Content deleted Content added
31 පේළිය:
මෙම ශබ්දකෝෂ 2ම pillar යන්නට සිංහල වදන දී ඇත්තේ '''කුලුන''' (කුළුණ නෙවේ) ලෙසයි. ඔබ පවසන ( අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශිත පාරිභාෂික ශබ්ද මාලාත්, හරිස්චන්ද්‍ර විජයතුංගයන්ගේ ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂයත්, සිරිසේන මාඉටිපේගේ සංක්ෂිප්ත සිංහල ශබ්ද කෝෂයත්, සුමංගල ශබ්ද කෝෂයත්) ආදිය මට නැත. මා විසින් පිරික්සූ ශබ්දකෝෂ 2 නිවැරදි අක්‍ෂර වින්‍යාස ලබාදෙනු ඇතැයි මම උපකල්පනය කලෙමි. ඔබ පරිශීලනය කරන අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශිත පාරිභාෂික ශබ්ද මාලාත්, හරිස්චන්ද්‍ර විජයතුංගයන්ගේ ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂයත්, සිරිසේන මාඉටිපේගේ සංක්ෂිප්ත සිංහල ශබ්ද කෝෂයත්, සුමංගල ශබ්ද කෝෂය ලබාදීඇත්තේ '''කුළුණ''' ලෙසනම් මහා ගැටළුවක් පැනනගී. කරුණාකර මෙය විසඳාදෙන්න. [[පරිශීලක:Singhalawap|Singhalawap]]
:: ඔබේ මූලාශ්‍ර දැක්වීම ගැන ඉතා ම ස්තුතියි. ගැටලුවක් නැත. ඔබ නිවැරදි යි. ශබ්ද කෝෂ එසේ පවසන්නේ නම් කුලුනු යන්න යොදාගනිමු. එය විශ්වසනීය මූලාශ්‍රයකි. මා අතින් සිදු වූ ප්‍රමාද දෝෂය ගැන කමන්න. එහෙත් Five Pillars පිටුව සම්බන්ධයෙන් පැන නැඟි අනෙක් ප්‍රශ්නය එයාකාර ම ය. එනම් පංචස්තම්භ යන්න පංච කුලුනු යන්නට වඩා උචිත වීම යි. නොඑසේ නම් කුලුනු පහ වැන්නක් යොදාගනිමු. දැන් අදාළ පිටුව සිංහලෙන් තිබෙන නිසා අවශ්‍ය පිටුවකට එය බහාලීම කළ හැකි යි. මේ ගැන මූලාශ්‍ර සහිත ව ප්‍රතිචාර දැක්වීම ගැන නැවතත් ස්තුතියි --[[පරිශීලක:Anandawardhana|Anandawardhana]] 02:13, 3 ජූලි 2010 (යූටීසී)
:::kulunubara යයි කියන විට මොන kulunu ද? -- [[විශේෂ:දායකත්ව/112.135.222.143|112.135.222.143]] 04:04, 3 ජූලි 2010 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Anandawardhana" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි