"දේශපාලන විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
 
 
'''දේශපාලනය (Politics) යන යෙදුම බිහි වුයේ ග්‍රීක භාෂාවේ යෙදුමක් වු Polis යන වචනයෙනි.''' එහි තේරුම වුයේ නගර රාජ්‍ය යන්නය. මේ අනුව ඉපැරණි ග්‍රීකයන් විසින් සමස්ත වශයෙන් පුරවැසියන්ගේ ජීවිතය නගර රාජ්‍යයට දක්වන සබඳතාව තුළ ගෙවන සාමාජීය ජීවිතයේ සෑම පැතිකඩක්ම දේශපාලනික යැයි අර්ථකතනය කිරීමට ග්‍රීකයන් යොමු වුයේ මේ නිසාය. අනික් අතින් ග්‍රීක චින්තකයෝ දේශපාලනය නගර රාජ්‍ය මුලික කරගෙන සිදුවන්නාවු සමස්ත පුරවැසි ක්‍රියාකාරකම් යන තේරුම සහිතවද , ශාස්ත්‍රීය විෂයක් යන තේරුම සහිතවද භාවිත කළෝය.
 
 
14 පේළිය:
 
පුළුල් ආකාරයෙන් බැලු විට දේශපාලනය සෑම මනුෂ්‍ය අන්තර්ක්‍රියාකාරිත්වයකම අනිවාර්ය කොටසක් බව පෙනී යයි. දේශපාලනයට ඇති සරළ නිර්වචනයක් අනුව '''දේශපාලනය යනු හිඟ සම්පත් බෙදා වෙන් කිරීමේ ක්‍රමෝපායක් වේ.''' එහෙත් මෙවැනි නිර්වචනයකින් ආණ්ඩුවක් සහ නීතියක විෂය ප්‍රදේශයෙන් වෙන්වු සාමාන්‍ය ක්‍රියාකාරකම් පමණක් ගම්‍ය විය හැකි බැවින් එය සම්පුර්ණ නිර්වචනයක් වශයෙන් සැලකිය නොහැකිය. වෙනත් ආකාරයකින් කියනවානම් සම්පත් වල හිඟතාවය ඇති වු දා සිට දේශපාලනය ක්‍රියාත්මක සංසිද්ධියක් බවට පත්වු බව මින් අදහස් වේ. එහෙත් යම් දේශපාලන ක්‍රමයක සාමාජිකයන් වශයෙන් හෝ අප ගතකරන එදිනෙදා ජීවිතයේදී අප විසින් කරනු ලබන සෑම දෙයක්ම දේශපාලන තීන්දු ගැනීමේ ක්‍රියාවලියක් ඔස්සේ පැමිණෙන බව අවබෝධ කරගත යුතුය. උදාහරණයක් වශයෙන් අලුත උපන් දරුවෙකු බෝවන රෝගයකින් වැලැක් වීම සඳහා එන්නත් ලබා දීමේ අවශ්‍යතාව දේශපාලන තීන්දු ගැනීමේ ක්‍රියාවලිය ඔස්සේ ඉදිරිපත් වන්නකි. අවම වශයෙන් ගතහොත් මිනිසෙකු මළ පසු මෘත දේහය බහාලන පෙට්ටිය සකසා ඇති දැව වර්ගයෙන් පවා ප්‍රකාශයට පත් වන්නේ ‍දේශපාලන සම්බන්ධතාවයක් නැතහොත් බල සම්බන්ධතාවයකි. කෙටියෙන් කිවහොත් පුද්ගලයෙකු තොටිල්ලේ සිට සුසානය දක්වාම ගත කරන ජීවිතය දේශපාලනය තුළ ගත කරන ජීවිතයක් බව ප්‍රකාශ කිරීම අතිශෝක්තියක් නො‍වේ. නිහ්චිත සමාජ දේශපාලන සම්බන්ධතාවල සිටින අප සැම දෙනාම දේශපාලන ජීවීහු වෙමු. මනුෂ්‍යයන් වැඩි වශයෙන් සංකීර්ණ ජීවන රටාවන්ට යොමු වෙමින් එම ජීවිත රටාව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අවම තත්ත්වය ලබා ගැනීම පිණිස කුමන ආකාරයක හෝ දේශපාලන සම්බන්ධතාවයක රැදී සිටීමට යොමු වීම වේගයෙන් වර්ධනය වී ඇත. දේශපාලනය පිළිබඳ අද අපගේ පිළිගැනිම් සකස් වන්නේ නුතන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයකදී පුද්ගලයාගේ සමාජීය චර්යාව පදනම් කරගෙනනය. එහෙත් '''එෆ්.ජේ. බාර්න්ස්, එම්. කාර්ටර්, ජේ.එම්''' '''ස්කිඩ්මෝ''' යන දේශපාලන විද්‍යාඥයින් දක්වන පරිදි පරම රාජාණ්ඩු ක්‍රමයකදී සිටින පහත්ම යටත් වැසියාට වුවද ‍දේශපාලන ජීවිතයේ යම් භූමිකාවක් ඇත.
 
'''ඇන්ඩ්රූ හේවුඩ්,''' ‍දේශපාලනය පිළිබඳ විශ්ලේෂණාත්මකව බැලීම සඳහා අපගේ අවධානය යොමු කරවයි. ඔහු දක්වන පරිදි '''දේශපාලනය''' '''යනු බලය නැතහොත් අධිකාරිය භාවිතා කිරීම හෝ හිඟ සම්පත් බෙදා වෙන් කිරීම හෝ වේ.''' එහෙත් මේ සියල්ලටම වඩා දේශපාලනය ක්‍රියාවක් වශයෙන් හඳුනාගත යුතු බව ඔහු පවසයි. දේශපාලනය ශාස්ත්‍රිය විෂයක් වශයෙන් විස්තර වුවත් ඇතැම් විට politics යන වචනය කැපිටල් P අකුරින් පටන්ගෙන ලියවී ඇත්නම් එහි අදහස වන්නේ දේශපාලනයේ ක්‍රියාව අධ්‍යයනය කිරීම වේ. දෙවනුව දේශපාලනය යනු සාමාජීය ක්‍රියාකාරකමකි. දේශපාලනය ඉස්මතු වන්නේ පුද්ගල අන්තර් ක්‍රියාකාරකම් මගින්ය. බලය මුලික කොටගෙන සිදුවන පුද්ගල අන්තර් ක්‍රියාකාරකම් වලින් දේශපාලනය ප්‍රකාශයට පත් වේ. තෙවැනි ලක්‍ෂණය නම් දේශපාලනය මත අවශ්‍යතා අභිලාශ යන සාධක වල විවිධත්වය මඟින් ජනිත වීමය. මේ විවිධත්වය ඍජුවම ගැටුම් වලට හේතුවිය හැකිය. ඒ අනුව බලන විට ස්වභාවික රටාවක හෝ සමායෝජනයක හෝ දේශපාලනය පවතින්නේ නැත. කුහුඹු, මී මැසි නැතහොත් වෙනත් සත්ත්ව සමුහයා අතර දේශපාලනයක් ඇතැයි ප්‍රකාශයට පත් කිරීම එතරම් උචිත නොවන්නේ ඔවුන්ගේ ජීවන රටාව ස්වභාවික සමායෝජනයක් මඟින් ක්‍රියාත්මක වන නිසාය. බල රටා අනුව සකස් වු ධුරාවලීගත සම්බන්ධතාවයන් වැනි දේශපාලන නියතීන්ගෙන් සත්ත්ව සමුහ වල ජීවිත පැවතුම තීරණය වී තිබිය හැකි වුවත් ඔවුන්ට කිසිසේත්ම දේශපාලන සංස්කෘතියක් නොමැත. සංස්කෘතික ජීවිතයක් ඇත්තේ මනුෂ්‍යයන්ට පමණකි. දේශපාලනය සංස්කෘතික සංසිද්ධියකි. ඒ අනුව දේශපාලනය ගතික නවීකරණයට හා සංවර්ධනයට ලක්වන සංසිද්ධියකි. එබැවින් දේශපාලනය මානව ක්‍රියාකාරකමක් යැයි කීම වඩාත්ම නිවැරදිය.
 
26 පේළිය:
 
දේශපාලනය යනු කුමක්දැයි පැහැදිළි කරන නිර්වචන අතුරින් වඩාත් පුළුල් අවබෝධයක් ලබාගත හැකි නිර්වචනයක් '''කාන්, මැක්නිවන්, සහ''' '''මැක්නොවුන්''' විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. මෙම නිර්වචනයේ ඇති වැදගත්කම වන්නේ '''ක්‍ෂුද්‍ර මට්ටම සහ සාර්ව මට්ටම යන මට්ටම්''' '''දෙකෙහිම දේශපාලනය අවබෝධ කර ගැනිමට එයින් පිටුබලයක් ලැබිමය'''. ඔවුන් දක්වන පළමු නිර්වචනය අනුව සාමාන්‍යයෙන් දේශපාලනයට බලය, අණදීම, අධිකාරය සහ පාලනය වැනි සංකල්ප ඇතුළත් රාජ්‍යයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය වටා සිදුවන සියලුම ක්‍රියාවලි ඇතුළත් වේ. මේ අනුව '''දේශපාලනය යනු බලය හෝ බලයේ මොනයම් ආකෘතියක් නැතහොත් ප්‍රවර්ගයක් හෝ අන්තර්ගත වන ක්‍රියාවලියක් සිදුවීමක්''' '''නොහොත් සම්බන්ධතාවයක් වේ.''' මෙම නිර්වචන‍යෙන් දේශපාලනය පුළුල් එනම් සාර්ව තලයක පැතිරී ඇති ආකාරය පෙන්නුම් කෙරේ. රාජ්‍යයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය වටා සිදුවන ක්‍රියාවලිය යනු වඩාත් විශාලව පැතිර ගිය ‍දේශපාලන ක්‍රියාකාරකම් සහ ක්‍රියාවලීන් සහිත විෂය භූමියක් වේ. කෙටියෙන් කිවහොත් ව්‍යවස්ථා සම්පාදනය සහ ඒවා ක්‍රියාත්මක කිරීම කේන්‍ද්‍ර කරගනිමින් එයට ඇතුළත් වේ. ඔවුන් දක්වන දෙවන නිර්වචනය අනුව බලය සහ අධිකාරිය ඇතුළත් වු ඕනෑම මට්ටමක මානව සම්බන්ධතාවයක දේශපාලනය අන්තර්ගත වේ. මේ අදහස අනුව බලන විට දේශපාලනය ඕනෑම පුද්ගල සම්බන්ධතාවයක අන්තර්ගත වී තිබිය හැකිය. දේශපාලනික ස්වරූපයේ පුද්ගල සම්බන්ධතාවයක ඇති විශේෂත්වය නම් ඒ සම්බන්ධතාව සැලකිය යුතු ප්‍රමාණයකින් බලය නැතහොත් බලයේ කුමන හෝ රූපකාරකයක් මගින් (බලපෑම් කිරීම, බලහත්කාරය මෙයදවීම, ප්‍රචණ්ඩත්වය, පාලනය, යටත් කිරීම, අණ දීම, තර්ජනය කිරීම, අවනත භාවය සහ එවැනි දේ මගින්) නිර්ණය වී තිබීම හා එවැනි නිර්නායක වලින් මෙහෙය වීමට ලක් වීමය. පවුලක් තුළ පවුලේ සාමාජිකයන් අතර සම්බන්ධතාවන් බලය මුලික කරගෙන හැඩ ගැසි ඇත්නම් පවුල තුළ ඇත්තේ දේශපාලනික සම්බන්ධතාවයකි. බලය මුලික කරගෙන සංවිධාන ගත වී ඇති ඕනෑම සමාජ ආයතනයක් දේශපාලන ආයතනයක් වේ. පුළුල් වශයෙන් ගත්කල රාජ්‍යය සහ සමාජය අතර සම්බන්ධතාවය මෙයට නිදසුන් වශයෙන් දැක්විය හැකිය. රාජ්‍ය සහ සමාජය අතර සම්බන්ධතාව ජාතික දේශපාලනයෙහි ඇති සාර්වතම බල සම්බන්ධතාව වශයෙන් දැක්විය හැකිය.
 
38 පේළිය:
 
'''ඇන්ඩ්රූ හේවුඩ්''' තව දුරටත් සඳහන් කරන පරිදි දේශපාලනය ප්‍රකාශයට පත්වන්නේ කුමන විටක දී ද, කෙසේද , කොතනදී ද, කවුරුන් සම්බන්ධයෙන්ද යන්න පිළිබඳව විවිධ පිළි ගැනිම් ඇත. ඔහු දක්වන පරිදි උදාහරණ වශයෙන් කුමන ගැටුම දේශපාලනික යැයි කිව හැකිද කුමන ආකාරයේ ගැටුම් නිරාකරණ ආකෘතියක් දේශපාලනික වන්නේද දේශපාලන යැයි කියන ක්‍රියාකාරකම ස්ථානගත වන්නේ තොතැනද යන ආදි කරුණු පිළිබඳව විවිධ පිළිගැනිම් පවතියි. දේශපාලනය යන පදයේ නිරුක්තිය සම්බන්ධයෙන් ඇති විවිධ පිළිගැනීම් මධ්‍යයේ වුවද එහි අර්ථය පැහැදිළි කර ගැනිම සඳහා '''වර්ගීකරණ තුනක් දැක්වීමට ඇන්ඩ්රූ හේවුඩ් ඉදිරිපත් වේ.''' '''පළමුවෙන්ම''' '''දේශපාලනය බොහෝ දිගු කාලයක් තිස්සේ ආණ්ඩුවේ'''''' විධිමත් ආයතන තුළ සිදුවන ක්‍රියාකාරකමක් වශයෙන් පවතියි. දෙවනුව දේශපාලනය පෞද්ගලික හා පුද්ගල වශයෙන් සිතීමට''' '''ප්‍රති විරැද්ධව පොදු ජීවිතයට සහ පොදු ක්‍රියාකාකම් වලට සම්බන්ධ වන්නකි. තෙවනුව දේශපාලනය මානව පැවැත්මේ සෑම මට්ටමකදීම''' '''සහ සෑම ආයතනයක් තුළම බලය බෙදා හැරීමට ධනය සහ සම්පත් බෙදා හැරීමට සම්බන්ධතාවයක් දක්වන්නාවු දෙයක්''' බව ඇන්ඩ්රූ හේවුඩ් ප්‍රකාශ කරයි.
"https://si.wikipedia.org/wiki/දේශපාලන_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි