"පෘථිවියේ හා සෙනසුරුවල ප්‍රමාණයන් පිළිබඳ දළ සංසන්දනයන්" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
අඩු ඝනත්වය, වේගවත් භ්‍රමණය, ද්‍රව තත්වය යන සංසිද්ධීන්හි සංයෝජනයක් ලෙස සෙනසුරු ධ්‍රැවවල දී පැතිලි වුණු සමකයේ දී ඉලිප්පී ගිය ගෝලීය ස්වරූපයක් සහිත ග්‍රහ වස්තුවකි. එහි ධ්‍රැවීය හා සමක අරයන් 10% ක වෙනසක් දක්වයි. එනම් 60268 km හා 54364 km වේ. වෙනත් වායුමය ග්‍ර‍හලෝක ද ධ්‍රැවවලදී පැතිලි වුව ද ඒ සුළු ප්‍රමාණයන් ගෙනි. ජලයට වඩා ඝනත්වය අඩු සෞරග්‍රහ මණ්ඩලයේ එකම ග්‍රහලෝකය සෙනසුරුය. එහි හරය ජලයට වඩා ඝනත්වය 0.69 g/cm³ වන්නේ එහි වායුමය වායුගෝල‍ය නිසාය. සෙනසුරුට වඩා 20%ක් වුව ද සෙනසුරු පෘථිවි ස්කන්ධ 9ක් පමණි.
 
 
සංඝටනාව
 
සෙනසුරුගේ බාහිර වායුගෝලය 93.2% අණුක හයිඩ්‍රජන් ද 6.7% හීලියම් ද අඩංගු කරගත් ඇමෝනියා, ඇසිටලීන්, එතේන් , පොස්පීන් හා මෙතේ‍න් අංශු මාත්‍රයන් ද හඳුන්ගෙන ඇත. සෙනසුරුගේ ඉහල වළාකුළු ඇමෝනියා ස්ඵඨිකවලින් සමන්විත වුව ද පහල වලාකුළු ජලයෙන් හෝ NH4SH වලින් සමන්විත බව හඳුනාගෙන ඇත. හිරුගේ මූලද්‍රව්‍ය බහුලත්වය හා සසඳන කළ සෙනසුරු පැහැදිලිවම හීලියම් ඌනතාවයකින් පෙලේ.
 
හීලියම්ට වඩා බරින් වැඩි මූලද්‍රව්‍ය ප්‍රමාණයන් නිශ්චිතව දැන නොසිටිය ද මූලද්‍රව්‍ය අනුපාතයන් සෞර ග්‍රහ මණ්ඩලයට අදාල ප්‍රාථමික සුලභතාවයන් හා ගැලපේ. මෙම මූලද්‍රව්‍ය සියල්ලේම මුළු ස්කන්ධය පෘථිවිය මෙන් 19 – 31 වාරයක් ලෙස ගණන් බලා ඇති අතර සැලකිය යුතු ප්‍රමාණයක් හරයේ පවතී.
 
 
සෙනසුරු උෂ්ණත්ව විමෝචනයන්
 
සෙනසුරුගේ අභ්‍යන්තර ව්‍යුහය පිළිබඳ ඉතා සුළු සෘජු තොරතුරු ප්‍රමාණයක් පැවතිය ද එය බ්‍රහස්පතිගේ අභ්‍යන්තරය මෙන් හයිඩ්‍රජන් හා හීලියම්වලින් වටවුණු පාෂාණමය අභ්‍යන්තරයක් ලෙස උපකල්පනය කෙරේ.
 
වලාකුළු ස්ථර
 
වළාකුළු ස්ථර
 
සෙනසුරු අවකාශීය දෛනික වායුගෝලය බ්‍රහස්පති මෙන් පටි අකාරයක් දක්වයි. (නාමකරණය සමාන‍වේ) නමුත් සෙ‍නසුරු වළලු වඩාත් ළං වන අතර සමකය අසල දී පුළුල් වේ. පතුලේ දී -23 °C උෂ්ණත්වයක් ඇතිව 10 km දක්වා විහි දේ. ස්ථර ජලීය අයිස්වලින් සමන්විතය. අනතුරුව -93 °C ඇතිව 50 km දක්වා විහිදෙන NH4SH අයිස් ස්ථර‍යක් ඇත. එයින් 80km ඔස්සේ -153 °C උෂ්ණත්ව ඇමෝනියා අයිස් වළාකුළු ඇත. වළාකුළුවලට 200 km - 270 km ඔබ්බෙහි වළාකුළු මුදුන් ස්ථර දිස්වන අතර H2 හා He වායු ගෝලය ද දක්නට ඇත. සෙනසුරු සුළං සෞරග්‍රහ මණ්ඩලයේ වේගවත්ම ඒවා වේ. වොයේඩර් දත්ත 500 m/s වේගවත් උච්චතම නැගෙනහිර සුළං පිළිබඳ අඟවා සිටී. වොයේජර් චාරිකා දක්වාම සෙනසුරුගේ පැහැදිලි වළාකුළු රටා නිරීක්ෂණය නොකෙ‍‍රෙනි. නමුත් ඉන්පසු ඒවා නිරීක්ෂණය කළ හැකි පෘථිවියෙහි වූ දුරේක්ෂය ගොඩනැඟිනි.
 
සෙනසුරුගේ බොහෝ දුරට ඒකකාරී වායුගෝලය දිගුකල් පවතින ඉලිප්සයන් හා වෙනත් බ්‍රහස්පතිට සමාන ලක්ෂණ දරයි. 1990 දී හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය විසින් වොයෙජර් චාරිකාවලදී දක්නට නොලද සෙනසුරුගේ සමකාසන්නයේ අතිවිශාල සුදු වළාකුළු දක්නට ලදී. 1994 දී තවත් සුළු කුණාටුවක් නිරීක්ෂණය කෙරිණි. අනන්‍ය කෙටිකල් පැවති සෑම සෙනසුරු වර්ෂයකට වරක් හෝ දළ වශයෙන් පෘථිවි වර්ෂ 30කට වරක්) සිදුවන සංසිද්ධිවලට උදාහරණ ලෙස 1990 කුණාටුව විශාල සුදු ලපයක් ලෙස දක්නට ලැබිණි. එකල උත්තරාර්ධ ගෝලයේ ගිම්හාන සූර්ය විෂුවය පැවතුණි. මින් පෙර විශාල සුදු ලප 1876 , 1903, 1933 හා 1960 දී වඩාත් ප්‍රචලිතව දක්නට ලැබුණු අතර ආවර්තිතාව දිගින් දිගටම පැවතුන හොත් 2020 දී යළි ඇති වනු ඇත.
 
කැසිනි අභ්‍යාවකාශ යානයෙන් ගත් මෑත කාලීන ඡායාරූප අනුව සෙනසුරුගේ උත්තරාර්ධ ගෝලය යුරේනස් මෙන් දීප්තිමත් නිල් පැහැයෙන් දක්නට ලැබිණි. සෙනසුරු වළලු උත්තරාර්ධ ගෝලය අවහිර කරන බැවින් මෙම නිල් පැහැය පෘථිවියේ සිට දැක බලා ගත නොහැක. රැලේ අහඹු විසූරුම් මඟින් පැහැය ඇති වන බව පෙනේ.
 
අධෝරක්ත කිරණ යොදා ගනිමින් තාරකා විද්‍යාඥයින් තහවුරු කරන පරිදි සෙනසුරු සෞරග්‍රහ මණ්ඩලයේ එකම උණුසුම් ධ්‍රැවීය ....................... දක්වයි. සෙනසුරුගේ සාමාන්‍ය උෂ්ණත්වය --185 °C වුව ද උණුසුම් ලප ලෙස හැඳින්විය හැකි ධ්‍රැවීය ................. උෂ්ණත්වය -122 °C පමණ වේ.
78°N ප්‍රචණ්ඩ ෂඩාස්‍රාකාර තරංග රටාවක් වායුගෝලීය උතුරු ධ්‍රැව .................... හි දී පළමුවරට වොයේජර් රූප මඟින් නිරීක්ෂණය කෙරිනි. HST ඡායාරූපවලට අනුව දකුණු ධ්‍රැවය ජෙට් ප්‍රවාහ පැවතීමක් දක්නට ලැබුණ ද ශක්තිමත් ධ්‍රැවීය ....................හෝ ෂඩස්‍රාකාර ‍තරංග රටා දක්නට නොලැබිණි. නමුත් 206 නොවැම්බර් හි දී නාසා වාර්තා කළ අන්දමට කැසිනි අභ්‍යාවකාශ යානය කුණාටු සදිසි කැළඹීමක් දක්ෂිණ ධ්‍රැවයේ දුටු අතර එය පැහැදිලිව නෙත් ප්‍රාකාරයක් (eyewall) ලෙස හඳුනා ගැණුනි. මෙය සුවිශේෂී වන්නේ පෘථිවියේ හැර පිටස්තර ග්‍රහලෝකයක දී නෙත් ප්‍රාකර නිරීක්ෂණ නොකෙ‍රුණු බැවිනි. (බ්‍රහස්පති‍ගේ වියලි රතු ලපයේ ද නෙත් ප්‍රාකාරයක් දැක්වීමට ගැලීලියෝ අභ්‍යවකාශ යානය අසමත් විය.
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/109178" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි