"අඟහරු ග්‍රහලොව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
10 පේළිය:
 
 
සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් අතුරින් පෘථිවියට පසු වැඩිම යානා ගණනක් කක්ෂ ගත වී ඇත්තේ අඟහරු වටාය තවද ස්පිරිට් සහ ඕපර්ච්නිටි නමැති අඟහරු ගවේෂණ ‍යානා දෙකක් ද එහි පෘෂ්ඨය මත තිබේ. මේවායින් ලබා ගන්නා භූගෝලීය සාක්ෂි වලින් යෝජනා වන්නේ අඟහරු ග්‍රහයා මින් පෙර විශාල ලෙස ජලයෙන් වැසී තිබෙන්නට ඇති බවත් මෑත කාලයේ දී කුඩා ජල දහරා ඒ මත ඇති වී තිබෙන බවත් ය. NASA (නාසා) ආයතනයේ අඟහරු විශ්ව ගවේෂණය මගින් පෙනීගොස් ඇත්තේ දකුණු ධ්‍රැවයේ කොටසක ඇති ‍අයිස් තට්ටු අඩු වෙමින් පවතින බවය.
 
අඟහරු ග්‍රහයා සතුව ෆෝබොස් සහ ඩෙයිමෝස් නමින් චන්ද්‍රයන් දෙදෙනෙක් සිටී. මේවා අඟහරු වෙත හසුවුනු ග්‍රහකයන් විය හැකිය. පෘථිවියේ පියවි ඇසින් අඟහරු ග්‍රහයා දැකගත හැකි අතර එහි විශාලත්වය 2.9 ක් වේ. එහි දීප්තිමත් බව දෙවැනි වන්නේ සිකුරු ග්‍රහයාට, චන්ද්‍රයාට සහ සූර්යයාට පමණි. කෙසේ නමුත් බොහෝ අවස්ථාවල දී බ්‍රහස්පති ග්‍රහයා අඟහරු වඩා දීප්තිමත්ව පියවි ඇසට දිස් වේ.
"https://si.wikipedia.org/wiki/අඟහරු_ග්‍රහලොව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි