"දේශපාලන විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
36 පේළිය:
 
==දේශපාලන විද්‍යාව පිළිබඳව ඉදිරිපත් වී ඇති නිර්වචන==
[[ඇරිස්ටෝටල්]] දේශපාලනය හඳුන්වන්නේ <B>අධිපති විද්‍යාව වශයෙනි.</B> කේ. ලෝසන් දක්වන පරිදි දේශපාලනය සාමුහික මානව ක්‍රියාකාරකම් සංවිධානය කිරීමේ ක්‍රමෝපායක් වේ. ඔහු පවසන අන්දමට මෙවැනි සාමුහික මානව ක්‍රියාකාරකම් සඳහා සංවිධාන ගත වු වඩාත් සංකීර්ණ ආකෘති වශයෙන් ඉපැරණි නගර රාජ්‍ය, අධිරාජ්‍ය, ජාතික රාජ්‍ය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැක්විය හැකිය.
 
 
42 පේළිය:
 
 
[[ඇන්ඩ්රූ හේවුඩ්]], ‍දේශපාලනය පිළිබඳ විශ්ලේෂණාත්මකව බැලීම සඳහා අපගේ අවධානය යොමු කරවයි. ඔහු දක්වන පරිදි දේශපාලනය යනු <B>බලය නැතහොත් අධිකාරිය භාවිතා කිරීම හෝ හිඟ සම්පත් බෙදා වෙන් කිරීම හෝ වේ.</B> එහෙත් මේ සියල්ලටම වඩා දේශපාලනය ක්‍රියාවක් වශයෙන් හඳුනාගත යුතු බව ඔහු පවසයි.දෙවනුව දේශපාලනය යනු සාමාජීය ක්‍රියාකාරකමකි. දේශපාලනය ඉස්මතු වන්නේ පුද්ගල අන්තර් ක්‍රියාකාරකම් මගින්ය. බලය මුලික කොටගෙන සිදුවන පුද්ගල අන්තර් ක්‍රියාකාරකම් වලින් දේශපාලනය ප්‍රකාශයට පත් වේ. තෙවැනි ලක්‍ෂණය නම් දේශපාලනය මත අවශ්‍යතා අභිලාශ යන සාධක වල විවිධත්වය මඟින් ජනිත වීමය. මේ විවිධත්වය ඍජුවම ගැටුම් වලට හේතුවිය හැකිය.
 
 
48 පේළිය:
 
 
දේශපාලනය යනු කුමක්දැයි පැහැදිළි කරන නිර්වචන අතුරින් වඩාත් පුළුල් අවබෝධයක් ලබාගත හැකි නිර්වචනයක් කාන්, මැක්නිවන්, සහ මැක්නොවුන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. මෙම නිර්වචනයේ ඇති වැදගත්කම වන්නේ ක්‍ෂුද්‍ර මට්ටම සහ සාර්ව මට්ටම යන මට්ටම් දෙකෙහිම දේශපාලනය අවබෝධ කර ගැනිමට එයින් පිටුබලයක් ලැබිමය. ඔවුන් දක්වන පළමු නිර්වචනය අනුව සාමාන්‍යයෙන් දේශපාලනයට බලය, අණදීම, අධිකාරය සහ පාලනය වැනි සංකල්ප ඇතුළත් රාජ්‍යයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය වටා සිදුවන සියලුම ක්‍රියාවලි ඇතුළත් වේ. මේ අනුව දේශපාලනය යනු <B>බලය හෝ බලයේ මොනයම් ආකෘතියක් නැතහොත් ප්‍රවර්ගයක් හෝ අන්තර්ගත වන ක්‍රියාවලියක් සිදුවීමක්''' '''නොහොත්සිදුවීමක්නොහොත් සම්බන්ධතාවයක් වේ.</B>ඔවුන් දක්වන දෙවන නිර්වචනය අනුව බලය සහ අධිකාරිය ඇතුළත් වු ඕනෑම මට්ටමක මානව සම්බන්ධතාවයක දේශපාලනය අන්තර්ගත වේ.
 
 
"https://si.wikipedia.org/wiki/දේශපාලන_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි