"ඉන්දියානු නිදහස් ජාතික ව්‍යාපාරය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
No edit summary
No edit summary
[[වස්කෝ ද ගාමා]] නමැති පෘතුගීසි නාවිකයා විසින් ක්‍රි.ව. 1498දී ඉන්දියාවේ[[ඉන්දියාව|ඉන්‍දියාවේ]] [[කැලිකට් නගරය]]ට සම්ප්‍රාප්ත වී‍මෙන් පසු බටහිර ජාතීන්ට ද ඉන්‍දියාව විවෘත විය. නමුත් ටික කාලයකදී යුරෝපා ජාතීහු ඉන්‍දීය දේශපාලන කටයුතුවලට ද මැදිහත් වූහ.
[[පෘතුගීසි]], [[ලන්‍දේසි]] හා [[ප්‍රංශ]] ජාතිකයෝ ඇතැම් පෙදෙස්වල බලය ව්‍යාප්ත කළ අතර ක්‍රි.ව. 1498 වනවිට මුළු ඉන්‍දියාවේ මැ විශාල ප්‍රදේශයක බලය පිහිටුවා ගැනීමට [[බ්‍රිතාන්‍ය]]යෝ සමත් වූහ.
 
 
=ඉන්‍දියාව දෙකඩ වෙයි=
:ඉන්‍දියාවේ මුස්ලිම්වරුන්ට වෙන ම රාජ්‍යයක් අවශ්‍යය යන දර්ශනය [[මෙහොමඩ්මොහොමඩ් අලිජින්නා]] මහතාගේ අදහස විය. හේ මුස්ලිම්වරුන්ට වෙන ම නිජබිමක් ඉල්වා සිටියේ ය. එම නිජබිම‍ට පන්ජාබය, වයඹ දිග දේශසීමා ප්‍රදේශ, කාශ්මීරය, සින්ඩ් යන ප්‍රදේශ අයත්විය යුතු බව යෝජනා කෙරිණි. මෙම නිජබිම පිළිබඳ මුල්ම අදහස ඉදිරිපත් කරන ලද්දේ '''මොහොමඩ් ඉක්බාල්''' නමැති කවියා විසිනි.
 
මෙම ප්‍රශ්නය විසඳීම‍ට බ්‍රිතාන්‍යයෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සැලැස්මක් ද සමග සර්ශ්‍රීමත් ස්ටැෆර්ඩ් ක්‍රිප්ස් ඉන්‍දියාවට එවන ලදී.
නමුත් ඉන්‍දියා ජාතික කොන්ග්‍රසය හා මුස්ලිම් සංගමය විසින් මෙය ප්‍රතික්‍ෂේප කළහ. මුස්ලිම් සංගමය [[පකිස්ථානය]] නමින් වෙන ම රටක් ඉල්වීය.
මේ තත්‍වය යටතේ බ්‍රිතාන්‍යයන් මෙරටින් එලවා දැමීම සඳහා මහත්මා ගාන්‍ධි විසින් ඔහුගේ ප්‍රබලත ම ව්‍යාපාරය වූ "ඉන්‍දියාවෙන් ඉවත් වෙනු" යන්න ඇරැඹී ය. මුස්ලිම්වරුන් සඳහා ශ්‍රීමත් රාජගෝපාලචාරි විසින් සැකැසූ සැලැස්ම‍ට එකඟ වන සේ ගාන්‍ධි කීව ද අලිජින්නා එය ප්‍රතික්‍ෂේප කළේ ය. සිම්ලා සම්මේලනය ද මේ දෙපිරිස එකලස් කිරීමට සංවිධානය වුව ද එය අසාර්ථක විය.
 
ඉන්‍දියානු නිදහස් සටන සඳහා [[සුභාස් චන්ද්‍රබෝස්|සුභාස් චන්‍දුබෝස්]]ගේ සේවය ද අමතක කළ නොහේ.
 
=ඉන්‍දියාවට නිදහස ලැබෙයි - පාකිස්ථානය බිහිවෙයි=
:ඉන්‍දියාවට නිදහස ලබාදීම‍ට පොරොන්‍දුවූ කම්කරු පක්‍ෂය බ්‍රිතාන්‍යයේ බලයට පත්වූ අතර ඔවුන් ක්‍රි.ව. 1946 ඉන්‍දියානු ප්‍රශ්නය විසඳීමට කැබිනට් දූත පිරිසක් එවූව ද ඔවුන්ගේ යෝජනා අනුව පාකිස්ථානය පිහිටුවීමේ යෝජනාවට අලිජින්නා දැඩිව අකැමැති විය. එනිසා රාජ කුමාරවරුන් සතුව පැවති ප්‍රදේශ එකතු කර එක්සත් ඉන්‍දියාවක් ගොඩනැගීමට ප්‍රාන්තවලට ස්‍වයංපාලන බලතල දිනි.
මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට තාවකාලික ආණ්ඩුවක් අවශ්‍ය වූ අතර එහි තනතුරු ලබාගැනීමට මුස්ලිම් සංගමයට ආරාධනා කළ ද එය ප්‍රතික්‍ෂේප විණි. මේ තත්‍වය යටතේ ඉන්‍දියාව පුරා ම ජාති භේදවාදී කැරලි ඇතිවිය.
ක්‍රි.ව. 1948 ජුනි මසට ප්‍රථම මෙය නිරාකරණය කිරීමට බ්‍රිතාන්‍ය අගමැති [[ක්ලේමන්ට් ඇට්ලි]] සාමිට අවශ්‍ය විණි. එපරිද්දෙන් ඉන්‍දීය ප්‍රතිරාජයා ලෙස [[මවුන්ට් බැටන් සාමි]]වරයා පත්කොට එවන ලදී.
එහිදී ඔහු සිය සැලැස්ම ඉදිරිපත් කරන ලදී. මොහොමඩ් අලිජින්නාගේ මුරණ්ඩු ක්‍රියාකලාපය නිසා ඉන්දියාව දෙකඩ වන බව හේ කියා සිටියේ ය. ඒ අනුව,
 
'''ක්‍රි.ව. 1947 අගෝස්තු 14 දින පකිස්ථානය උපත ලැබී ය.'''<br />
 
'''ක්‍රි.ව. 1947 අගෝස්තු 15 දින ඉන්‍දියාවට නිදහස ලැබිණි.'''
 
ක්‍රි.ව. 1950 ජනවාරි 26 දින සිට ඉන්‍දියාවේ නව [[ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව]] ක්‍රියාත්මක විය. එතැන් සිට ඉන්‍දියාව පරමාධිකාරී බලය සහිත ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවක් බවට පත්වීය.
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/109599" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි