"ජෝර්ජ් බර්නාඩ් ෂෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Modifying: ta:ஜார்ஜ் பெர்னாட் ஷா; cosmetic changes
No edit summary
16 පේළිය:
}}
 
ජෝර්- කාර්ෂෝ සහ ලුයින්ඩා එලිසබැතඑලිසබත් ගර්ලි නම් යුවලට දාව උපන් බර්නාඩ් ෂෝ නම් වූ දරුවා සාහිත්‍ය, සංගීත, කලා නිර්මාණකරණයට දැවැන්තයකු වූ බවත්, විශ්ව සාහිත්‍යයේ සුප්‍රකට අයකු බවට පත්වූ වගත්, පැවසුවහොත් එය නිබෙරුවකි. මොහු උපන්නේ අයර්ලන්තයේ ඩර්ලින් නමැති නගරයේය. ඒ 1856 ජුලි 26 දාය. ජෝර්- කාර්ෂෝ යනුවෙන් හැඳින්වූ පියාගේ නමේ මුල් වචනය එකතුකර මොහුට ජෝර්- බර්නාඩ් ෂෝ යනුවෙන් මුලදී ව්‍යාවහාර කෙරනුද පසුව බර්නාඩ් ෂෝ යනුවෙන් ප්‍රසිද්ධියට පත්වූයේය.
 
ගර්ලි මව සංගීත ශිල්පිනියක්‌ වූ අතර නාට්‍ය චිත්‍ර කලාවන් කෙරෙහිද ඒ ක්‍ෂේත්‍රයේම රැඳීමට වරම් හිමිවිය. හුදෙක්‌ ඒ මවගෙන් ලැබුණු ආභාෂය නිසා විය හැකිය. මීට අමතරව මවගේ සහෝදරයා නොහොත් බර්නාඩ් ෂෝ ගේ මාමා ගෙන්ද උසස්‌ ඝනයේ සාහිත්‍ය කෘති කියවීමට ඔහුට ඉඩ ප්‍රස්‌ථාව සැලසුනි.
 
== තරුණවිය ==
 
ළමාවියේ දී මවගේ රැකවරණය යටතේ අධ්‍යාපන කටයුතු කරමින් තරුණවියට පා තබන්ට දහසය වැනි වියේදී (16) එනම් 1872 දී පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක කාර්යාලීය ලිපිකරුවෙකු හා කැෂියර්වරයකු වශයෙන් කාලයක්‌ සේවයේ නිරත විය. වසර 04 ක්‌ ගතවන විට ඔහුට රැකියාවට ආයුබෝවන් කීමට සිදුවිය. රැකියාව අත්හැරීමට සිදුවූයේ තම මෑණියන්ට ලන්ඩන් නගරයේ පදිංචියට යැමට සිදුවීම නිසාය. මෙම ගමනට බර්නාඩ් ෂෝ මෙන්ම තම සහෝදරියද එක්‌වූහ. බර්නාඩ් ෂෝ ලන්ඩන් නගරයේ රැකියාවක්‌ සොයා ගැනීමට කොතෙකුත් උත්සහා දැරුවද එය නිෂ්ඵල වූයේය. අනතුරුව ඔහු පුස්‌තකාල සේවා මධ්‍යස්‌ථානයට බැඳී එහි පොත්පත් කියවීමට කාලය මිඩංගු කළේය. දක්‍ෂ ලේඛකයන් විසින් රචිත උසස්‌ කෘති කියවීමට ඔහු වඩාත් රුචි වූයේය. පොත්පත් කියවන ගමන් මුලින් නවකතා කීපයක්‌ නිර්මාණය කළද ඒවාට එතරම් ප්‍රතිචාරයක්‌ නොලැබුණ අතර ප්‍රකාශකයන් පවා ඒවා මුද්‍රණය කිරීමට මැලිවීම බර්නාඩ් ෂෝ ගේ කනස්‌සල්ල වැඩිවීමට හේතුවක්‌ විය. එහෙත් උත්සහය නතර නොකළ ඔහු තව තවත් ලීවේය. පුවත්පත් වලට බොහොමයක්‌ ලියූ ලිපි ප්‍රතික්‍ෂ්ප වූ අතර ඇතැම් ලිපි සඳහා ඉඩකඩ ලැබිණි. උත්සහය නතර නොකළ ඔහු තව තවත් පුවත්පත් සඳහා ලිපි ලීවේය. මේ සඳහා සොච්චම් මුදලක්‌ ඔහුට ලැබිණි. පුවත්පත් කෙරෙහි වැඩි කැමැත්තක්‌ දැක්‌වීම නිසා යහලුවකුගේ මාර්ගෝපදේශකත්වයෙන් "ද ස්‌ටාර්" (the star) නමින් වූ පුවත් පත් ආයතනයේ රැකියාවක්‌ ලැබීය. මේ කාලය තුළ බර්නාඩ් ෂෝ ගේ ජීවිතය පුදුමසහගත විය. අන්දමන්දව, අතන මෙතන ඇවිද ඉබාගාතේ අවිචාරවත් අයුරින් කටයුතු කිරීම ඔහුට රස්‌තියාදුකාරයකු මෙන් දැනිනි ප්‍රමාණවත් පරිදි අතට මුදලක්‌ නොලැබීම ඊට හේතුවක්‌ වූවා වියහැකිය. කෙසේ නමුත් තිර අදිටනින් තම මූලික අපේක්‍ෂා ඉටුකරගනු වස්‌ උත්සහය අත් නොහැරියේය.
 
== නාට්‍ය විචාරක ==
 
මොහු ද ස්‌ටාර් (The Star) නැමති පුවත්පත් ආයතනයේ සේවය කරමින් සිටියදී " ද වර්ල්ඩ්" (The world) නමින් වූ පුවත්පතකට ලිපි සැපයීමෙන් තම නම ජනප්‍රිය තත්ත්වයට පමුණුවා ගත්තේය. ද සැටඩේ රීවීම් (The Saturday Review) නම්වූ පුවත්පතක නාට්‍ය විචාරකයකු ලෙසද කටයුතු කරමින් සිටියදී නාට්‍ය කෙරෙහිද, ඒවායේ නිර්මාණ කාර්යන් ගැනද කියාත්මක විය. ප්‍රකට නාට්‍ය කරුවකු මෙන්ම, ලේඛකයකු හා නිදහස්‌ චින්තකයකු ලෙස බර්නාඩ් ෂෝ ඉහළින් කැපී පෙනීමට දක්‍ෂයෙකු වූයේ " ද සැටඩේ රීවීව් " පුවත් පත මගින්ය.
 
== කථා ශෛලීය ==
 
මෙවන් පරිසරයක්‌ තුළ මොහු "ෆේබියන්" යනුවෙන් වූ සංගමයකට බැඳී එහි සාමාජිකත්වය ලබා ගත්තේය. මෙය සිදුවුණේ 1884 වර්ෂයේදීය. උගත් ප්‍රභූන් අතර සමාජවාදය පිළිබඳ දේශන පැවැත්වීමට තරම් මොහු දක්‍ෂ කථිකයකු වූයේය. මොහුගේ කථා ශෛලීය ප්‍රේක්‍ෂක සිත්ගත් බව පැවසේ. හාස්‍ය දක්‌වන කථා කීමට දක්‍ෂ වූ මොහු අසා සිටින්නන්ගේ සිත් ඇද බැඳ තබා ගත්තේය. සමාජයේ උස්‌මිටි තැන් විවේචනය කරමින් සමාජ සුධාරකයකු ලෙස පෙනී සිටියේය.
 
Line 29 ⟶ 35:
 
සීසර් සහ ක්‌ලියෝ පැට්‌රා, ඇපල් කාට්‌, පිග් මැලියන් (CAESAR AND CLEOPATRA,APPLE CART,PYGMALLION) වැනි නාට්‍ය කෘති වලට ඉමහත් ප්‍රසාදයක්‌ ලැබුණි. පිග් මැලියන් නම් වූ නාට්‍ය සංගීතමය චිත්‍රපටයක්‌ බවට මයි ෆොයාර් ලේඩි (MY FAIR LADY) යනුවෙන් පෙන්වන ලදී. මෙම චිත්‍රපටයට ඹස්‌කාර් සම්මාන තිබූ වගක්‌ද කියෑවේ.
 
== සහකාරිය ==
 
1856 වසරේදී උපත ලබා වර්ෂ 94 ක්‌ ජීවත්ව සිටි මෙම වියතා විවාහ වූයේ වයස අවුරුදු 42 දීය. මොහුගේ සහකාරිය වූයේද අයර්ලන්ත ජාතික කතකි. ඇය නම් චාලට්‌ ටවුන් ෂෙන්ඩිය. මැය ඉතා ධනවත් පවුලකට අයත් වූවාය. බර්නාඩ් ෂෝ ආහාර සඳහා මස්‌ මාංශ අනුභවයෙන් හා මත්පැන් පානයෙන්ද වැළකී සිටියේය. යහපත් දිවිපෙවෙතක්‌ ගත කිරීම නිසා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටියේය. සාහිත්‍ය කලාව, නාට්‍ය නිර්මාණකරණයන් වෙනුවෙන් කරන දල සේවයට පැසසුම් කරනු වස්‌ හා මයි පෙයාර් ලේඩි චිත්‍රපටය සඳහාද නොබෙල් සාහිත්‍ය සම්මානය ලබාදුන් නමුත් ඔහු එකී සම්මානය ප්‍රතික්‌ෂේප කළේය. එපමණක්‌ නොව බ්‍රිතාන්‍ය රජය විසින් ප්‍රධානය කරන ලද ඉහළම සම්මානය වූ ˜ඩර් මෙරිට්‌ (ORDER OF MERIT) නම් වූ ඉහළ නිලයද ලබා නොගත්තේය.
 
"https://si.wikipedia.org/wiki/ජෝර්ජ්_බර්නාඩ්_ෂෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි