"දේශපාලන විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
26 පේළිය:
==දේශපාලන විද්‍යාව පිළිබඳව ඉදිරිපත් වී ඇති නිර්වචන==
[[ඇරිස්ටෝටල්]] දේශපාලනය හඳුන්වන්නේ අධිපති විද්‍යාව වශයෙනි. කේ. ලෝසන් දක්වන පරිදි දේශපාලනය සාමුහික මානව ක්‍රියාකාරකම් සංවිධානය කිරීමේ ක්‍රමෝපායක් වේ. ඔහු පවසන අන්දමට මෙවැනි සාමුහික මානව ක්‍රියාකාරකම් සඳහා සංවිධාන ගත වු වඩාත් සංකීර්ණ ආකෘති වශයෙන් ඉපැරණි නගර රාජ්‍ය, අධිරාජ්‍ය, ජාතික රාජ්‍ය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැක්විය හැකිය.
 
 
පුළුල් ආකාරයෙන් බැලු විට දේශපාලනය සෑම මනුෂ්‍ය අන්තර්ක්‍රියාකාරිත්වයකම අනිවාර්ය කොටසක් බව පෙනී යයි. දේශපාලනයට ඇති සරළ නිර්වචනයක් අනුව දේශපාලනය යනු හිඟ සම්පත් බෙදා වෙන් කිරීමේ ක්‍රමෝපායක් වේ. එහෙත් මෙවැනි නිර්වචනයකින් ආණ්ඩුවක් සහ නීතියක විෂය ප්‍රදේශයෙන් වෙන්වු සාමාන්‍ය ක්‍රියාකාරකම් පමණක් ගම්‍ය විය හැකි බැවින් එය සම්පුර්ණ නිර්වචනයක් වශයෙන් සැලකිය නොහැකිය. දේශපාලනය පිළිබඳ අද අපගේ පිළිගැනිම් සකස් වන්නේ නුතන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයකදී පුද්ගලයාගේ සමාජීය චර්යාව පදනම් කරගෙනනය. එහෙත් එෆ්.ජේ. බාර්න්ස්, එම්. කාර්ටර්, ජේ.එම් ස්කිඩ්මෝ යන දේශපාලන විද්‍යාඥයින් දක්වන පරිදි පරම රාජාණ්ඩු ක්‍රමයකදී සිටින පහත්ම යටත් වැසියාට වුවද ‍දේශපාලන ජීවිතයේ යම් භූමිකාවක් ඇත.
 
 
[[ඇන්ඩ්රූ හේවුඩ්]], ‍දේශපාලනය පිළිබඳ විශ්ලේෂණාත්මකව බැලීම සඳහා අපගේ අවධානය යොමු කරවයි. ඔහු දක්වන පරිදි දේශපාලනය යනු බලය නැතහොත් අධිකාරිය භාවිතා කිරීම හෝ හිඟ සම්පත් බෙදා වෙන් කිරීම හෝ වේ. එහෙත් මේ සියල්ලටම වඩා දේශපාලනය ක්‍රියාවක් වශයෙන් හඳුනාගත යුතු බව ඔහු පවසයි.දෙවනුව දේශපාලනය යනු සාමාජීය ක්‍රියාකාරකමකි. දේශපාලනය ඉස්මතු වන්නේ පුද්ගල අන්තර් ක්‍රියාකාරකම් මගින්ය. බලය මුලික කොටගෙන සිදුවන පුද්ගල අන්තර් ක්‍රියාකාරකම් වලින් දේශපාලනය ප්‍රකාශයට පත් වේ. තෙවැනි ලක්‍ෂණය නම් දේශපාලනය මත අවශ්‍යතා අභිලාශ යන සාධක වල විවිධත්වය මඟින් ජනිත වීමය. මේ විවිධත්වය ඍජුවම ගැටුම් වලට හේතුවිය හැකිය.
"https://si.wikipedia.org/wiki/දේශපාලන_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි