"ජාන" හි සංශෝධන අතර වෙනස්කම්

 
ජීවියකුගේ කුමන ඇලීලය යම් කිසි ලක්ෂණයක් උරුම කරයිද යන වග හා මොන ඇල්ලය එය වෙනත් ලක්ෂයක් උරුම කරන්නේද යන්න අතර සම්බන්ධයක් නැත. ඇත්තවශයෙන්ම මෙය සතය වන්නේ එකම ප්රඋවේණි දේහයක් මත නොමැති (වෙන වෙනත් ප්රශවේනි දේහ වල ඇති) ජාන වලටත් නැතිනම් එකම ප්රවවේනිදේහය බොහෝ දුරින් ඇති ජාන වලටත් පමණි. ජාන දෙකක් එකම ප්රිවේණි දේහයක ලඟින් පිහිටන තරමට ජන්මාණු වලට ඒදෙකට එකට සම්ප්රේකෂෂණය වීමේ සම්භාවිතාව වැඩිය. ඉතා ලඟින් පිහිටන ජාන දෙකක් මංසල තනා වෙන්වීම ඇත්තවශයෙන්ම කවදාවත් සිදුනොවන තරම්ය. හේතුව මංසල සංධි එම ජාන අතරින් සිදු නොවන බැවිනි. මෙය ප්රනවේණික බින්ධය නම්වේ.
 
==ජාන ඉතිහාසය==
ජාන පවතින බවට පළමු වරට මතයක් ඉදිරිපත් කරන ලද්දේ ග්‍රෙගර් මෙන්ඩල් (1822 – 1884) විසිනි. ඔහු 1860 වර්ෂවලදී මෑ ශාකවල ආවේණික පිළිබද අධ්‍යයනය කරමින් ජනකයින්ගේ ලක්ෂණ ජනිතයින් වෙත රැගෙන යාමේ සාධකයක් ‍පිළිබද කල්පිතයක් ඉදිරිපත් කරන ලදී. ඔහුගේ එක් පරීක්ෂණයක් සදහා වසර 10 කටත් වැඩි කාලයක් ගත කෙරිණි. මෙන්ඩල් විසින් ජාන යන වචනය භාවිතා නොකළ නමුත් ආවේනික ලක්ෂණ යන පදය භාවිතයෙන් තම පරීක්ෂණ ප්‍රතිඵල පැහැදිලි කරන ලදී. තවද ස්වාධීන සංරචකය , ප්‍රමුඛ හා නිලීන ලක්ෂණ අතර විශිෂ්ටතාවය , විෂම යුග්මක හා සමයුග්මක විශිෂ්ටතාව , පසු කලෙක එනමින් හදුන්වන ලද රූපාණු දර්ශ හා ප්‍රවේණිදර්ශ අතර විශිෂ්ටතාව යන කල්පිත ද පළමු වරට ඉදිරිපත් කරන ලද්දේ ග්‍රෙගර් මෙන්ඩල් පළමු වරට ඉදිරිපත් කරන ලද්දේ ග්‍රෙගර් මෙන්ඩල් විසිනි. 1889 වසරේ දී හියුගෝ ඩිව්රිස් විසින් මෙන්ඩල්ගේ සංකල්පයට නමක් යොදන ලදී. එම කාල වකවානුවේදී මෙන්ඩල්ගේ පරීක්ෂණ පිළිබද බොහෝවිට ඩිව්රිස් නොදැන සිටියා විය හැක. කෙසේ වුවත් ඩිව්රිස් විසින් අන්තඃසෙලීය ස්වර්ජනනය නැමැති තම පොතෙහි “එක් ආවේණික ලක්ණයක් රැගත් කුඩාම කොටස” යන අර්ථයෙන් “සර්වාංශු” යන වචනය ප්‍රබන්ධ කර තිබිණි. ඊට දශක දෙකකට පසුව විල්හෙල්ම් ජොනැන්සන් විසින් එම වචනය කෙටි කොට ජානය ලෙසින් නම් කරන ලදී.
1900 වසරවල මුල් කාලයේ දී මෙන්ඩල්ගේ පරීක්ෂණ කෙරෙහි විද්‍යාඥයින‍්ගේ අවධානය නැවත යොමු විය. 1910 වසරේදී තොමස් හන්ට් මෝර්ගන් විසින් විශේෂ වර්ණදේහ තුළ ජාන පවතින බව පෙන්වා දෙන ලදී. වර්ණදේහවල යම් විශේෂිත ස්ථානයන්හි ජාන පවතින බව පසු කලෙක දී ඔහු විසින් පෙන්වා දෙන ලදී. මේ කරුණු උපකාරයෙන් මෝර්ගන් සහ ඔහුගේ ශිෂ්‍යයින් පළමුවරට Drosophila නම් පළතුරු මැස්සාගේ වර්ණ‍දේහ සිතියම් කිරීම ආරම්භ කරන ලදී. 1928 දී තමා විසින් සිදු කරන ලද පරීක්ෂණ පදනම් කොට ගෙන ජානවලට හුවමාරු විය හැකි බව ෆෙඩ්‍රික් ග්‍රිෆික් විසින් පෙන්වා දෙන ලදී. ඔහුගේ පරීක්ෂණයේදී තාපය හමුවේ අඩපණ කරන ලද මාරාන්තික බැක්ටීරියාවක් මීයෙකු තුළට එන්නත් කිරීමේ දී බැක්ටීරියාවේ අඩංගු වූ ප්‍රවේනික තොරතුරු ඒ හා සමාන මාරාන්තික නොවන බැක්ටීරියා සම හුවමාරු වීමෙන් මීයා මරණයට පත්විය. මෙම පරීක්ෂණය ග්‍රිෆිත්ගේ පරීක්ෂය ලෙසින් හදුන්වනු ලැබේ.
ජාන විකෘති මගින් පරිවෘත්තීය ක්‍රියාවලින්ගේ සමහර පියවරවලදී ගැටලු ඇතිවන බව 1941 වසරේදී ජෝර්ජ් වෙල්ස් බීඩ්ල් සහ එඩ්වඩ් ලව්රි ටාටම් විසින් පෙන්වා දෙන ලදී. ඒක විශේෂිත ප්‍රෝටීනයකට එක් විශේෂිත ජාන සංඥා කේතයක් ඇති බව මෙයින් පැහැදිලි වේ. 1944 වසරේ දී ඔස්වල්ඩ් අව්රි කොලින් මැක්ලියෝ සහ මැක්ලින් මැකාටි විසින් ජානයක තොරතුරු DNA තුළ අඩංගු වන බව පෙන්වා දෙන ලදී. 1953 වසරේ දී ජේම්ස් . ඩී. වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රික් විසින් DNA හි අණුක ආකෘතිය ඉදිරිපත් කරන ලදී.
 
 
==ජාන ඉලක්ක කිරීම් සහ භාවිතා==

සංස්කරණ

15,134

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/102372" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි