"තාත්වික සංඛ්‍යා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
12 පේළිය:
තාත්වික සංඛ්‍යාවක් සංඛ්‍යාංකවල අවනතිය පෙන්වන ඇල්ගොරිතමක් ඇත්නම් එය ගණන් කළ හැකි තාත්වික සංඛ්‍යාවක් යැයි කියනු ‍ලැබේ. මක් නිසාදයත් ඇල්ගොරිතම ඇත්තේ ගණන් කළ හැකි ප්‍රමාණයක් පමණක් වන නිසාවෙනි. බහුතරයක් තාත්වික සංඛ්‍යා ගණනය කළ නොහැකි ප්‍රමාණයක් ඇත. යම් අභිසංස්කරණ මත තාත්වික සංඛ්‍යා ගණනය කළ හැක. නිශ්චිත සංඛ්‍යා කුලකය පුළුල් වන නමුත් එහි ඇත්තේ ගණනය කළ හැකි ප්‍රමාණයක් පමණි.
 
පරිගණක මගින් තාත්වික සංඛ්‍යා ආසන්න කිරීම් පමණක් කළ හැකිය. ප්‍රධාන වශයෙන් එය තර්කාන්විත උපකුලකයක් විය හැක. '''ඉපිලුම් ලක්ෂ්‍ය සංඛ්‍යා''' හා '''අචල ලක්ෂ්‍ය සංඛ්‍යා''' යන මේ පරිමේයයන් ආසන්න අගයට සන්නිකර්ෂණය කොට ලබා ගනී. අභිමත යථාර්ත්‍ය අංක ගණිතය, අභිමත පරිමේය සංඛ්‍යා නිරූපනය කරන එක් ක්‍රමවේදයකි. නමුත් එය වැඩි වශයෙන් සැකසුම් ලේඛණයේ විශාලත්වය හා නිරවද්‍යතාව මත බිට් ගණනක් තීරණය වේ. මෙම පරිමේය අගයනට අමතර වශයෙන් පරිගනක වීජීය ක්‍රමවේද වලින් අපරිමේය සංඛ්‍යා ඒවායේ වීජීය පැහැදිලි කිරීම මත එනම් ආසන්න කිරීමකින් තොරව ලබා ගත හැක.( උදා - 2හි වර්ගමූලය ) ඇපල් ස්ක්‍රිප්ට් වැනි සමහරක් ක්‍රමලේඛණ භාෂාවන් මගින් ප්‍රධාන සංඛ්‍යාත්මක දත්ත වර්ග පැහැදිලි කිරීමට තාත්වික භාවිතා කරයි.
 
පරිපූර්ණ සංඛ්‍යා කුලකය නිරූපණය කිරීමට ගණිතයේ දී '''R''' ලකුණ භාවිතා කරයි. (හෝ 1R හෝ තද R ) Rn සලකුණ මගින් n - මාන ප්‍රමාණ සහිත අවකාශයක් මෙම තාත්වික අංකයෙන් දැක්වේ. උදාහරණ වශයෙන් R3 ත්‍රිමාන අවකාශයක් ගන්නා පරිමේය අගයන් ඇති පරිමේය සංඛ්‍යා 3කින් සමන්විත වේ.
"https://si.wikipedia.org/wiki/තාත්වික_සංඛ්‍යා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි