"ශ‍්‍රී ලංකාවේ කෝලාහල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
==හැදින්වීම==
[[Image:ලාංකික_මුවර්වරු.JPG|thumbලාංකික_මුවර්වරුright]]
 
බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීමෙන් පසු මෙරට සිදු කරන ලද බොහෝ වෙනස්කම් එහි‍ පොදු අවකාශීය වෙනසකට භාජනය වූවා මෙන්ම හදුන්වා දෙන ලද නූතනත්වය ලංකා‍‍ව සාම්ප‍්‍රදායිකව පැවති ක‍්‍රමයෙන් ඔබ්බට ගෙන යාමට සමත් විය.දහනව වැනි ශත වර්‍ෂයේ දෙවන භාගයෙහි විවිධ ආගම් අදහන ජනවර්‍ග රැසක් මෙහි පදිංචිව සිටිය ද බහුතරයක් වු බෞද්ධාගමික සිංහලයන් ද හින්දුවාදය ආගම වූ දමිළයන් ද ඉස්ලාම් ආගම අදහන මුස්ලිමිවරු ද මුල් කර ගනිමින් ලංකා‍වේ ඇති වන ක‍්‍රිස්තියානි ආගමික විපර්යාසයන්ට ප‍්‍රතික‍්‍රියාවක් ලෙස ප‍්‍රතිසංස්කරණ හා පුනර්ජීවන ව්‍යාපාර ආරම්භ විය. මෙම ජනවර්‍ග ක‍්‍රමයෙන් ආගමික මෙන්ම වාර්ගික අනන්‍යතා සකස් කර ගැනීමටත් විඥානයන් ගොඩනගා ගැනීමටත් පෙළඹුණි.එහෙත් බහුතරයක් වු සිංහල බෞද්ධයන්‍‍‍‍‍ගේ විඥානය ප‍්‍රබලව ඉස්මතු වීම ලංකා‍වේ අනෙකුත් ජන වර්‍ග කෙරෙහි ද බලපැවැත් වීය.‍මේ අයුරින් 19 වැනි සියවසයෙහි ඇති වු සිංහල බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාර බලවත් සංකීර්ණ මෙන්ම තීරණාත්මක සාධකයක් ලෙස ලංකා ඉතිහාසයෙහි පත් විය.එහි ප‍්‍රවණතා දෙකක් දක්නට ලැබුණි.එනම්, ‘සිංහල බෞද්ධ අනන්‍යතාවත්,යටත් විජිතවාදීන්ට පෙනෙන අයුරින් තම ආත්මාභිමානයන් ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීමත්ය.’
"https://si.wikipedia.org/wiki/ශ‍්‍රී_ලංකාවේ_කෝලාහල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි