"ශ‍්‍රී ලංකාවේ කෝලාහල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
35 පේළිය:
තුළයි.ඒ සඳහා ප‍්‍රධාන වශයෙන් ම ආර්ථික හේතු හා මුස්ලිම් පල්ලියක් ඉරියේ යමින් තූර්ය වාදනය හා බෙර වැයීමක් වැනි ආගමික හේතු ද බලපෑ‍වේය.මුස්ලිම්වරුන්ට පැවති ආහාර ද්‍රව්‍යය හා වෙළඳ ඒකාධිකාරය සිංහලයන්ගේ අධික නොකමැත්තට හේතුවක් විය.පළමු වැනි ලෝක යුද්ධ සමයේ දී ආහාර හිගකම හා ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි කිරීම් වැනි ජනතාවට මුහුණ පෑමට සිදු වූ දුෂ්කරතා මුස්ලිම්වරු වෙළඳා මෙන් ප‍්‍රයෝජන ගන්නා බවට සිංහලයන්ට ඒත්තු ගැන්වීමට උපකාර කළේය.
''===එස්.‍ ‍ජේ. තම්බියහ්===''
මුස්ලිම්වරු වෙළඳාමට දක්ෂ ජාතියක් වූ නිසා ඔවුන්ගේ වෙළඳාම ඇතැම් විට ජනතාව දුෂ්කරතාවයන්ට යොමු කළේය.‘වෙරළබඩ වෙළදුන්ට එරෙහිව නැගුණු චෝදනාවක් වූයේ ඔවුන්ගේ වෙළදාම අවංක හා සාධාරණ නොවන බවයි.ඔවුන් ගිණිපොළියට මුදල් ණයට දෙනු ලැබීය.1915 කෝලාහලවලට පෙර පවා සිංහල ජනයා ඔවුන්ගේ කඩවල් හා ආහාර ලබාදෙන කඩවල් වර්ජනය කළේය’10.
මුවර්වරු අත්‍යවශ්‍යය ද්‍රව්‍යවල මිල ඉහළ යවන බවට චෝදනාවක් විය.ඔවුන්ට විශාල වෙළඳ බලයක් කොළඹ හා අනෙකුත් නගරවල ද පැවතුණි.පළමු වැනි ලෝක යුද්ධ සමයේ සිදුවන ආර්ථික අවපාතය කෙසේ වුවත් මෙහිදී පවසනුයේ 1915 කෝලාහලවලට පෙර සිටම සිංහලයන් මුවර්වන්ගේ කඩ වර්ජනය කළ බවයි.ඒ අනුව වාණිජ තරගකාරිත්වය මත ඇති වූ බලපෑම හමු‍වේ මුස්ලිම්වරුන්ට වෙළඳාම කෙරෙහි සිංහල ජනයා හෝ මෙරට වසන අනෙකුත් ජනයා හෝ පෙළීමට තරම් බලයක් පැවති බව පෙනේ.මෙම මුස්ලිම්වරුන්ගේ එදිරිවාදීන් වූයේ පහතරට සිංහල වෙළදුන්ය.මුස්ලිම්වරුන් ගෙන් සිදු වූ අසාධාරණ හා බලවත් ආර්ථික පීඩනයන් නිසා ඔවුන්ව බොහෝ දෙනා යුදෙව්වන්ට සමාන කරන ලදී.මෙම වෛරය සිංහල ජනතාවගේ එදිනෙදා ජීවිතයට දැඩි බලපෑමක් කරන්නට ඇති බව පෙනී යයි.
"https://si.wikipedia.org/wiki/ශ‍්‍රී_ලංකාවේ_කෝලාහල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි