"බොයිල් නියමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
16 පේළිය:
බොයිල් නියමය වායු නියම 23 අතුරින් වඩාත් මූලිකම එක වන අතර එමගින් කියැවෙන්නේ නියත උෂ්ණත්වයේ දී වායුවක පීඩනය අඩු කරන විට පරිමාව වැඩි වන බවයි. බොයිල් නියමය හදුන්වාදුන් කාලයේ වූ තාක්ෂණික මෙවලම් මගින් මෙම නියමයට අනුකූල නොවන හැසිරීම් නිරීක්ෂණය කළ නොහැකි වූ නමුත් වර්තමානයේ ඔහුගේ නියමයේ සීමාවන් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි බැවින් බොයිල් නියමය පරිපූර්ණ වායු සදහා පමණක් පූර්ණව වලංගු වන බව පැහැදිලි කර ඇත. පරිපූර්ණ වායුවක් සමන්විත වනුයේ එකිනෙකින් ස්වායත්තව චලනය වන කුඩා අණු රැසකින් වන අතර බොයිල් සිය නියමය සදහා උපකල්පනය කරන ලද තත්වය ද එයම ‍විය.
 
1738 වසරේදී ඩැනියල් බර්නූලි අණුක තත්වයේ හැසිරීම්වලට නිව්ටන් නියම යෙදීම මගින් බොයිල්ගේ නියමය ව්‍යුත්පන්න කිරීමට සමත් විය. නමුත් ඔහුගේ සොයාගැනීම් 1845 වර්ෂයේදී ජෝන් වෝටර්ස්ටන් විසින් චාලක වාදයේ මූලික සංකල්ප අයත් නිබන්ධනයක් පළ කරන තෙක් නොසලකා හැරීමට ලක්විය. එවිට ද එංගලන්ත රාජකීය සංගමය වෝටර්ස්ටන්ගේ සොයාගැනීම් ප්‍රතික්ෂේප කළ අතර පසු කලෙක [[ජේම්ස් ප්‍රෙස්කොට් ජූල්]] , [[රුඩොල්ෆ් ක්ලෝසියස්]] හා [[ලඩ්විග් බෝල්ට්ස්මාන්]] වායු පිළිබද චාලකවාදය සනාථ කරමින් බර්නූලිගේ හා වෝටර්යන්ගේ මතයක් ස්ථිර කරන තෙක් රාජකීය සංගමය ඔවුන් ප්‍රතික්ෂේප කර තිබුණි.
 
ශක්තිවාදයේ (Energetic) හා පරමාණුකවාදයේ (Atomism) අනුගාමිකයන් අතර විවාදයක් නිසා 1898 වර්ෂයේ දී බෝල්ට්ස්මාන් පල කරන ලද ග්‍රන්ථය 1901 වර්ෂයේ ඔහු සියදිවි හානි කරගන්නා තෙක්ම විවේචනයට භාජනය විය. නමුත් 1905 වර්ෂයේ දී ඇල්බට් අයින්ස්ටයින් ද්‍රවයක් තුළ අවලම්භිත අංශුවක බ්‍රවුනීය චලිතය පැහැදිලි කිරීමට චාලකවාදය යොදා‍ගත හැකි බව පෙන්වා දුන් අතර 1908 වසරේ දී ජීන් පෙරින් මේ බව සනාථ කරන ලදී. මේ අනුව බල කළ බොයිල් නියමය චාලකවාදය මගින් ව්‍යුත්පන්න කළ හැකි බව පැහැදිලි වේ.
 
==සමීකරණය==
බොයිල් නියමයේ ගණිතමය ප්‍රකාශනය පහත පරිදි වේ.
PV:<math>\qquad\qquad pV = k </math> මෙහි
 
P:''p'' = පද්ධතියේ පීඩනය
:''V'' = වායුවේ පරිමාව
V:''k'' = වායුවේ පරිමාව හා පීඩනයට අදාල නියතයකි
k = පරිමාව හා පීඩනයට අදාල නියතයකි
 
දෙන ලද පද්ධතියක උෂ්ණත්වය නියතව තිබෙන තාක් එයට සැපයෙන ශක්තිය නියත බැවින් k හි අගය නියතව පවතිනු ඇත. නමුත් පද්ධතියේ සිදුවන අන්තර් අණුක ගැටීම් සහ පීඩනය සැලකීමේදී පෘෂ්ඨයක් මත අභිලම්භ බලය සැලකීම වැනි කරුණු හේතුවෙන් k අගය කුඩා සීමාවක් තුළ දෙන ලද කාල සීමාවක දී විචලනය විය හැක.
Line 37 ⟶ 35:
බොයිල් නියමය යොදා ගැනෙන්නේ ආරම්භක නියත වායු ප්‍රමාණයක පීඩනය හා පරිමාව යන රාශි 2ම හෝ ඉන් එකක් පමණක් හෝ විචලනය කළ විට ලැබෙන ඵලය ගැන අනාවැකි පල කිරීමටයි. මෙහිදී ආරම්භක හා අවසාන උෂ්ණත්ව එකම වන විට (මෙම තත්වය පවත්වා ගැනීමට පද්ධති උණුසුම් හෝ සිසිල් කිරීමට සිදුවනු ඇත) ආරම්භක හා අවසාන පීඩන හා පරිමා අතර සම්බන්ධය නියමය මගින් ලබාදේ.
 
: <math>p_1 V_1 = p_2 V_2. \,</math>
 
p1V1 = p2V2
 
බොයිල් නියමය [[චාල්ස් නියමය]] හා [[ගේලුසැක් නියමය]] එක්කර සංයුක්ත වායු නියමය නිර්මාණය කර ඇති අතර එම වායු නියමයන් තුන [[ඇවගාඩ්‍රෝ නියමය]] හා එක් කිරීමෙන් පරිපූර්ණ වායු නියමය ලැබේ.
 
 
"https://si.wikipedia.org/wiki/බොයිල්_නියමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි