"න්‍යෂ්‍ටික තාක්‍ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
බොහෝ දෙනාට ඉතා හුරුපුරුදු න්‍යෂ්ටික තාක්ෂණය වන්නේ නේවාසික දුම් පරීක්ෂකයයි.
 
න්‍යෂ්ටික තාක්ෂණය යනු පරමාණුක න්‍යෂ්ටිවල ප්‍රතික්‍රියා සම්බන්ධ වන තාක්ෂණයයි. දුම් පරික්ෂකයේ සිට න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය දක්වා එහි යෙදීම් පවතී. තුවක්කු කුරුමානම් සිට න්‍යෂ්ටික ආයුධ දක්වාද පවතී. න්‍යෂ්ටික තාක්ෂණයේ කල හැකි දෑ පිළිබදව ජනතාව තුල විශාල අවධානයක් පවතී.න්‍යෂ්ටික තාක්ෂණයේ සෑම යෙදීමක් ම ‍බොහෝ සැලකිල්ලෙන් සිදුකරයි.
 
== ඉතිහාසය සහ විද්‍යාත්මක පසුබිම ==
=== සොයාගැනීම ===
1896 දී හෙන්රි බෙකරල් (Henri Becquerel) විසින් radioactivity නමැති නව සංසිද්ධිය සොයන්නා විට ඔහු විසින් යුරේනියම් ලවණ වල Phosporescence තිබේදැයි පරීක්ෂා කරන ලදි. පියරි කියුරි (Pierre curie) සහ මාරි කියුරි (Marie Curie) මෙම සංසිද්ධිය සොයා බැලීම ආරම්භ කරන ලදි. මෙම ක්‍රියාවලියේ දී රේඩියම් (radium) මුලද්‍රව්‍ය වෙන්කර තබා ගන්නා ලදි. මෙහිදී විකිරණශිලී මුලද්‍රව්‍යය ඉතා තීව්‍ර විවිධාකාර වූ විනිවිද යන කිරණ සමූහයක් නිරීක්ෂණය විය. ඒවා ඇල්ෆා, (Alpha) කිරණ බීටා (beta) කිරණ හා ගැමා (Gama) කිරණ ලෙස හදුන්වන ලදි. මේවායින් සමහරක් විකිරණ සාමාන්‍ය පොදු ද්‍රව්‍ය තුලින් ගමන් කල හැක. ඒවා තුලින් විශාල ප්‍රමාණයේ විපත් සිදුවිය හැක. එම කාලයේ සියලුම පර්යේෂකයන් විවිධාකාර වූ විකිරණ පිලිස්සීම් අව්වට පිලිස්සීම් වැනි පිලිස්සීම්වලට ලක්විය. Quack ඖෂධ නිෂ්පාදකයන් විසින් විකිරණශිලීතා පිලිබද නව සංසිද්ධියක් සොයාගන්නා ලදි. (විද්‍යුතය හා චුම්භකත්වය සොයා ගෙන තිබූ නිසා) මේ අනුව ඔවුන් විසින් විකිරණශිලීතාවය අඩංගු ඖෂධ හා ප්‍රතිකාර ඉදිරියට ගෙන යන ලදි. විකිරණශීලී ක්ෂයවීම් මගින් නිපදවන විකිරණ දිගු කාලීන නරක ප්‍රතිඵල අත්කර දුන්නද පිලිස්සීම් වීමට තරම් දරුණු නොවන බව ක්‍රම ක්‍රමයෙන් අවබෝධ කර ගන්නා ලදි. විකිරණශීලී පරීක්ෂණවල නිරත වූ බොහෝ විද්‍යාඥයන් එයට නිරාවරණය වීම නිසා පිලිකා සෑදීමෙන් මිය ගියහ. විකිරණශිලී ඖෂධ වර්ග බොහෝ දුරට භාවිතයෙන් ඈත් විය. නමුත් රේඩියම් ලවණ වැනි විකිරණශීලී මුලද්‍රව්‍යවල අනෙක් භාවිතයන් එලෙසම පැවතුනි.
 
පරමාණුව හොදින් තේරුම් ගැනීමත් සමගම, විකිරණශීලී ද්‍රව‍්‍යවල ස්වාභාවය පැහැදිලි විය. සමහරක් පරමාණුක න්‍යෂ්ටි අස්ථාවරය. ශක්ති මුදාහරිමින් බිදීමට ලක්විය හැක ( ගැමා කිරණ සහ අධි ශක්ති ප්‍රෝට්‍රෝන ලෙස) (ඇල්ෆා අංශු - ප්‍රෝට්‍රෝන යුගල සහ නියුට්‍රෝන යුගල සහ බීටා අංශු, අධි ශක්ති ඉලෙක්ට්‍රෝන)
 
=== න්‍යෂ්ටික විඛණ්ඩනය ===
විකිරණශිලිතාවය සාමාන්‍යයෙන් සෙමින් සිදුවන, පාලනයට අපහසු, අවි නිෂ්පාදනයට නොසුදුසු ප්‍රභවයකි. කෙසේ නමුත් අනික් ප්‍රතික්‍රියාකාරීත්වයන්ට සුදුසුයි. සමහර අස්ථායි න්‍යෂ්ටි පිපිරීම් වලට භාජනය වී කුඩා න්‍යෂ්ටි 2 ක් ඇති වි ශක්තිය මුක්ත කරන අතර සමහර ‍වේගවත් න්‍යුට්‍රෝනද මුක්ත කරයි. මෙවැනි න්‍යුට්‍රෝන සමහර න්‍යෂ්ටි වලට ග්‍රහනය කර ගන්නා අතර එයිනුත් න්‍යෂ්ටික විභේදනයට ලක්විය හැක. මෙවැනි ක්‍රියාවලි න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියා ඇතිවීමට බලපායි. මෙවැනි න්‍යෂ්ටික දාම ක්‍රියාවලින් කෙටි කාලයක දී විශාල බොම්බ නිෂ්පාදනය ගැන අත්හදා ගැනීම් කිරිමට පටන් ගන්නා ලදි. මෙහිදී ජනනය වන ශක්තිය රසායනික පිපිරීම් වලින් මුක්ත වන ශක්තියට වඩා අතිශයින් වැඩිය. එක්සත් ජනපදය එක්සත් රාජධානිය හා කැනඩාව ඒකරාශි වී Manhattan ව්‍යාපෘතිය මගින් දියුණු කල න්‍යෂ්ටික ආයුධ ජපානයට එරෙහිව 1945 යොදාගනු ලැබිනි. මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රථම විඛන්ඩ ප්‍රතික්‍රියා දියුණු වී ප්‍රාථමික ආයුධ නිෂ්පාදනය ද දියුණු වූ අතර ශක්තිය නිපදවීමට එය උපකාර කර ගැනුනි.
"https://si.wikipedia.org/wiki/න්‍යෂ්‍ටික_තාක්‍ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි