"ශ‍්‍රී ලංකාවේ කෝලාහල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
37 පේළිය:
මුවර්වරු අත්‍යවශ්‍යය ද්‍රව්‍යවල මිල ඉහළ යවන බවට චෝදනාවක් විය.ඔවුන්ට විශාල වෙළඳ බලයක් කොළඹ හා අනෙකුත් නගරවල ද පැවතුණි.පළමු වැනි ලෝක යුද්ධ සමයේ සිදුවන ආර්ථික අවපාතය කෙසේ වුවත් මෙහිදී පවසනුයේ 1915 කෝලාහලවලට පෙර සිටම සිංහලයන් මුවර්වන්ගේ කඩ වර්ජනය කළ බවයි.ඒ අනුව වාණිජ තරගකාරිත්වය මත ඇති වූ බලපෑම හමු‍වේ මුස්ලිම්වරුන්ට වෙළඳාම කෙරෙහි සිංහල ජනයා හෝ මෙරට වසන අනෙකුත් ජනයා හෝ පෙළීමට තරම් බලයක් පැවති බව පෙනේ.මෙම මුස්ලිම්වරුන්ගේ එදිරිවාදීන් වූයේ පහතරට සිංහල වෙළදුන්ය.මුස්ලිම්වරුන් ගෙන් සිදු වූ අසාධාරණ හා බලවත් ආර්ථික පීඩනයන් නිසා ඔවුන්ව බොහෝ දෙනා යුදෙව්වන්ට සමාන කරන ලදී.මෙම වෛරය සිංහල ජනතාවගේ එදිනෙදා ජීවිතයට දැඩි බලපෑමක් කරන්නට ඇති බව පෙනී යයි.
 
===කේ.එම්.ද සිල්වා===
1915 කෝලාහලය වෙරළබඩ මුස්ලිම්වරුන්ට එරෙහිව පැන නැගුණක්.ඔවුන් දුප්පතුන් හා කරන ලද වෙළදාම සමිබන්ධයෙන් අධික මිලකට ගණුදෙණු කළ අතර වැඩි පරාසයකට ණය දීම හේතු කොට ගෙන මුස්ලිම්වරු සිංහල වෙළෙන්ඳන්ගේ විශේෂයෙන් පහත රට සිංහල වෙළදුන්ගේ විරුද්ධවාදීන් බවට පත් විය.එහෙත් සිංහලයන්ට මුවර්වරුන්ගේ ආගම විනාශ කිරීමට හෝ වෙන යම් ජාතිවාදී ගැටලුවක් නොවීය.එසේම පහත රට වෙළදුන් බෞද්ධ ව්‍යාපාරයේ ඉතා ප‍්‍රබල සාමාජිකයන් වූ නිසාම මෙම වාණිජ එදිරිවාදිකම තියුණු ලෙස හා පහසුවෙන් ම ආගමික දෘශ්ටිවා දී මුහුණුවරක් ගත්තේය11.
සිංහලයන්ගේ දැඩි එදිරිවාදිකම වැඩි ලෙස,බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ ප‍්‍රබලයන් වූ පහතරට සිංහල වෙළදුන්ගෙන් වාණිජ බලයක් පතුරවා සිටි මුස්ලිමිවරු කෙරෙහි ප‍්‍රතික‍්‍රියා කරන ලද්දේ සිංහල වෙළදුන්ට එතරම් ප‍්‍රබල විරෝධයක් එල්ල කිරීමට නොහැකි වූයෙන් මුස්ලිම්වරුන්ට බලපෑමක් කළ හැකි ආගමික දෘශ්ටියෙනි.එමෙන්ම විරෝධයන් ගෙන් මතු වුයේ වාණිජ තරගකාරිත්වයේ නොමනාපයන් මිස එය ආගමික හෝ ජාතිවාදී ප‍්‍රතිවිරෝධයක් නොවූ බව කේ.එම්.ද සිල්වා තම තර්‍කයෙන් ඉදිරිපත් කරයි.මෙම විරෝධතාවන් වෙරළබඩ මුස්ලිම් ප‍්‍රජාව ඔවුන්ගේ වෙළඳ පරමාර්ථය හැරුණු කොට බහුතර මුසලිම් ප‍්‍රජාවකට වඩා ඔවුන්ගේ සිවිල් අයිතීන් රැක ගැනීමට උනන්දු කළ බව පැහැදිලිවම පෙනේ.‍මේ අනුව මුස්ලිම්වරුන්ගේ විශේෂයෙන් ම වෙරළබඩ මුවර්වරුන්ගේ අනන්‍යතාවන් හා සවිඥානිකත්වයන් පහත රට සිංහල බෞද්ධයන්ගේ ආර්ථික ක‍්‍රියාකාරකම්වලට හා ජීවන ක‍්‍රමයට විරුද්ධ වීම මත හිංසනයක් බවට පත් විය.
"https://si.wikipedia.org/wiki/ශ‍්‍රී_ලංකාවේ_කෝලාහල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි