"ජාන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
 
DNA ද්විත්ව හෙලික්සයේ භෂ්ම 4 සහිත රසායනික ව්යුහය බහුතරයක් ජිව සංවිධාන ඔවුනගේ ජාන රඳවා ගන්නේ DNA දිගු දාමවලයි. DNA වල ඇති දාමය භෂ්ම වර්ග 4කින් යුතු නියුක්ලියෝටයිඩ වර්ග 4කින් යුතුයි. ඒවා උප ඒකකයි. එනම් ඇඩිනින් සයිටොසීන්, ගුඇනින්, තයිමීන්. සෑම නියුක්ලියෝටයිඩ උප ඒකකයක්ම සංඝටක 3කින් යුතුයි. පොස්ෆේට කාණ්ඩය, ඩිඔක්සිරයිබෝස් සීනි වළල්ල නියුක්ලියෝ භෂ්ම එම නිසා DNA හෝ RNA වල ඇති නියුක්ලියෝටයිඩ දර්ශීයව භෂ්ම නමින් හඳුන්වන අතර, ඒවායේ ඇති පියුරීන්, පිරිමිඩින් නියම භෂ්ම සංඝටක වන ඇඩ්නින්, සයිටොඩින්, ගඇනින්, තයිමීන්වලට අනුව හඳුන්වයි. බහුතරය DNA ව්යුහය වන්නේ ද්විත්ව හෙලික්සයයි. DNA අණු 2ක දක්ෂිණාවර්ථව සර්පිලාකාරව එක වටා එකක් ලෙස ඇඹරී මෙය තනයි. මෙම ව්යුහයට අනුව භෂ්ම ගැලපීමේ රීතියට අනුව ගුඇනින් සයිටොසීන් සමඟත් ඇඩිනින් තයිමීන් සමඟත් යුගල විය යුතුයි. (එක් යුගලයක්1 පියුරිනයක් හා 1 පිරිමීඩිනයකින් යුක්තයි) මෙම යුගල වන ගුඇනින්, සයිටොසින් අතර H බන්ධන 3ක් ද ඇඩිනින් තයිමීන් අතර H බන්ධන 2ක් ද ඇත. එම නිසා DNA ද්විත්ව හෙලික්සයේ DNA අණු 2, එකකට එකක් අනුරූප වේ. පෙන්ටෝස් සීනි අණුවෙහි රසායනික සංයුක්තය නිසා DNA රැහැනට දිශාගත වීම වේ. DNA මහාණුවේ එක් කොටසක විවෘත වූ හයිඩොසිල් කාණ්ඩයක් ඩිඔක්සිරයිබෝස් මත තිබෙන අතර මෙය අණුවේ 31 අන්තය නම් වේ. අනෙක් අන්තයේ විවෘත පොස්පේට් කාණ්ඩයකි. මෙය 51 අන්තයයි. බොහෝ සෛල ක්රියාකාරකම්වලට මෙම DNA වල දිශාගත වීම වැදගත් වේ. DNA ද්විත්ව හෙලික්සයන් සෑම විටම දිශාවක් ඇති නිසා (එක් රැහැන් 51-31 ද යුගල වූ අනික් රැහැන් 31-51 දිශාවට සිදු වේ.හේතුව අලුත් කුඩා අණු විවෘත වූ 31 හයිඩ්රොක්සිල් කොන න්යෂ්ටික අම්ල ප්රිය කරන ස්ථානයක් nucleophile ලෙස ක්රියා කර එහි දී ජල විච්ඡේදක ප්රතික්රියාවකින් එකතු වේ. DNA වල ඇතුළු වූ 1 සංයුක්ත වූ ජාන ප්රකාශනය ඇරඹෙන්නේ ජාන RNA වලට පිටපත් වීමෙනි. RNA තව නියුක්ලික් අම්ල ආකාරයක් වන අතර DNA වලට සමානය නමුත් ඒවායේ ඒකකවල අඩංගු වන්නේ රයිබෝස් සීනි අණුවකි. (ඩිඔක්සිරයිබෝස් නොවේ) තවද තයිමින් වෙනුවට යුරැසිල භෂ්මයක් ඇත. DNA වලට වඩා RNA වල ස්ථාවරභාවය අඩු අතර දර්ශීයව තනි රැහැනකින් යුතුයි. ප්රෝටීනවලට කේත සහිත ජාන කෝඩෝන නම් නියුක්ලියෝටයිඩ අනුපිළිවෙලවල් 3කින් යුතු කොටස් අඩංගුය. එම කෝඩෝන ජාන “භාෂාවේ” “වචන” ලෙස ක්රියා කරයි. ප්රෝටීන පරිවර්තනයේ දී කෝඩාන හා ඇමීනෝ අම්ල අතර ඇති අනුරූපතාව ප්රවේණි කේතයන් සංඥා විශේෂිත වේ. සෑම දන්නා ජීවී සංවිධානයකට ප්රවේණික කේතය එකම වේ.
 
==හැඳින්වීම==
සමහර අවස්ථාවලදී RNA ,ජාන වලින් ප්‍රෝටීන නිෂ්පාදනය කිරීමේදී සිදුකරන අතරමැදි නිෂ්පාදනයකි. කෙසේ වුවද අනෙක් ජාන අනුපිලිවෙලවලට RNA අණු ඇත්නම් ක්‍රියාකාරී නිෂ්පාදනය. උදා- රයිබොසෙම නම් වූ RNA වලට එන්සයිම ක්‍රියා කරන අතර mRNA නියාමක කෘත්‍යක් සිදුකරයි. මෙම RNA අනුපිලිවෙලින් නිෂ්පාදනය වන RNA,RNA ජාන නමි වේ. සමහර වෛරස ඔවුන්ගේ සම්පූර්ණ ජිනෝමයම RNA ලෙස ගබඩාකරන අතර DNA අඩංගු නොවේ. ඔවුන් ජාන ඔවුන් ජාන ගබඩා කිරීමට RNA යොදා ගන්නා නිසා ඔවුන්ගේ සෛලික ධාරකයන් විසින් ආසාධනය වූ විගස ඔවුන්ගේ ප්‍රෝටීන නිශ්පාදනය කරන අතර පිටපත් කිරීමටද කාලයක්ද වැය නොවේ. අනෙක් අතින් RNA රෙට්රොවයිරස (HIV වැනි) ප්‍රතිපක්ෂ පිටපත් කිරීම මගින් RNA තුල ඇති ජිනෝමය ප්‍රෝටීන නිෂ්පාදනයට පෙර RNA බවට පත්කරගනී .2006 දී ප්‍රංශ විද්‍යාඥයින් පැනයට විසඳුම් සොයාගනී. උදා - ලෙස මීයන්ගේ RNA මධ්‍ය වූ ප්‍රවේනිය kit නම් ජානයේ කෘත්‍ය අහිමි වූ විකෘතිය නිසා සුදු වලිගා මීයන්ට ඇතිවේ. ඔවුන්ගේ පැටවුන්ට kit ජානය තිබුනද හිමිවන්නේ සුදු වලිගයකි. පර්යේෂකයින් කණ්ඩායම මෙය විකෘති kit RNA නිසා සිදුවන්නක් බව සොයා ගති. වෛරස වල ප්‍රවේනික ගබඩාව RNA වුවද සත්ව ලෝකය තුල ක්ෂීරපායින්ගේ මෙය ඉතා කලාතුරකින් සිදුවන්නකි.
"https://si.wikipedia.org/wiki/ජාන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි