"බොයිල් නියමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
6 පේළිය:
නියත උෂ්ණත්වයේ පවතින නියත වායු ප්‍රමාණයක් සදහා P හා V එකිනෙකට ප්‍රතිලෝමව සමානුපාතික වේ. (එනම් පීඩනය වැඩිවේ නම් පරිමාව අඩුවේ. නැතහොත් පීඩනය අඩුවේ පරිමාව වැඩි වේ)
 
==ඉතිහාසය==
 
1662 වසරේදී අයර්ලන්ත ජාතික ස්වභාව විද්‍යාඥ රොබට් බොයිල් විසින් මුල්වරට ප්‍රකාශයට පත් කරන ලද වායු නියමය බොයිල් නියමය ලෙස හදුන්වනු ලැබේ. බොයිල්ගේ මිතුරන් ‍දෙදෙනෙකු හා ආධුනික විද්‍යාඥයන් වූ රිචඩ් ටොවුන්ලි හා නැන්රි පවර් විසින් මෙම නියමයට පදනම් වූ පරිමාව හා පීඩනය අතර සම්බන්ධතාවය සොයාගෙන එය‍වෙත බොයිල්ගේ අවධානය යොමු කරවන ලදී. බොයිල් ඔවුන් අනුව යමින් ක්‍රමානුකූල පරීක්ෂණ ඔස්සේ නියමයේ සදහන් කරුණු තහවුරු කරගත් අතර අනතුරුව ඔහු සිය පරීක්ෂණවල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලදී. කෙසේ නමුත් මෙම පරීක්ෂණය සදහා බොයිල්ගේ සහයකයා වූ රොබට් හුක් විශාල දායකත්වයක් දරන්නට ඇති බව රොබට් හුක් බොයිල්ට වඩා දක්ෂ ගණිතඥයෙකු වූ අතර බොයිල්ගේ පරීක්ෂණ උපකරණවල නිර්මාපකයා ද විය. හෙතෙම පරීක්ෂණයට අවශ්‍ය වූ වඩාත් ක්‍රියාකාරී හා කාර්යක්ෂම රික්ත පොම්පද නිර්මාණය කළේය. 1676 වර්ෂයේදී බොයිල්ගෙන් පරිබාහිරව එඩ්මේ මැරියට් නම් ප්‍රංශ ජාතික භෞතික විද්‍යාඥ‍යා ද එම වායු නියමයම සනාථ කර ප්‍රකාශයට පත් ‍කළේය. එබැවින් බොයිල් නියමය බොයිල් - මැරියට් නියමය හෝ මැරියට් නියමය ලෙස ද හැදින්විය හැක.
 
==නිර්වචනය==
 
===චාලක වාදය හා පරිපූර්ණ වායු සමග බොයිල් නියමයේ සම්බන්ධතාවය===
 
බොයිල් නියමය වායු නියම 23 අතුරින් වඩාත් මූලිකම එක වන අතර එමගින් කියැවෙන්නේ නියත උෂ්ණත්වයේ දී වායුවක පීඩනය අඩු කරන විට පරිමාව වැඩි වන බවයි. බොයිල් නියමය හදුන්වාදුන් කාලයේ වූ තාක්ෂණික මෙවලම් මගින් මෙම නියමයට අනුකූල නොවන හැසිරීම් නිරීක්ෂණය කළ නොහැකි වූ නමුත් වර්තමානයේ ඔහුගේ නියමයේ සීමාවන් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි බැවින් බොයිල් නියමය පරිපූර්ණ වායු සදහා පමණක් පූර්ණව වලංගු වන බව පැහැදිලි කර ඇත. පරිපූර්ණ වායුවක් සමන්විත වනුයේ එකිනෙකින් ස්වායත්තව චලනය වන කුඩා අණු රැසකින් වන අතර බොයිල් සිය නියමය සදහා උපකල්පනය කරන ලද තත්වය ද එයම ‍විය.
20 පේළිය:
ශක්තිවාදයේ (Energetic) හා පරමාණුකවාදයේ (Atomism) අනුගාමිකයන් අතර විවාදයක් නිසා 1898 වර්ෂයේ දී බෝල්ට්ස්මාන් පල කරන ලද ග්‍රන්ථය 1901 වර්ෂයේ ඔහු සියදිවි හානි කරගන්නා තෙක්ම විවේචනයට භාජනය විය. නමුත් 1905 වර්ෂයේ දී ඇල්බට් අයින්ස්ටයින් ද්‍රවයක් තුළ අවලම්භිත අංශුවක බ්‍රවුනීය චලිතය පැහැදිලි කිරීමට චාලකවාදය යොදා‍ගත හැකි බව පෙන්වා දුන් අතර 1908 වසරේ දී ජීන් පෙරින් මේ බව සනාථ කරන ලදී. මේ අනුව බල කළ බොයිල් නියමය චාලකවාදය මගින් ව්‍යුත්පන්න කළ හැකි බව පැහැදිලි වේ.
 
==සමීකරණය==
 
බොයිල් නියමයේ ගණිතමය ප්‍රකාශනය පහත පරිදි වේ
 
PV = k මෙහි
Line 45 ⟶ 43:
 
 
== ආශ්‍රිත ==
http://en.wikipedia.org/wiki/Boyle%27s_law
 
[[Category:භෞතික විද්‍යාව]]
[[ප්‍රවර්ගය:නියමයන්]]
 
 
[[en:Boyle's law]]
"https://si.wikipedia.org/wiki/බොයිල්_නියමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි