"සම්මා සම්බුදුවරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
27 පේළිය:
 
==බුදුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ==
#*1. සුප්පතිට්ඨිතපාදතා
 
“සුපිහිටි පා ඇති බව“ තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාදවල පිහිටා ඇති මහා පුරුෂ ලක්ෂණයකි. මෙබඳු ලක්ෂණයක් ලැබීමට උන්වහන්සේ පෙර කළ කුශල කර්මය නම් කයින්, වචනයෙන් හා සිතින් සුචරිතයන්හි හා දාන ශීලාදී දශ කුශලයන්හි යෙදීම ද, දෙමව්පිය, සිල්වතුන්, ගුණවතුන්, කුලදෙටු ආදී වැඩිහිටියනට කළ යුතු සත්කාර උපස්ථාන ආදියෙහි යෙදීම හා සෙසු බුදු බව ලැබීමට සුදුසු කුශල ක්‍රියාවන්හි යෙදීම ද වේ.
37 පේළිය:
පෙර එබඳු උසස් පින්කම් කළ බවට සාක්ෂ්‍ය වශයෙන් උන්වහන්සේගේ සිරි පතුල් පොළොවෙහි මනාකොට පිහිටන බව නම් වූ “සුප්පතිට්ඨිතපාදතා” නමැති ලක්ෂණ ඇති විය. එබඳු සුචරිත ධර්මයන්හි යෙදීමේ කුශල විපාකයක් වශයෙන් අනුන් විසින් මැඩලිය නො හැකි උතුමෙක් වූ සේක. එය එම සුචරිත කර්ම විපාකය යි.
 
#*2. හෙට්ඨානි පාදතලෙසු චක්කානි ජාතානි
 
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයෙහි යටි පතුල්වල චක්‍ර ලක්ෂණ පිහිටා ඇත. “චක්කවරංකිතරත්තසුපාදො” යනුවෙන් යසෝධරා දේවිය සිය රහල් පුතණුවන් හට පැවසූ නරසීහ ගාථාවන්හි සඳහන් වන්නේ එම කරුණයි.
47 පේළිය:
යමෙක් සසර දී තමනුත් දන් දී අනුන් ලවාත් දන් දේ නම්, හෙතෙම උපනුපන් ආත්මවල දී භවභෝග සම්පත් හා යස පිරිවර සම්පත් ද ලබයි. යමෙක් තමන් තනිවම දන් දෙයි නම්, අනුන් ලවා දන් නොදේ නම් හෙතෙම භවභෝග සම්පත් කොතෙකුත් ලබන්නේ නමුත් යස පිරිවර සම්පත් කිසිවක් නොලබයි.
 
#*3. දීඝංගුලිතා
#*4. ආයතපණ්හිතා
#*5. බ්‍රහ්මුජ්ජුගත්තතා
 
දිග ඇඟිලි ඇති බව ද, දිග විලුඹ ඇති බව ද කෙළින් පිහිටි ශරීර ඇති බව ද යන මේ ලක්ෂණත්‍රය පහළ වූයේ පෙර ජාතිවල ප්‍රාණවධයෙන් හා සත්ව හිංසාවෙන් ද තොරව සියලු සත්ත්වයන්ට හිතානුකම්පීව විසීම නිසාය.
55 පේළිය:
බුදු දහම පිළිපදින බෞද්ධයෙකුගේ ලක්ෂණය බොහෝ සූත්‍රවල සඳහන් වන්නේ “සබ්බපාණභූතහිතානුකම්පී විහරති” යනුවෙනි. බුද්ධත්වයට පත්වූ පසුත් සසර පුරුදු පරිදි ඒ සමාන කර්ම කිරීමට හා කරවීමට රුචි විය. එහි විපාක වශයෙන් දීර්ඝායුෂ ඇත්තේ ද, සතුරන් විසින් නොනැසිය හැක්කේ ද වේ. මෙහි ‘බ්‍රහ්ම’ ශබ්දය යෙදී ඇත්තේ ශ්‍රේෂ්ඨාර්ථයෙහි ය.
 
#*6. සත්තුස්සදතා
 
තථාගතයන් වහන්සේගේ පිටිපතුල් දෙකත්, පිටිඅතුල් දෙකත්, උරහිස් දෙකත්, කරත් යන මේ සත් තැන මාංශ බහුලව පිරී තිබිණ. එයට හේතුව වශයෙන් ලක්ඛණ සූත්‍රයෙහි දක්වා ඇත්තේ පෙර ජාතිවල මිහිරි දේ දන්දීම ය.
63 පේළිය:
තුන් සිත පහදවා ගෙණ දන්දීම නිසා මනුෂ්‍ය සම්පත්තිය ද, දිව්‍ය සම්පත්තිය ද, නිවන් සම්පත්තිය ද යන ත්‍රිවර්ග සම්පත්තිය ම ලැබෙන බව බුදුහු වදාළහ. එමෙන් ම දන්දීම ආයුෂ වැඩෙන ආයු සංවත්තනික කුශල කර්මයක් ලෙස බුදු දහමෙහි ඉගැන්වේ.
 
#*7. මුදු තලුණ හත්ථපාදතා
#*8. ජාලහත්ථපාදතා
 
පෙර ජාතීන්හි දානය, පි‍්‍රයවදනය, අර්ථ චර්යාව, සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තුවෙන් මහජනතාවට සංග්‍රහ කිරීම නිසා මෘදු වූ තරුණ රතු පැහැති අතුල් පතුල් ඇති බව හා දැල් කවුළුවකට සමාන අත් පා ඇති බව යන ලක්ෂණ පහළ විය.
70 පේළිය:
බුදු වුණු ආත්මයේත් එබඳු කුශල කර්ම කිරීමට සිත් විය. එම කුශල කර්ම විපාක වශයෙන් දෙවි මිනිසුන් සහිත ලෝවැසියාගෙන් මැනවින් සංග්‍රහ ලබන මහ පිරිස් ඇත්තෙක් වූහ.
 
#*9. උස්සංඛපාදතා
#*10. උද්ධග්ගලොමතා
 
පෙර ආත්මභාවවල දී බොහෝ දෙනාට අර්ථ ධර්ම නිශි‍්‍රත වචනයෙන් කථා කරන නිසා පිරුණු ගොප් මසැති පා ඇති බව හා උඩුකුරු අග් ඇති රෝම ඇති බව යන ලක්ෂණ ඇති විය. එහි කුශල කර්ම විපාක වශයෙන් ගිහි වූයේ නම් කාමභෝගීන් අතර ශ්‍රේෂ්ඨ වේ. පැවිදි වූයේ නම් සියල්ලන්ට ම ශ්‍රේෂ්ඨ වේ.
 
#*11. එණිජංඝතා
 
පෙර ආත්ම භාවයන්හි දී මහජනතාවට ශිල්ප ශාස්ත්‍ර උගන්වා සුසිරිතෙහි යොදාලීම නිසා ඕලු මුවන්ගේ මෙන් කොණ්ඩා ඇති යන ලක්ෂණය පහළ විය. එහි විපාක වශයෙන් ගිහි වූයේ නම් ගිහියනට අවශ්‍ය උපභෝග පරිභෝග වස්තුන් ද, පැවිදි වූයේ නම් පැවිද්දනට අවශ්‍ය එබඳු වස්තූන් ද ලැබේ.
81 පේළිය:
තමන් විසින් සිදු කරනු ලබන ක්‍රියාවට අනුරූප වූ විපාක ලැබෙන බව බුදුහු පෙන්වා දුන්හ. “යාදිසං වපතෙ බීජං තාදිසං හරතෙ ඵලං” යනුවෙන් වපුරණ බීජයට අනුරූපවම තමාට අස්වැන්න නෙළා ගත හැකි බව බුදුන් වහන්සේ විසින් දේශනා කොට ඇත්තේ එබැවිනි.
 
#*12. සුබුමච්ඡචිතා
 
පෙර ජාතිවල දී මානය දුරු කොට මහණ බමුණන් වෙත පැමිණ හොඳ නරක විචාරීම නිසා කුණු නොගෑවෙන සියුම් සිවිය ඇති ලක්ෂණය පහළ විය. එහි කුශල විපාක වශයෙන් ගිහි වුවහොත් අන්‍ය කාමභෝගීන්ට වඩා මහ නුවණැත්තෙක් වේ.
89 පේළිය:
අසවලාට වඩා මම උසස් යැයි මැනීම ස්‍යෙමානයයි. අසවලා හා මම සමාන යයි මැනීම සදිසමානය යි. අසවලා තරම් මම උසස් නැහැ යි මැනීම හීනමානයයි. මේ ත්‍රිවිධ මානය ප්‍රහීණ වන්නේ අර්හත් මාර්ග ඵල ලැබීමෙනි.
 
#*13. සුවණ්ණවණ්ණතා
 
බුදු සිරුරෙහි රන්වන් පැහැයක් ඇති බව යි. වක්කලී තෙරුන් බුදුරදුන්ගේ රන්වන් සිරුර දෙස බලා සතුටු වීමේ අදහසින් පැවිදි වී බණ භාවනාදියෙහි නොයෙදී උන්වහන්සේ දෙස ම බලා සිටිමින් කාලය ගත කරණ අයුරු දැක, “අපෙහි වක්කලි, කිං තෙ ඉමිනා දුග්ගන්ධෙන පූතිකායෙන” යනුවෙන් වක්කලී, මෙතැනින් ඉවත්ව යන්න.
99 පේළිය:
ආහාර පානාදිය දන් දීමෙන් කායික මානසික ශක්තිය ලැබේ. ආලෝකය ලබාදීමෙන් ප්‍රඥාව ලැබේ. යාන වාහනාදිය දීමෙන් සැප ලැබේ. වස්ත්‍රාදිය දන් දීමෙන් වර්ණය ලැබේ. යමෙක් ගෙවල් දොරවල් ආදිය පරිත්‍යාග කරයි නම් හෙතෙම සියල්ලම දුන් තැනැත්තෙක් වේ.
 
#*14. කොසොහිතවත්ථගුය්හතා
 
පෙර ජාතිවල අසමගිව ඈත්ව විසූ නෑදෑ හිත මිතුරන් සමගි කිරීම හා එයින් සතුටු වීම නිසා කෝෂය හෙවත් රන් කෙමියක් වැනි කොපුවක් තුළ සැඟවුණු පුරුෂ ඉන්ද්‍රිය ඇති ලක්ෂණය පහළ විය.
107 පේළිය:
මෙම ලක්ෂණය සහ පහූතජිව්හතා යන ලක්ෂණ දෙක හැර අන් ලක්ෂණ සියල්ල බුදු සිරුරෙහි දැක ගත හැකි වන අතර, මහා පුරුෂ ලක්ෂණ දැක ගැනීමට පැමිණි බමුණෙකුට තම සෘද්ධි බලයෙන් සැඟවුණු එම ලක්ෂණ දෙක ද දකින්නට සැලැස්වූහ.
 
#*15. නිග්‍රෝධපරිමණ්ඩලතා
#*16. ආජානුලම්බීහත්ථතා
 
පෙර ජාතිවල දී මහජනතාවට සංග්‍රහ කිරීමෙහි යෙදෙමින් සුදුස්සා සුදුසු තැන තැබීම හා ඔහුට සුදුසු දේ පරිත්‍යාග කිරීම නිසා නුග ගස් සේ පරිමණ්ඩල වූ සිරුර ඇති ලක්ෂණය ඇති විය.
116 පේළිය:
එහි විපාක වශයෙන් ගිහි වූයේ නම් ආඪ්‍ය වූ මහත් ධනයෙන් යුක්ත වීම හා පැවිදි වූයේ නම් සද්ධා, සීල, හිරි ඕතප්ප, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා යන සත්තාර්ය ධනයෙන් යුක්ත කෙනෙක් වේ.
 
#*17. සීහපුබ්බද්ධකායතා
#*18. චිතංසරාසතා
#*19. සමචත්තක්ඛන්ධතා
 
පෙර ජාතිවල අන්‍යයන් ගුණයෙන් හා ධනයෙන් වැඩෙනු කැමති වීමත්, ඉවසීමත් නිසා සිංහයකුගේ පූර්වාර්ධ කය මෙන් සම්පූර්ණ වූ මුළු සිරුර ඇති බව, පිට දෑලවර මැද පිරුණු බව, සම වූ වට වූ මනා ගී‍්‍රවය ඇති බව යන ලක්ෂණය පහළ විය.
124 පේළිය:
එහි කුශල කර්ම විපාකය වශයෙන් ගිහියෙකු නම් නොපිරිහෙන සම්පත් ඇති මහ රජෙක් වේ. පැවිද්දෙකු නම් නොපිරිහෙන ගුණ සම්පත් ඇත්තෙක් වේ.
 
#*20. රසග්ගසග්ගිතා
 
තලැටක් පමණ සුළු ආහාරයක් වුණද දිවග තැබූ කෙණෙහි ම මුළු ශරීරය ම පුරා ඕජාව පැතිර යනු හැකි වන සේ උඩු අක් ඇතිව ගෙලෙහි පිහිටි හත් සියයක් රස නහර ඇති බව යන මේ ලක්ෂණය ඇති වූයේ පෙර ජාතිවල දී කැට කැබිලිති ආදියෙන් වත් සත්ව හිංසා නොකිරීම නිසාය.
130 පේළිය:
එහි කුශල විපාක වශයෙන් පෙර ජාතිවල පුරුදු පරිදි සත්ව හිංසා නොකිරීමත්, නොකරවීමත්, නිරෝගී බවත් ඇති විය. යමෙකු සත්වයින්ට තාඩන පීඩන හිංසාදිය කෙරේ නම් හෙතෙම උපනූපන් ජාතිවල දී විවිධ රෝගාබාධයන්ට ලක් වන බව චුල්ලකම්මවිභංග සූත්‍රයෙහි සඳහන් වේ.
 
#*21. අභිනීලනෙත්තතා
#22. ගොපඛුමතා
 
137 පේළිය:
එම කුශල කර්ම විපාකය වශයෙන් බොහෝ දෙනාට පි‍්‍රය මනාප වූහ. දකින්නවුන්ගේ නෙත් සිත් ඇද ගන්නා මනා රූ සපුවකින් යුක්ත වූහ. දහම් ඇසීමෙහි ලොල් වූ බොහෝ දෙනෙකු උන්වහන්සේ දෙස ඇසිපිල්ලන් නොගසා බොහෝ වේලාවක් බලා සිටියේ ඒ මනා රූ සපුව නිසායි. එම සම්පත් උන්වහන්සේ ලැබුවේ පෙර කරන ලද පින් බලයෙනි.
 
#*23. උණ්හීසසීසතා
 
නළල් පටින් වෙළන ලද්දක් වැනි වූ පිරුණු නළල සහිත සම්පූර්ණ හිස ඇති බව මේ ලක්ෂණය ඇති වූයේ අතීත ජාතිවල පුරෝගාමී ව සුචරිත ක්‍රියාවල යෙදීමත් තමාගේ මෙහෙයීමෙන් මහජනයා යහමඟ හැසිරවීමත් නිසා ය.
143 පේළිය:
පෙර පුරුද්දට අනුව මේ ආත්මයේ දී ද එසේ පුරෝගාමී සුචරිතයෙහි යෙදීමට හා යෙදවීමටත් කැමැත්ත ඇති වේ. එහි විපාක වශයෙන් බොහෝ අනුගාමිකයෝ ඇති වූහ. එසේ ඇති වූ සැරියුත් මුගලන් පරම්පරානුයාත සුපිළිපන් මහසඟරුවන ගණනින් මෙපමණ ය’යි පමණ කළ නොහැකිය.
 
#*24. එකෙකලොමතා
#*25. උණ්ණාභමුකන්තරෙජාතා
 
එක එක රෝම කූපයෙහි එකක් එකක් ම රෝම ඇති බව, නළල මැද දෙබැම අතර දකුණට කැරකී පිහිටි රිදී බුබුලක් සේ දිලිසෙන රෝමයක් ඇති බව යන ලක්ෂණය ඇති වූයේ පෙර ජාතිවල අසත්‍යයෙන් වැළකී සත්‍ය වචනයම කීම නිසා ය.
150 පේළිය:
මේ ආත්මයෙහි ද සත්‍යය කීමට හා කියවීමටත් කැමැත්ත ඇති විය. එහි කුශල කර්ම විපාකය වශයෙන් තමා අනුව යන මහ පිරිස් ඇත්තෙක් වූහ.
 
#*26. සමචත්තාළීසදන්තතා
#*27. අවිවරදන්තතා
 
සමසතළිස් දත් ඇති බව විවර රහිතව එකකට එකක් සම්බන්ධ දත් ඇති බව යන ලක්ෂණ පහළ වූයේ කේලාම් කීමෙන් වැළකී භේද වූවන් සමඟ කරන වචන කීම නිසාය.
157 පේළිය:
දැනුදු එසේ ම කේලාම් නොකිමට හා බිඳුනවුන් සමගි කිරීමටත් කැමැත්ත ඇති විය. එහි කුශල කර්ම විපාකය වශයෙන් කිසිවෙකු විසිනුත් බිඳිය නොහැකි මහ පිරිසක් ඇති වූහ.
 
#*28. පහූතජීව්හතා
#*29. බ්‍රහ්මස්සරතා
 
පෙර ජාතිවල පරුෂ වචනයෙන් වැළකී පි‍්‍රය මනාප වචන කීම නිසා මෘදු වූ දිග පළලැති දිව ඇති බව ද, බ්‍රහ්මයාගේ මෙන් අෂ්ටාංග සමුපේත බ්‍රහ්මස්වර ඇති බව ද යන ලක්ෂණ ඇති විය.
172 පේළිය:
එවැනි බුදු වදන් මහජනතාවගේ කන්වලට අමා මිහිරක් ම ගෙන දෙන්නේ ය. උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්නවුන් එම කටහඬින් වශී කරවීම පුදුමයක් නොවන්නේ ය.
 
#*30. සීහහනූතා
 
පෙර ජාතිවල සම්ඵප්‍රලාප කථාවෙන් තොරව අර්ථ ධර්ම නිශි‍්‍රත වචන කීම නිසා සිංහයකුගේ යටි හනුව මෙන් පිරිපුන් උඩු යටි දෙහණු ඇති බව යන ලක්ෂණය පහළ විය. පෙර පුරුදු ද පරිදි මේ ආත්ම භාවයේ ද අර්ථ ධර්ම නිශි‍්‍රත වචන කීම හා අනුන් ලවා කියවීමටත් කැමැත්ත ඇති විය. එහි කුශල විපාක වශයෙන් සතුරන් විසින් විනාශ කළ නොහැකි කෙනෙක් වූහ.
 
#*31. සමදන්තතා
#*32. සුසුක්කදාඨතා
 
සම දත් ඇති බව, දිලිසෙන ඉතා සුදු දත් ඇති බව යන ලක්ෂණ පහළ වූයේ පෙර ජාතිවල මිථ්‍යා ජීවිකාවෙන් තොරව ජීවත් වූ නිසාය. මේ ජාතියෙහි ද පෙර පුරුද්දට අනුව මිථ්‍යා ජීවිකාවෙන් තොරව විසීමට කැමැත්ත ඇති විය.
"https://si.wikipedia.org/wiki/සම්මා_සම්බුදුවරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි