"ඇප‍ලෝ 8 - සැලසුම් කිරිම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
1967 සැප්තැම්බර් මාසයේ දී ටෙක්සාස්හි හූස්ටන් නුවර පිහිටි මිනිසුන් රැගත් අභ්‍යවකාශ යානා සදහා මධ්‍යස්ථානය විසින් චන්ද්‍රයා මතට මිනිසුන් ගොඩබැස්වීම සදහා ව්‍යාපෘති දාමයක් යෝජනා කරන ලදි. එකිනෙකට සම්බන්ධ පියවර හතකින් යුත් ව්‍යාපෘති 7 ක් ඊට ඇතුලත් විය.
 
Line 11 ⟶ 10:
 
අපලෝ 4 හා 6 'A' ගණයේ මෙහෙවරක් වූ අතර එමගින් පෘථිවි කක්ෂයට මිනිසුන් රහිත කමාන්ඩ්/සර්විස් මොඩියුලයක් ගොඩබස්වන ලදි. 1968 ඔක්තෝබර් මාසයේ දී ඇපලෝ 7 හි කාර්යභාරය 'C' ගණයට අයත් වූ අතර එමගින් මිනිසුන් සහිත CSM පෘථිවි කක්ෂය වටා ගමන් කරවීමට නියමිත විය.
 
ඇපලෝ CSM හි රැපසටහන (නාසා)
 
මීළග පියවර තීරණය වුයේ චන්ද්‍ර මොඩියුලයේ සුදානම මතය. නියමිත කාලයට එය නිමකර ගත නොහැකි වූ අතර 1968 ජුනි මාසයේ දී ප්‍රථම මොඩියුල ඉදිරිත් විය. එහි දී මොඩියුලයේ දෝෂ හදුනාගැනුනු බැවින් 1969 පෙබරවාරි වන තුරැතුරු එය නිමකරගත නොහැකි විය. එබැවින් 'D' පියවර ප්‍රමාද වු අතර 1969 අවසන් වන්නට ප්‍රථම සදමතට ගොඩ බැසීමට තිබුනු අරමුණට අනතුරක් එල්ල විය.
 
ඇපලෝ අභ්‍යවකාශ වැඩ සටහන් කාර්යාලයේ කලමණාකරැ ජොර්ජ් ‍ලෝ නැමැත්තා විසින් මෙයට විසදුමක් යෝජනා කලේ 1968 අගෝස්තු මාසයේ දීය. CSM මොඩියුලය, LM මොඩියුලලයට මාස 3 කට පෙර සුදානම් වන බැවින් 1968 දෙසැම්බර් මාසයේදි CSM පමණක් අභ්‍යාවකාශගත කිරීමට මෙහිදී යෝජනා වුනි. 'e' පියවරෙහි ඇතිපරිදි ඇප‍ලෝ 7 ගුවන් ගත කරනු වෙනුවට චන්ද්‍රයා වෙත CSM පමණක් යැවිය හැකි බව ඔහුගේ අදහස විය. 'F' පියවරෙහි එන ඇපලෝ 10 මගින් චන්ද්‍රයා මතට යානා ගොඩ බැස්වීමේ ක්‍රියාවලියද මේ පියවර සමගම ක්‍රියාත්මක කළ හැකි බ වද ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.
 
නාසා ආයතනයේ සෑම ජ්‍යෙෂ්ඨ කලමනාකරුවෙක් ම මීට එකග වූ අතර එකගකරවා ගැනීමට අපහසු වූ එකම පුද්ගලයා වුයේ නාසා හි පරිපාලක ජේමිස් ඊ වේබිය. කෙසේ නමුත් අවසානයේ දී ව්‍යාපෘතිය වෙනස් කිරිමට ඔහුද එකග වූ අතර එය මහජනයාට දන්වන ලද්දේ නොවැම්බර් 12 වන දාය. එනම් පෘථිවි කක්ෂය වටා ඇපලෝ 7 යානාව සාර්ථකව ගමන් කිරීමෙන් සති 3 කට පසුවය.
 
 
ව්‍යාපෘති පියවර වල වෙනසක් සමතම යානා කාර්යමණ්ඩලයේ වෙනසක් කිරීමට ද සිදුවිය. මේ අනුව ඇපලෝ 8 යානාවේ අණ දෙනු නිළදාරියා ලෙස බෝමන් නැමැත්තා පත් කෙරුණි.
"https://si.wikipedia.org/wiki/ඇප‍ලෝ_8_-_සැලසුම්_කිරිම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි