"භෞමික ග්‍රහලෝක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු robot Modifying: lt:Žemės grupės planetos
1 පේළිය:
[[ගොනුව:5 Terrestrial planets size comparison.png|thumb|400px| [[බුධ (ග්‍රහලෝකය)|බුධ]], [[සිකුරු]], [[පෘථිවිය]], සහ [[අඟහරු]], හා [[සෙරෙස් (වාමන ග්‍රහලෝකය)|සෙරෙස්]] වාමන ග්‍රහලෝකය, යන්නාවූ අන්තහ් ග්‍රහලෝක, ඒවායේ ප්‍රමාණයන් පරිමාණයට අනුව දක්වමින්.]]
{{මකන්න}}<br>
 
#යළියොමුව[[භූමිෂ්ඨ ග්‍රහලෝකය]]
'''භූමිෂ්ඨ ග්‍රහලෝකයක්''', '''පෘථිවි-සදෘශ ග්‍රහලෝකයක්''' හෝ '''පාෂාණී ග්‍රහලෝකයක්''' යනු ප්‍රාථමික වශයෙන් [[සිලිකේට්]] [[පාෂාණ (භූවිද්‍යාව)|පාෂාණ]]යන්ගෙන් සමන්විත [[ග්‍රහලෝකය]]කි. [[සෞර ග්‍රහ මණ්ඩලය]] තුල, භූමිෂ්ඨ ග්‍රහලෝකයන් වන්නේ [[සූර්යයා]] ට කිට්ටුවෙන් පිහිටා ඇති [[සෞර ග්‍රහ මණ්ඩලය #අන්තහ් ග්‍රහලෝක|අන්තහ් ග්‍රහලෝක]] වෙති. '''භූමිෂ්ඨ ''' යන්නට වූ '''ටෙරෙස්ට්‍රියල් ''' යන ඉංග්‍රීසි වදනද '''පෘථිවි-සදෘශ''' යන්නට වූ '''ටෙලියුරික් ''' යන ඉංග්‍රීසි වදනද බිඳී ඇත්තේ [[පෘථිවිය]] සඳහා වූ [[ලතින්]] වචන (''[[ටෙරා]]'' සහ ''[[ටෙලියුස්]]'') වලින් වන අතර, විකල්ප අර්ථදැකුමක් ලෙසින් මෙම ග්‍රහලෝක සියල්ල, යම් සංගණ්‍ය ආකාරයකට, "පෘථිවි-සදිසි" බවක් දැක්විය හැක.
 
භූමිෂ්ඨ ග්‍රහලෝක, බොහෝ විට ඝන පෘෂ්ඨයකට හිමි කමක් නොමැති විය හැකි හා විවිධ [[කලාප (පදාර්ථය)|භෞතික කලාපය]]න් හි පැවැතිය හැකි [[හයිඩ්‍රජන්]], [[හීලියම්]], සහ [[ජලය]] යන්නෙහි කිසියම් සංයෝජනයක් ලෙසින් බොහෝ ලෙසින් පවතින [[වායුමය ග්‍රහලෝකය]]න් ගෙන් බෙහෙවින් වෙනස් වෙති.
 
== ව්‍යුහය ==
සියලු භූමිෂ්ඨ ග්‍රහලෝක හිමි කම් කියන එකම දළ ව්‍යුහය: එය වටා පිහිටන සිලිකේට් [[ප්‍රාචාරය (භූවිද්‍යාව)|ප්‍රාචාරය]]කින් සහ වැඩි වශයෙන්ම [[යකඩ]] වලින් සමන්විත, මධ්‍යගත ලෝහමය [[ග්‍රහලෝක මධ්‍යය|මධ්‍යය]]කි. [[සඳ]] සමාකාර වුවද, යකඩ මධ්‍යයක් විරහිත වෙයි. භූමිෂ්ඨ ග්‍රහලෝක [[අගාධය]]න්, [[ගැටුම් ආවාටය|ආවාටයන්]], [[කන්ද|කඳු]], සහ [[යමහල|යමහල්]] වලින් යුතු වෙති. භුමිෂ්ඨ ග්‍රහලෝක සතු වන්නේ [[ද්විතීයික වායුගෝලය|ද්විතීයික වායුගෝල]] — අන්තහ් යමහල් විදාරණයන් හෝ ධූමකේතු ගැටුම් හේතුවෙන් ජනනය වූ වායුගෝලයන්— වන අතර, මීට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ලෙසින් වායුමය යෝධයන් සතුවන්නේ, [[ප්‍රාථමික වායුගෝලය]]න් — මුල් [[සෞර නීහාරිකාව]] වෙතින් සෘජුව ඩැහැ ගත් වායුගෝලයන් — වෙති.<ref name="Schombert-lec14">{{උපන්‍යාස වෙබ්
|date=2004
|title=ප්‍රයිමරි ඇට්මොස්ෆියර්ස් (තාරකා විද්‍යාව 121: දේශනය 14 ටෙරෙස්ට්‍රියල් ප්ලැනට් ඇට්මොස්ෆියර්ස්)
|publisher=භෞතික විද්‍යා අධ්‍යයනංශය ඔරිගන් විශ්වවිද්‍යාලයය
|author=[http://abyss.uoregon.edu/~js ආචාර්යය. ජේම්ස් ස්කොම්බර්ට්]
|url=http://abyss.uoregon.edu/~js/ast121/lectures/lec14.html
|accessdate=2009-12-22}}</ref>
 
සිලිකන් සංයෝගයන් ප්‍රමුඛත්වය ගන්නා එකක් සහ, [[අංගාරමය කොන්ඩ්‍රොයිට්]] ග්‍රහකයන් හි අයුරින් කාබන් සංයෝගයන් ප්‍රමුඛත්වය ගන්නා තවෙකක් වශයෙන්, භූමිෂ්ඨ හෝ පාෂෘණී ග්‍රහලෝක දෙවර්ගයක් සෛද්ධාන්තිකව පවතිති. මේවා පිළිවෙලින්, සිලිකේට් ග්‍රහලෝක සහ [[කාබන් ග්‍රහලෝකය|කාබන් ග්‍රහලෝක]] (නොහොත් "දියමන්ති ග්‍රහලෝක") වෙති.
 
== සෞර භූමිෂ්ඨ ග්‍රහලෝක ==
[[ගොනුව:Masses of terrestrial planets.png|thumb|right|සෞර ග්‍රහ මණ්ඩලයෙහි, සඳු ඇතුලු භූමිෂ්ඨ ග්‍රහලෝකයන්හී සාපේක්‍ෂ ස්කන්ධයන්]]
පෘථිවියෙහි [[සෞර ග්‍රහ මණ්ඩලය]] සතු වන්නේ භූමිෂ්ඨ ග්‍රහලෝක සතරකි: [[බුධ (ග්‍රහලෝකය)|බුධ]], [[සිකුරු]], [[පෘථිවිය]], [[අඟහරු]], සහ එක් භූමිෂ්ඨ [[වාමන ග්‍රහලෝකය]]ක් වන, [[සෙරෙස් (වාමන ග්‍රහලෝකය)|සෙරෙස්]]. ඝන පෘෂ්ඨයක් සතු වීම නිසාවෙන්, [[ප්ලූටෝ]] වැනි වස්තූන්, භූමිෂ්ඨ ග්‍රහලෝකයන්ට සමතාවයක් දක්වතත්, ඒවා සමන්විත වන්නේ බොහෝ අයිස්මය ද්‍රව්‍යයන්ගෙනි (බලන්න [[අයිස් වාමනයා]]). සෞර ග්‍රහ මණ්ඩලය නිර්මාණය වීමේදී, සමහරවිට මීට වඩා බොහෝ ([[ග්‍රහපිණ්ඩ]]) පවතින්නට ඇති මුත්, [[සෞර නීහාරිකාව|සෞර නීහාරිකාවෙහි]] ඉතිරි ලෝක සතර හා සංයුක්ත වී හෝ ඒවා නිසා විනාශ වී හෝ යන්නට ඇත. භූමිෂ්ඨ ග්‍රහලෝක අතුරින් එකක් පමණක්, එනම් පෘථිවිය, සක්‍රීය [[ජලගෝලය]]කට හිමි කම් කියන බවට ප්‍රත්‍යක්‍ෂ වී ඇත.
 
=== ඝනත්ව නැඹුරුතාවන් ===
සෞර භූමිෂ්ඨ ග්‍රහලෝකයන්, [[සෙරස් (වාමන ග්‍රහලෝකය)|සෙරස්]] සහ [[ක්ෂුද්‍රග්‍රහයා|ක්ෂුද්‍රග්‍රහයන්]] අතුරින් විශාලතම ද්වයය යන සියල්ල සැලකූ කල්හී ඒවායේ අසම්පීඩිත ඝනත්වය සාමාන්‍ය ප්‍රවණතාවක් වශයෙන් [[සූර්යයා]] සිට දුර වැඩිවත්ම ඝනත්වය අඩුවීමක් කරා නැඹුරු වන බවක් පෙන්නුම් කරයි.
 
{|class="wikitable"
|-
!වස්තුව
!මධ්‍යන්‍ය ඝනත්වය
!අසම්පීඩිත ඝනත්වය
!අර්ධ-මහා අක්ෂය
|-
|[[බුධ (ග්‍රහලෝකය)|බුධ]][[ගොනුව:Mercury symbol.svg|14px|{{unicode|☿}}]]
|5.4 ග්‍රෑම්/සෙමී³
|5.3 ග්‍රෑම්/සෙමී³
|0.39 නඒ
|-
|[[සිතුරු]] [[ගොනුව:Venus symbol.svg|14px|{{unicode|♀}}]]
|5.2 ග්‍රෑම්/සෙමී³
|4.4 ග්‍රෑම්/සෙමී³
|0.72 නඒ
|-
|[[පෘථිවිය]] [[ගොනුව:Earth symbol.svg|14px|{{unicode|⊕}}]]
|5.5 ග්‍රෑම්/සෙමී³
|4.4 ග්‍රෑම්/සෙමී³
|1.0 නඒ
|-
|[[සඳ]] [[ගොනුව:Moon symbol decrescent.svg|14px|]]
|3.3 ග්‍රෑම්/සෙමී³
|3.3 ග්‍රෑම්/සෙමී³
|1.0 නඒ
|-
|[[අඟහරු]] [[ගොනුව:Mars symbol.svg|14px|{{unicode|♂}}]]
|3.9 ග්‍රෑම්/සෙමී³
|3.8 ග්‍රෑම්/සෙමී³
|1.5 නඒ
|-
|[[4 වෙස්ටා|වෙස්ටා]] [[ගොනුව:Vesta symbol.svg|14px|]]
|3.4 ග්‍රෑම්/සෙමී³
|3.4 ග්‍රෑම්/සෙමී³
|2.3 නඒ
|-
|[[2 පලාස්|පලාස්]] [[ගොනුව:Pallas symbol.svg|14px|]]
|2.8 ග්‍රෑම්/සෙමී³
|2.8 ග්‍රෑම්/සෙමී³
|2.8 නඒ
|-
|[[සෙරස් (වාමන ග්‍රහලෝකය)|සෙරස්]] [[ගොනුව:Ceres symbol.svg|14px|]]
|2.1 ග්‍රෑම්/සෙමී³
|2.1 ග්‍රෑම්/සෙමී³
|2.8 නඒ
|}
මෙම රීතියට ප්‍රධාන ව්‍යතිරේකය වන්නේ [[සඳු|ස‍ඳෙහි]] ඝනත්වය වන අතර, තම අඩු ඝනත්වයට එය හිමි කම් කියනුයේ එහි අසාමාන්‍ය [[සඳු#සම්භවය සහ භූ විද්‍යාත්මක පරිණාමය|සම්භවය]] නිසාවෙනි. බහිෂ්-සෞර භූමිෂ්ඨ ග්‍රහලෝකයන් ද මෙම නැඹුරුව අනුව යන්නේද යන වග ගැන අනාවැකි පල කෙරුමට සාධක ප්‍රමාණවත් නොවේ.
 
== බහිෂ්-සෞර භූමිෂ්ඨ ග්‍රහලෝක ==
{{මෙයද බලන්න|සුපිරි-පෘථිවිය|ස්පන්ද ග්‍රහලෝකය}}
 
[[ගොනුව:Earthlike planet-browse.jpg|thumb|left|මෙම සිත්තර ප්‍රවාචනය පෙන්නුම් කරන ආකාරයේ පෘථිවි-ප්‍රමාණ ග්‍රහලෝකයන් සොයාගැනුමට [[ස්පේස් ඉන්ටෆෙරෝමෙට්රි මිෂන් (අවකාශ නිරෝධනමිති මෙහෙවර)|SIM ප්ලැනට්ක්වෙස්ට්]] නිසාවෙන් අවකාශ ලැබෙනු ඇත.]]
 
ඒවායේ සත්කාරක තාරකාවන්හී විශාල [[ඩොප්ලර් වර්ණාවලීක්ෂණය|වෙවුලුම්]] ඇතිකිරීමට සමත් බවක් නිරීක්ෂණය කෙරුම ඔස්සේ, අපගේ [[සෞර ග්‍රහ මණ්ඩලය|සෞර ග්‍රහ මණ්ඩලයෙන්]] පිටත ග්‍රහලෝකයන් බහුතරයක් [[වායුමය යෝධයා|වායුමය යෝධයන්]] බවට නිර්ණය කර ගෙන ඇත. කෙසේවෙතත්, බහිෂ්-සෞර ග්‍රහලෝකයන් ගෙන් කිහිපයක් හෝ භූමිෂ්ඨ බවට අනුමාන කෙරේ.
 
1990 ගණන් වල මුල් භාගයෙහිදී, පෘථිවියෙහි මෙන් 0.02, 4.3, සහ 3.9 ගුණයක ස්කන්ධයන් සහිත වූ පළමු බහිෂ්-සෞර ග්‍රහලෝකයන් සො‍යා ගැනුනේ [[PSR B1257+12]] [[ස්පන්ද තාරකාව]] වටා පරිභ්‍රමණය වෙමින් තිබියදීය. ඒවා සොයාගැනුනේ අහම්බෙනි: ඒවායේ සංක්‍රාන්තිය නිසා‍වෙන් ස්පන්ද තාරකාවෙහි රේඩියෝ තරංග සම්ප්‍රේෂණයට බාධිත ඇති විය (ස්පන්ද තාරකාවක් වටා පරිභ්‍රමණය නොවන්නට, ඒවා කිසිදා සොයා නොගැනුමට ඉඩ තිබිණි).
 
== ආශ්‍රිත ==
{{ආශ්‍රලැයිස්තුව}}
 
[[ප්‍රවර්ගය:ග්‍රහලෝක - සූර්ය ග්‍රහ මණ්ඩලය]]
 
[[ar:كوكب أرضي]]
[[bg:Земеподобна планета]]
[[ca:Planeta tel·lúric]]
[[cs:Terestrická planeta]]
[[da:Klippeplanet]]
[[de:Erdähnlicher Planet]]
[[en:Terrestrial planet]]
[[eo:Tereca planedo]]
[[es:Planeta terrestre]]
[[et:Maa-tüüpi planeedid]]
[[fi:Maankaltainen planeetta]]
[[fr:Planète tellurique]]
[[he:כוכב לכת ארצי]]
[[hr:Terestrički planet]]
[[hu:Föld-típusú bolygók]]
[[ia:Planeta terrestre]]
[[id:Planet kebumian]]
[[it:Pianeta terrestre]]
[[ja:地球型惑星]]
[[ko:지구형 행성]]
[[lb:Äerdähnlech Planéiten]]
[[lt:Žemės grupės planetos]]
[[lv:Saules sistēmas iekšējās planētas]]
[[mk:Терестријална планета]]
[[mn:Хөрстэй гариг]]
[[nl:Aardse planeet]]
[[nn:Terrestrisk planet]]
[[no:Terrestrisk planet]]
[[pl:Planeta skalista]]
[[pms:Pianeta rocos]]
[[pt:Planeta telúrico]]
[[ru:Планеты земной группы]]
[[simple:Terrestrial planet]]
[[sk:Terestriálna planéta]]
[[sl:Zemeljski planet]]
[[sr:Терестричка планета]]
[[sv:Stenplanet]]
[[th:ดาวเคราะห์คล้ายโลก]]
[[tr:Yerbenzeri gezegen]]
[[uk:Планети земної групи]]
[[vi:Hành tinh kiểu Trái Đất]]
[[zh:类地行星]]
[[zh-min-nan:Tē-kiû-hêng he̍k-chheⁿ]]
[[zh-yue:類地行星]]
"https://si.wikipedia.org/wiki/භෞමික_ග්‍රහලෝක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි