"ජාන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
10 පේළිය:
බොහෝ ප්‍රෝකාරියෝටා ජාන ඔප්රන්ස් වලට සංවිධානගතවී ඇත. මේවා ජාන භාණ්ඩ වන අතර ඒවායේ නිෂ්පාදන වල ක්‍රියා එකිනෙකට නෑනම් කියන අතර ඒකකයක් ලෙස පිටපත් වේ. ප්‍රතිවිරුද්ධ ලෙස ඉයුකැරියෝටා ජාන වරෙකට එක බැගින් පිටත් වේ. එනමුත් ඉන්ට්‍රෝන නම් වු දිගු DNA කොටස් අඩංගු වන අතර ඒවා පිටපත් වන නමුත් කෙසේවත් ප්‍රෝටීන බවට පරිවර්තනය නොවේ. (පරිවර්තනයට පෙර ඒවා කැපී වෙන්වේ) මෙම කුඩා කැබලි වලට කැපීම / පැලීම ප්‍රෝකැරියාටාවන්ගේ ද ඉයුකාරි යොටාවන්ට වඩා බොහෝ අඩු සම්භාවිතයකින් සිදුවේ.
 
==ජාන පිටපත් කිරීම==
ජාන පිටපත් කිරීමේ ක්‍රියාවලියේ දී පණිවිඩ RNA නම් වූ ඒක රැහැනකින් යුත් RNA අණු නිෂ්පාදනය වේ. එහි අනුපිළිවෙල පිටපත් වන DNA අණුවේ රැහැනට අනුරූප වේ. මෙම DNA රැහැන් සංඥා රැහැන් නම් වේ. RNA නිෂ්පාදනය වන DNA රැහැන අච්චු රැහැන වේ. RNA පොලිමරේස් එන්සයිමයෙන් පිටපත්වීම සිදු කරන අතර එහිදී අච්චු රැහැන 31 සිට 51 දිශාවට කියවන අතර RNA රැහැන 51 - 31 දිශාවට නිෂ්පාදනය වේ. පිටපත් වීම ඇරඹීමට එම එන්සයිමය මඟින් ජානයේ අනුග්‍රාහක ‍පෙදෙස හඳුනාගත යුතුයි. එම නිසා ජාන පාලනයේ ප්‍රධාන යාන්ත්‍රණයක් වන්නේ අනුග්‍රාහක පෙදෙස හඳුනාගැනීමෙන් වැලකීම සඳහා අනුග්‍රාහක පෙදෙස සිර කිරීම, හෝ තනි කිරීම මඟිනි. (මෙය පොලිමරේස්ව කායිකව වළකන repressor නම් වූ මැඩ පවත්වන අණුවක් තදින් බැඳී හෝ DNA අණුව සංවිධානය වීමෙනි) ප්‍රෝකැරියෝටාවන්ගේ පිටපත්කරණය සෛල ප්ලාස්මයේ සිදු කෙරේ. දිගු පිටපත්වලට, පිටපත්කරණය 51 අන්තය පිටපත් වෙද්දීම RNA වල 51 අන්තයෙන් ද සිදුවේ. ඉයුකැරිහෝටාවරුන් මෙය න්‍යෂ්ටිය නම් වූ සෛලයේ DNA තනිව එක්රැස් වූ ස්ථානයේ දී සිදු වේ. ප්‍රථම පිටපත වු RNA අණුව පොලිමරේස් මඟින් ද නිපදවෙන අතර එය පශ්චාත් පිටපත් නවීකරණය සෛල ප්ලාස්මයට නිදහස්වීමට පෙර සිදු වේ.
 
පරිවර්තනය සඳහා ඉයුකැරියෝටාවන්ටම විශේෂිත ලෙස පිටපත් වූ පෙදෙසේ ඇති ඉන‍්ට්‍රෝන පුරුද්දීම සිදුවේ. විකල්ප පිරිද්දීම් යාන්ත්‍රණයක් මඟින් වැඩුණු පිටපත්වල එකම ජානයෙන් වුව ද වෙන වෙනත් අනුපිළිවෙලවල් ඇති අතර වෙන වෙනත් ප්‍රෝටීනවලට සංඥා සපයයි. ඉයුකැරියෝටා සෛලවල සිදුවන වැදගත් නියාමනයකි.
 
 
"https://si.wikipedia.org/wiki/ජාන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි