"මනෝ විශ්ලේෂණවාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
225 පේළිය:
ප්‍රොයිඩ් විසින් ක්‍රි:ව: 1900 දී “සිහින විචාරය” (The Interpretation of Dreams) නම් ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ සිහින විචාරය හෙවත් සේවාලාභියා දකින සිහින නිසි පරිදී අර්ථකතනය කිරීම මනෝවිශ්ලේෂණවාදී ප්‍රතිකාරයේ වැදගත්ම ශිල්පයක් බවට පත් විය. සිහින යනු පුද්ගලයාගේ අවිඥානයෙන් විඥානයට එන පණිවුඩයකි. පුද්ගලයාගේ අවිඥානගත කරුණු සිහින මඟින් විටින් විට ප්‍රකාශයට පත් වේ. එහෙත් සිහින වනාහී සංකේතයක් මිස ඍජු ප්‍රකාශනයක් නොවේ. සිහිනයක කොටස් දෙකකි. එනම්,
 
 
* ප්‍රක‍ට සංධාරය - මතුපිටින් පෙනෙන දේ
* අප්‍රක‍ට සංධාරය - එහි සංකේතවලින් කියවෙන දේ
 
මෙම ප්‍රක‍ට සංධාරය තුළින් අප්‍රක‍ට සංධාරය මතුකර ගත හැක. නිදහස් සංඝටනයේදී ද වැඩි වැඩියෙන් සිහින පෙනේ. මෙහිදී නිදහස් සංඝටනයේම පියවරක් ලෙස කලින් දවසේ දුටු සිහින විමසිය යුතුය. මනෝවිශ්ලේෂණවාදීන් පවසන ආකාරයට මනුෂ්‍යයාගේ ජීවිතයේ ලිංගිකත්වය විශාල වශයෙන් වැදගත් නිසා ඔහුගේ සිහින තුළ ද මෙම ලිංගික පණිවුඩ අන්තර්ගත වේ. ප්‍රොයිඩ්ට අනූව අතීතයේ තෘප්ත කර ගැනීමට නොහැකි වූ දේවල් සිහිනයක් ලෙසින් පෙනේ.
 
"https://si.wikipedia.org/wiki/මනෝ_විශ්ලේෂණවාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි