"න්‍යෂ්‍ටික තාක්‍ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
== න්‍යෂ්ටික විඛණ්ඩනය ==
විකිරණශිලිතාවය සාමාන්‍යයෙන් සෙමින් සිදුවන, පාලනයට අපහසු, අවි නිෂ්පාදනයට නොසුදුසු ප්‍රභවයකි. කෙසේ නමුත් අනික් ප්‍රතික්‍රියාකාරීත්වයන්ට සුදුසුයි. සමහර අස්ථායි න්‍යෂ්ටි පිපිරීම් වලට භාජනය වී කුඩා න්‍යෂ්ටි 2 ක් ඇති වි ශක්තිය මුක්ත කරන අතර සමහර ‍වේගවත් න්‍යුට්‍රෝනද මුක්ත කරයි. මෙවැනි න්‍යුට්‍රෝන සමහර න්‍යෂ්ටි වලට ග්‍රහනය කර ගන්නා අතර එයිනුත් න්‍යෂ්ටික විභේදනයට ලක්විය හැක. මෙවැනි ක්‍රියාවලි න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියා ඇතිවීමට බලපායි. මෙවැනි න්‍යෂ්ටික දාම ක්‍රියාවලින් කෙටි කාලයක දී විශාල බොම්බ නිෂ්පාදනය ගැන අත්හදා ගැනීම් කිරිමට පටන් ගන්නා ලදි. මෙහිදී ජනනය වන ශක්තිය රසායනික පිපිරීම් වලින් මුක්ත වන ශක්තියට වඩා අතිශයින් වැඩිය. එක්සත් ජනපදය එක්සත් රාජධානිය හා කැනඩාව ඒකරාශි වී Manhattan ව්‍යාපෘතිය මගින් දියුණු කල න්‍යෂ්ටික ආයුධ ජපානයට එරෙහිව 1945 යොදාගනු ලැබිනි. මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රථම විඛන්ඩ ප්‍රතික්‍රියා දියුණු වී ප්‍රාථමික ආයුධ නිෂ්පාදනය ද දියුණු වූ අතර ශක්තිය නිපදවීමට එය උපකාර කර ගැනුනි.
 
== න්‍යෂ්ටික විලයනය ==
න්‍යෂ්ටික සංයෝජන තාක්ෂණය 2 වන ලෝක යුද්ධ සංග්‍රාම අවදියේ දී සෛද්ධාන්තික මට්ටමේ පැවති අතර එය Manhattan ව්‍යාපෘතිය මගින් ශක්ති සංයෝජන ප්‍රතික්‍රියා වල සිට ජ්වලන සංයෝජන ප්‍රතික්‍රියා දක්වා අත්හදා බලා ඇත. 1952 දක්වා හයිඩ්‍රජන් බෝම්බය පිපිරිම තෙක් මේ පර්යේෂණ සිදුකල අතර ඒ සදහා හයිඩ්‍රජන් වල සමස්ථානික වන ඩියුටීරියම් හා ට්‍රිටියම් උපයෝගී කර ගන්නා ලදි. සංයෝජන ප්‍රතික්‍රියා විශාල ලෙස ශක්තිය මුක්ත කරයි. එය දාම ප්‍රතික්‍රියා වල ජ්වලන සංයෝජනයේ ජ්වලනයට වඩා අපහසුය.
 
1990 වර්ෂයේ සිට සාමාන්‍ය ජනතාවට අවශ්‍ය ශක්ති උත්පාදනයට න්‍යෂ්ටික සංයෝජනය යොදා ගැනීම සම්බන්ධ පර්යේෂණ පැවැත්වූ තාක්ෂණික හා සිද්ධාන්තමය අපහසුකම් මගහැර වර්තමානය දක්වා මිනිසුන්ට අවශ්‍ය ශක්ති නිෂ්පාදනයට මේ තාක්ෂණය උපයෝගී කර ගැනුනි.
"https://si.wikipedia.org/wiki/න්‍යෂ්‍ටික_තාක්‍ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි