"විලියම් බ්ලේක්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{අනාථ ලිපිය}}
 
 
 
විලියම් බ්ලේක් - 1807 දී තෝමස් පිලිප්ස් විසින් කරන ලද චිත්‍රයක්.
 
 
උපත 1757නොවැම්බර් 28
එංගලන්තයේ ලන්ඩන්හිදී
 
මිය ගියේ 1827 අගෝස්තු 12 (අවු 69)
එංගලත්නයේ ලන්ඩනයේදී
 
වෘත්තිය කවියෙකි, චිත්‍ර ශිල්පියෙකි. Print Maker
 
Line 15 ⟶ 10:
විලියම් බ්ලේක් (1757 – 1827) ඉංග්‍රිසි කවියෙකි. චිත්‍ර ශිල්පියෙකි Print Maker. ඔහු ජීවත්ව සිටියදී හඳුනා නොගත්තේ වුවද වර්තමානයේදි බ්ලේක්ගේ කෘතින් කාව්‍යමය සහ චිත්‍ර කලාව සම්බන්ධයෙන් බොහෝ සෙයින් අගය කරනු ලැබේ. ඔහුගේ චිත්‍ර කලා නිපුණත්වය පිළිබඳ නවීන විචාරකයින් පවසන්නේ “බ්‍රිතාන්‍යය විසින් මේ දක්වා බිහි කර ඇති ශ්‍රේෂඨතම කලාකරුවා” ව‍ශයෙනි. ඔහුගේ ජීවිත කාලය පුරාවටම ලන්ඩනයෙන් පිට දිනකට වඩා වැඩි දුරක් ගියේ එක් දිනක් පමණක් වුවත් ඔහුගේ නිර්මාණශීලීත්වය විසින් දේවත්වය හෝ මානව පැවැත්ම පිළිබඳ හැඟිම් වැළඳගත් විවිධාකාර හරවත් ලේඛණ සමූහයක් බිහි කරනු ලැබීය.
 
ඔහුගේ අසාමාන්‍ය ගති පැවතුම් නිසා උමතු යයි සළකනු ලැබු බ්ලේක් වර්තමානයේ ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීම සහ නිර්මාණශීලීත්වය යටින් දිවෙන දර්ශනය පිළිබඳ ගුප්ත අදහස් සම්බන්ධයෙන් අගය කරනු ලැබේ. ඔහුගේ කාර්යයන් රොමැන්ටික ව්‍යපාරයක කොටසක් ලෙස වර්ග කරනු ලැබ ඇත. එයට හේතුව 18 වෙනි ශත වර්ෂයේ එය වැඩි වශයෙන් පෙනුනු කරුණක් වීමයි. බයිබලයේ ඉගැන්වීම් වලට පක්ෂපාති නමුත් පවතින පල්ලියේ ඉගැන්වීම් වලට සතුරු වූ බ්ලේක් ප්‍රංශ සහ ඇමෙරිකානු විප්ලවයේ පරමාර්ථවලින් පෝෂණය ලැබුවේය. එ‍ෙමන්මඑමෙන්ම එම්මානුවෙල් ස්වීඩන්බොර්ග් වැනි චින්තකයින්ගේ අදහස් වලින්ද පෝෂණය ලැබුවේය.
 
මෙම හඳුනාගත් කරුණු වලට අමතරව බ්ලේක්ගේ කෘතිවල ප්‍රතිභාව සහ විශිෂ්ඨත්වය වර්ග කර පෙන් වීම අසීරු වී ඇත. 19 වෙනි සියවසේ එක් උගතෙකු “බ්ලේක් කීර්තිමත් ප්‍රසිද්ධ උගතෙකි. කලින් කිසිවෙකු නොකළ, සමකාලීනයන්ට අසමාන, අනුප්‍රාප්තිකයින්ට ඒ තැන ගැනීමට නොහැකි ආකාරයේ පුද්ගලයෙකි.
 
"https://si.wikipedia.org/wiki/විලියම්_බ්ලේක්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි