"ජාන" හි සංශෝධන අතර වෙනස්කම්

ජානයක් ප්‍රෝටීන බවට පරිවර්තනය කරන නීති කාණ්ඩයක් ලෙස ප්‍රවේනික කේත/ සංඥා හැඳින්විය හැක. සෑම ජානයක්ම DNA වල අඩංගු වන විශේෂිත නියුක්ලියෝටයිඩ අනුපිළිවෙලක් අඩංගුය. ජානයක් සාර්ථක ලෙස ක්‍රියාකාරී ප්‍රෝටීනයක් බවට පත්වීමට ප්‍රවේණි ද්‍රව්‍යයේ අච්චු ගල් වන නියුක්ලියෝටයිඩ හා ප්‍රෝටීනයේ තැනුම් ඒකක වන ඇමයිනෝ අම්ල ද අතර අනුරූපතාවක් තිබිය යුතුය. කෝඩෝන නම් වූ නියුක්ලියොටයිඩ 36න් කාණ්ඩ එක එකක් විශේෂිත ඇමයිනෝ අම්ලයකට හෝ සංඥාවකට අනුරූප වන අතර මෙම කොඩාන 3 “නැවතීමේ කොඩෝන” වේ. නව ඇමීනෝ අම්ලයක් සඳහා විශේෂිත වීමට අමතරව ජානයක අවසානය පැමිණ ඇති බවට පිටපත් කිරීමේ යාන්ත්‍රණයට ඒත්තු ගන්වයි. කොඩෝන 64ක් පමණ ඇති අතර (එක් එක් ස්ථාන 3 නියුක්ලියෝටයිඩ වර්ග 4කින් එනිසා 43 තිබිය හැකි කොඩෝන ගණවේ) ප්‍රමිතිගත ඇමයිනෝ අම්ල 20ක් පමණ ඇත්තේ එම නිසා සංඥා අතිරික්ත අතර සංඥා විශාල ගණනක් එකම ඇමයිනෝ අම්ලයට සංඥා කේත සපයයි. ඇමයිනෝ අම්ල හා කොඩෝන අතර ඇති අනුරූපතාවය සෑම ජීව සංවිධානයකට සමස්ථයකි.
 
===ජාන පිටපත් කිරීම===
ජාන පිටපත් කිරීමේ ක්‍රියාවලියේ දී පණිවිඩ RNA නම් වූ ඒක රැහැනකින් යුත් RNA අණු නිෂ්පාදනය වේ. එහි අනුපිළිවෙල පිටපත් වන DNA අණුවේ රැහැනට අනුරූප වේ. මෙම DNA රැහැන් සංඥා රැහැන් නම් වේ. RNA නිෂ්පාදනය වන DNA රැහැන අච්චු රැහැන වේ. RNA පොලිමරේස් එන්සයිමයෙන් පිටපත්වීම සිදු කරන අතර එහිදී අච්චු රැහැන 31 සිට 51 දිශාවට කියවන අතර RNA රැහැන 51 - 31 දිශාවට නිෂ්පාදනය වේ. පිටපත් වීම ඇරඹීමට එම එන්සයිමය මඟින් ජානයේ අනුග්‍රාහක ‍පෙදෙස හඳුනාගත යුතුයි. එම නිසා ජාන පාලනයේ ප්‍රධාන යාන්ත්‍රණයක් වන්නේ අනුග්‍රාහක පෙදෙස හඳුනාගැනීමෙන් වැලකීම සඳහා අනුග්‍රාහක පෙදෙස සිර කිරීම, හෝ තනි කිරීම මඟිනි. (මෙය පොලිමරේස්ව කායිකව වළකන repressor නම් වූ මැඩ පවත්වන අණුවක් තදින් බැඳී හෝ DNA අණුව සංවිධානය වීමෙනි) ප්‍රෝකැරියෝටාවන්ගේ පිටපත්කරණය සෛල ප්ලාස්මයේ සිදු කෙරේ. දිගු පිටපත්වලට, පිටපත්කරණය 51 අන්තය පිටපත් වෙද්දීම RNA වල 51 අන්තයෙන් ද සිදුවේ. ඉයුකැරිහෝටාවරුන් මෙය න්‍යෂ්ටිය නම් වූ සෛලයේ DNA තනිව එක්රැස් වූ ස්ථානයේ දී සිදු වේ. ප්‍රථම පිටපත වු RNA අණුව පොලිමරේස් මඟින් ද නිපදවෙන අතර එය පශ්චාත් පිටපත් නවීකරණය සෛල ප්ලාස්මයට නිදහස්වීමට පෙර සිදු වේ.
 

සංස්කරණ

15,134

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/102366" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි