් පසු යල කන්නයේදී නිරි වගාවෙන් අමතර ආදායමක්ද ලබාතග හැක.
 
අපේ දෛනික ආහාර වේලේ ජනප්‍රියතම අංගයක් වන මසූර් පරිප්පු ලංකාවේ දේශගුණ තත්ත්ව යටතේ වගා කළ නොහැකි බැවින් වාර්ෂිකව රුපියල් මිලියන 2000ක පමණ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කොට ආනයනය කරනු ලැබේ. මසූර් පරිප්පු වලට ආසන්නතම ආදේශකයක් ලෙස තෝර පරිප්පු හදුනාගෙන තිබේ. එය ලංකාවේ දේශගුණීක තත්ත්ව යටතේ පහසුවෙන් වගා කළ හැකි බෝගයකි.
"https://si.wikipedia.org/wiki/තෝර_(ශාකය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි