විජය කුමරු සිය පරිවාර සෙනග සමග සිය මවුබිම වූ ලාටරට සිංහපුර සිට ලංකා දිවයින දක්වා, ලක්දිව වෙත සේන්දුවීම සහ සබැදි සිදුවීම් මාලාව විජයාවතරණය ලෙස හඳුන්වනු ලැබේ.

විජයාවතරණ පුරාවෘත්තය එකිනෙකට වෙනස් වූ ආකාර කිහිපයකින් විවිධ ජාතීන් අතර සුරක්ෂිතව පවතින අතර ඉන් වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පාලි මහාවංශයෙහි පිලිවලින් සවැනි සහ සත්වැනි පරිච්ඡේද වන විජයාවතරණ සහ විජයාභිෂේක යන පරිච්ඡේද දෙකෙහි ඇති කථා පුවතයි.

මහාවංශයට අනුව උත්තර ඉන්දියාවේ වංග රජධානියේ රජුට සිය කාලිංග වංශික මහරාණියට දාව කුමරියක උපදියි.ඇය නමින් සුප්‍පා දෙවී නම් වේ.තරුණ කාලයේදී ස්වාධීන ජීවිතයක් ගත කිරීමේ අරමුණින් කුමරිය වෙලද පිරිසක් සමග මගධය බලා ගමන් ගනී.අතරමගදී ලාට රට ප්‍රදේශයේදී සිංහයකු(සිංහ ගෝත්‍රයේ මිනිසකු) වෙලද ගැල් වලට පහර දේ පසුව සුප්පා දේවිය විවාහ කරගන්නා සිංහට සිංහබාහු සහ සිංහසීවලී නම් දරු දෛනක් ලැබේ.දැඩි පියෙකු වන සිංහගේ ග්‍රහණයෙන් මිදී වංගය දෙසට පලායෑමට සිංහබාහු සමත් වේ.පසල්මිගමකදී සිංහබාහුට සිය මවගේ ඇවැස්ස මස්සිනා වන වංග සෙන්පති හමුවේ.සෙන්පති විසින් සුප්පා දේවිය විවාහ කරගන්නා අතර දරු දෙදෙනාද රැගෙන වංගයට ගමන්ගනී.මින් කෝපයට පත්වන සිංහ වංග දේශ සීමාවට ඇතුළු වී ගම් පටුන්ගම් විනාශ කරමින් වංගයෙහි අගනුවර දෙසට ගමන්ගනී.මෙම පුවත සැලවුනු පසු වංගයෙහි මහරජ විසින් සිංහ ඝාතනය කරනු පිනිස මිනිසුන් කැදවන මුත් බියෙන් තැතිගත් වංගයෙහි කිසිවකු එයට ඉදිරිපත් නොවේ අවසන සිංහබාහු කුමරු විසින් සිංහව ඝාතනය කිරීමට ඉදිරිපත් වීමට උත්සහ දරනමුත් සුප්පා දේවිය විසින් දෙවරක් ඔහුව වලක්වයි නමුත් තුන් වන වර ඔහුව වැලකීමට දේවිය අපෙහොසත් වෙයි. සිංහව ඝාතනය කිරීමට සමත් වන කුමරුන්ව රජුට ඉදිරිපත් කල පසු සිය මුණුපුරන් හැදින රාජ්‍යත්වය ලබාදේ ,රාජ්‍යත්වය පිලගන්නා සිංහබා කුමරු පසුව පීතෘ ඝාතනයේ චිත්තපිඩාව හේතු කරගෙන වංගය සිය සුළුපියාට පවරා යලි ලාට රට ගොසු එහි සිංහගේ නමින් සිංහපුරය ගොඩනංවා එහිරාජ්‍යත්වයට පත්වෙයි(මෙම සිංහපුරය වත්මන් බටහිර බෙංගාලයෙ සිංගර නගරය ලෙස හෝ ගුජරාටයෙහි අතීත ලාට රට යයි හදුනාගෙන ඇත.)

සිංහබාහු රජුගේ පුත්‍රයන් අතර විජයනම් කුමරෙක් සිටියි.යුවරජ පදවි දරන කුමරු හිතුවක්කාර ගති පැවතුම් ඇති අයකු වන අතර ඔහුගෙන් සිංහපුර වැසියන්ට තාඩන පීඩන එල්ලවේ.කුමරු අතින් සිදුවන යම් වැරැද්දක් නිසා කුමරුට මරණ දඩුවම පන⁣වන මෙන් මිනිසුන් විරෝධතා කරන විට රජු විසින් විජය කුමරුගේ හිස අඩක් මුඩු කර හොර රහසේම සත්සියක් පිරිවර ඇතුව නැව් නංවයි. මෙසේ නැව් නගින සත්සිය පිරිවරෙහි භාර්යාවන්ද දරුවන්ද වෙන වෙනම නැව්වල නංවා පිටත් කෙරෙන අතර දරුවන් රැගත් නැව් නාගදීපයටද භාර්යාවන් සහිත නැව මහිලා දිවයිනටද(මාල දිවයින ලෙසද හදුනාගනී) ගෙඩබසී.දරුණු කුණාටුවකට හසුවන විජය කුමරුගේ නෞකාව මන්නාරම් වෙරලට ගාසාගෙන එයි.

විජය කුමරු ගෞතම බුදුන් මල්ල රටෙහි සල්වනයෙහි පිරිනිවන් මංචකයෙහි සැතපුනු දිනයෙහිම එනම් ක්‍රි. පූ 543 වෛශාඛ්‍ය මස පුරපසළොස්වක් දිනයෙදීම ලක්දිවට ගොඩබසී.බුදුන් විසින් පිරිනිවන් මංචකයේ සිට විජය කුමරුට සහ පරිවාර සෙනගට ආරාක්ෂාව සැලසීමෙහි ඇති දැඩි අවශ්යතාව ඉන්ද්‍ර දෙවියන් (ශක්‍ර දෙවි) අමතා

“සිංහබා රජු පිත් තෙල විජයකුරම අනුගත සත්සියයක් පිරිවර ඇතිව ලාටරටින් (අවුත්) ලක්දිව බැස්සේය. “දෙවෙන්දයය! මාගේ සස්න ලද්දිව්හි පිහින්නේය, එහෙයින් පිරිවර සහිත් උහුද ලඞ්කාවිද මොන වට රකුව්” වදාළසේක.

එ බස් අසා ඉන්ද්‍ර දෙවි උපුල්වන් (විෂ්ණු) දෙවි කැදවා විජය ඇතුලු පිරිස රකින ලෙසට නියෝග කරයි. විජය කුමරු ඇතුලු පිරිස වෙරළට සේන්දු වූ පසු දැඩිව වෙහෙසව සිටි නිසා අතිවූ ක්ලාන්ත ගතියක් නිසා සිය අත් බිම තබා වෙරල මත හිද ගනී.එසේ තැබූ අත් තබ පැහැති වූ නිසාවෙන් ඒ කුමරු විසින් දිවයිනට තාම්ර පර්ණ අනි යැයි නම් තැබූ බව කියැවේ.

විජය කුමරු මෙසේ ගොඩ බට පසුව තාපස වේශයක් මවාගෙන ගසක් යට වැඩසිටින උපුල්වන් දෙවි දැක "පුණ්‍යවන්තය මේ කවර දිවයිනක්ද ?" යයි විචාරීය. එවිට විෂ්ණු දෙවි විසින් මෙරට නම් ලක්දිවයයි කියා මිනිස්සු මෙහි නැත්තාහුයයිද තොපට භයෙක් නොවන්නේයයිද කීය. මෙසේ කියා කෙණ්ඬ්කායෙන්(පැන් කෙන්ඩියෙන්) ඒ මිනිසුන් (පිරිත්) පැන් ඉස, ඔවුන් අත (පිරිත්) ආරක්ෂක නූල් බැද අහසින් ගිය බව සදහන් වේ.

පසුව සුනඛ වේශයක් ගෙන පැමිනි පරිවාර යකින්නක් (හො සමාන්‍ය බැල්ලක්) දැක සුනකයන් යනු ගෘහාශ්‍රිත සත්වයකු හෙයින් උදව් ලබා ගැනීමට හැකි මනුෂ්‍යවාසයක් මෙහි ඇතැයි සිතූ වාසයක් මේ අවට ඇති යයි සිතා විජය කුමරු සිය පිරිසෙන් අයකු බැල්ල පසුපස යවයි.ඔහු යලි නොපැමිණි හෙයින් තවත් පිරිස් යවයි.

විජය කුමරු ඇතුලු පිරිවර ගොඩබට බව දැනගත් එක් යකිනියක් තාපස ස්ත්‍රී වේශයක් ගෙන සළු පොරවා කපු කටිමින් ගසක් යට හිද සිටියේය.ඇය විසින් බැල්ල පසු පස ආ මිනිසා ග්‍රහණයට ගත් නමුත් උපුල්වන් දෙවියන් විසින් බදින ලද පිරිත් හුය නිසා මිනිසාට සමීප වීමට හෝ හානි කිරීමට ඇයට නොහැකි වේ.මේ ආකාරයෙන් කුවෙනිය විසින් එකා පසුපස ආ සියලු මනුෂ්‍යයන් සිය ග්‍රහණයට යටත් කර ගනී. තම පිරිවර යලි වනයෙන් පිටතට නො එන බව දැක බියට පත් විජය කුමරු ආයුධ වලින් සන්නද්ධව වනය තුලට පිවිසෙයි. වනයේ ගසක් යට සිටිනා තනිවම සිටින ස්ත්‍රීයත් සිය පිරිවර පුරුෂයන්ගේ අඩි සලකුනුත් දැක ස්ත්‍රීය විසින් තම පිරිවරට කුමක් හෝ කර ඇති බව වටහාගන්න විජය කුමරු ඇයගෙන් ඔවුන් ගැන විමසූ විට ලැබෙන පරස්පර පිලිතුරු නිසා සිය සැකය තහවුරු කරගෙන කුවෙනියගේ හිසකේ වලින් දැඩිව අල්ලගෙන ඇය ගෙලට සිය කඩුව තබා තම පිරිවර දෙන සෙත් නැත්නම් ගෙල සිදින බවට තර්ජනය කරයි.

“කෙල්ල මාගේමිනිසුන් දෙව ති මරමි” කියේය. ඒ යකිනිතොම බියෙන් බැගෑවුව, “ස්වාමිනි මා දිවි දුනමැනව, මම ඔබට රජය දෙන්නෙමි ස්ත්රීන කෘත්ය,යත් අනික් කිසිවකුත් කැමැති පරිද්දෙකින්කරන්නෙමැ”

මෙම සිදුවීමෙන් පසු කුවෙනිය විසින් විජයගේ පිරිස නිදහස් කර දෙන අතර පසුව ඔවුන්ට අවශ්‍ය අහාර පාන ඇය විසින් කලින් කා දමන ලද වෙලදුන්ගේ නෞකා වලින් ගෙන දුන් බව මහාවංශයෙහි සදහන්වේ.(මෙහිදී යකුන් යනු මිනිමස්බුදින්නන් ලෙස දක්වා ඇත).

පසුව කුවෙනිය ආර්යන්ට සහය වීමේ වරදට යකුන් විසින් තමා මරවනු ඇතැයි බියට පත්වන අතර විජය කුමරුට යකුන් සමූල ඝාතනය කිරීමට අනුබල ලබා දෙයි.

“සියලු යකුනුදු මරවා රජ්ජයත් ස්වාමියාහට දියයුත්තේය. අවශ්යියෙන්ම මනුෂ්යාවවාස හේතුයෙන් යක්ෂියෝ මා මරන්නා”

යකිනිනොම රජකුමරහට (කියන්නී) “සවමිනි, මෙහි මේ යක්ෂවපුරය ශිරෂවස්තු නම, එහි දෙටු යකු පිණිස බඞ්කා නගරවාසි වු කුමරියක් මෙහි ගෙණෙන ලද්දිය. ඇයගේ මවුද ආවා, ඒ කැඳවා එන මගුල්හි මෙහිද‍ හෙත් උත්සව පවති. මේ එහි ශබ්දයයි, මේ සමාගමය මහත්මැයි.අදම යකුන් මැරුව මැනව, මින් මත්තෙහි නොහැක්කැ”යි කීවාය. කුමර “අදෘශ්යමමාන ඒ යකුන් මම කෙසේ මරම්දැ” යි කීයේය. “යම් තැනෙක ශබ්දකෙරෙමින්ම ඒ හඬින් ගැසුව මැනව, අයුධය තෙමේ මාගේ ආනුභාවයෙන් උන්ගේ කයෙහි හෙන්නේය”

මෙහි යකුන් යම් අමනුෂ්‍ය ප්‍රජාවක් ලෙස දක්වා ඇති අතර විජයට පියවි ඇසින් ඔවුන්ව දැකිය නොහැකි වුනු හෙයින් කුවෙනිය සටන් කිරීමට සහය වූ බවක්ද දක්වයි.මෙමගින් කුවෙනියද යුද්ධයට සහභාගී වී යකුන් සිටි ප්‍රදේශ ඔහුටා පෙන්වා දෙමින් සහය වූ බව නිරූපණය කලා විය හැක.

පසුව කුවෙනිය ගැන සාධාරණ සැකයෙන් විජය රජු ඇයට දරු දෙදෙනා කුමරු ලග තබා යකුන් ලගට යන මෙන් ඉල්ලා සිටියි.

“සොඳුර! දරුවන් දෙදෙනා තබා ති දැන් ය, මනුෂ්‍බැයෝ සැමකල්මඅමනුෂ්යහයන්ට බානහ”යි කිය ඒ අසා යක්ෂ භයින් භයවු ඒ යකින්නට “තිව් දහසකින් බලිදානය කරවමි, ශොකනොකරව”යි කීයේය. භයවුද ඕතොමෝ නැවත නැවත ඔහු යාච්ඤ කොට දරු දෙදෙනා ගෙණ යා යුතු අතක්ක නැති බැවින් ලඞ්කාපුරයට ගියාය. පුතුන් බැහැර හිඳුවා තොමෝ නුවරට වන්නාය. ඒ යකින්න හැඳින සෙරයයි (සතුරු පක්ෂැ) සංඥ ඇති භයවු ලඞ්කාපුරයෙහි යක්ෂැයෝ කැළඹුණෝය.

ඉන්පසු කුවෙණිය සිය දරුදෙදෙනාවද රැගෙන යන අතර යම් කිසි හෙයකින් ඇයට ආපුසු ඒමට ⁣⁣⁣නොහැකි වුවහොත් දරු දෙදෙනාට සමනල කන්ද දෙසට පලා යන ලෙසට දන්වා ලංකාපුරය නම් විජයගේ පහරදීම් වලට ලක්නොවූ සැගවුනු යක්ෂ ගම්මානයට ගමන් ගනී පසුව එහිදී ඇයව ඝාතනය වේ.දරුදෙදෙනා සමනල අඩවියට පලා ගිය අතර ඔවුන්ගෙන් සබරගමු වැද්දන් බිහිවිය.

විජය කුමරු මධුරා පුරයේ රජු විසින් එවන ලද ක්ෂස්තිය කුමරියක් සමග විවාහවී රාජාභිෂේක වුනු බව සදහන්වේ.පඩි රජු විසින් ඇයට අමතරව තවත් ක්ෂස්ත්‍රීය කුල කන්තාවන්ද විජය ඇතලු පිරිසට සහය පිනිස සේවා කුල කිහිපයක්ද එවූ බවද සදහන් වේ.

සිංහබා රජු සිංහ ගත් හෙයින්ද විජය කුමරුත් ඔහු හා සම්බන්ධ මිනිසුන්ටත් සිංහල යයි ව්‍යවහාර වුනු බව මහාවංශයෙහි හදුන්වයි.

කෙසේ වෙතත් විජය සමග ආ ආර්යයන්ගෙන් ගොවිවංශය බිහි වූ බව පසුකාලීනව රචිත ජනවංශයෙහි සදහන් වේ.මේ බව ජෝන් ඩේවි සහ හියු නෙවිල් ඇතුළු ලේඛකයන් විසින්ද පහත පරිදි දක්වා ඇත.

"“their island was colonized from the eastward about 2363 years ago” and that “the first settlers, with the exception of their leader of royal descent, were of the Goewans"- John Davy ,1821

"ඔවුන්ගේ දිවයින මීට වසර 2363 කට පෙර පමණ නැගෙනහිර(මෙය බටහිර ලෙස නිවැරැදි විය යුතුය) දෙසින් ජනාවාස විය.එම මුල් පිරිසෙහි රජු හැර අන් පිරිසගෙන් ගොවිවංශය බිහි විය" -ජෝන් ඩේවි,⁣ඩේවි දුටු ලක් දිව 1821

"The more specific term used to denote the caste is Govigama where the suffix –gama, a derivative from the Old Indo-Aryan grāma seems to have retained the original sense of ‘horde’ ,‘multitude’ and not village as is commonly understood in modern Sinhala."-Asiff Hussein

"කුලය නම් කිරීමට යොදාගන්නා ගොවිගම යන්නෙහි ගම යන කොටස පැරණි ඉන්දු ආර්ය භාෂාවෙහි ග්‍රාම යන්නෙන් බිදී ඇති අතර එමගින් විශාල ජන සමූහය යන්න හදුන්වනු මිස වත්මන් සිංහලයෙහි හදුන්වනු ලබන පරිදි ගම (Village) යන්න නිරූපණය නොවේ" -ආසිෆ් හුසේන්,ශ්‍රී ලංකාවේ කුලය

“Vaeddas apply the name Sinhalese, in the form Singala, to the Goyiya caste alone”. -Hugh Nevill ,The Taprobanian,Dec 1885

වැද්දන් විසින් සිංහලයන් ලෙස(ඔවුහු කියන පරිදි සිංගල මිනිස්සු ) හදුන්වනුයේ ගොවිකුලයේ මිනිස්සු පමණකි.-හියූ නෙවිල්,

“when a Sinhalese of Goyi race wears clothes from youth his body is usually very light in colour, far lighter than his face and neck or hands. This proves that the natural colour is light”.-Hugh Nevil,

"ගොවි ජාතියෙහි සිංහලයකු විසින් කුඩා කල සිට සිරුර වැසෙන පරිදි ඇදුම් අදීන ලද්දේ නම් ඔහුගේ සිරුර ඉතා පැහැපත් වේ,ඔහුගේ මුහුන ගෙල දෙඅතට වඩා කැපීපෙනෙන පරිදි සිරුර පැහැපත් වේ.මේ අනුව ඔවුන්ගේ ස්වාභාවික වර්ණය පැහපත් එකක් බව තහවුරු වේ"- Hugh Nevill

"Physical anthropology also suggests that the Govi originally hailed from Bengal and that despite substantial admixture with the aboriginal Veddas they have managed to retain to a great extent their original physical characters including a tendency towards brachycephaly or broad-headedness and relatively fair skin , an inheritance probably from an Indo-European-speaking Alpine stock of Bengal that had found its way to India’s northeast from Central Asia and were absorbed as Aryans after undergoing the Vrātyastoma ceremony"-Asiff Hussein,the caste of Sri Lanka

"ගොවිකුල මිනිසුන් බෙංගාලයෙහි නිජබිම අැති පිරිසක් යන කරුන භෞතික මානව විද්‍යාව මගින්ද පෙන්වා දිය හැක .මෙරටට පැමිණි පසු ස්වදේශීය වැදි ජනයාගෙන් යම් දායකත්වයක් මෙම ජාතිය සදහා සිදු වුවද ඔවුන්ගේ නියම බාහිර පෙනුම බොහෝ දුරට වෙනස් නොවී ආරක්ෂා වී ඇත.ඔවුන්ගේ භෞතික ශරීර ලක්ෂණ වලින් පුළුල් හිස් සහිත වීමට සහ අන් අයට සාපේක්ෂව කැපී පෙනෙන සේ පැහැපත් වීමටද දක්වන නැඹුරුතාවද දැක්විය හැක. මෙම උරුමය බෙහෝවිට ඉන්දු යුරෝපීය බස් වහරන පිරිසක කණ්ඩායමක් මධ්‍යම ආසියාවේ සිට  ඉන්දියාවේ ඊසාන දෙසින් ඇති  බෙංගාලය  (වංගය) දෙසට සංක්‍රමණය වී ව්‍රතයත්සෝම व्रात्यस्तोम  චාරිත්‍ර වලට භාජනය වීමෙන් පසුව ආර්යයන් ලෙස අවශෝෂණය කර ගන්නා ලද Alpine(කෙකේසියානු ප්‍රබේදයක්) පිරිසකින් ලද්දක් විය හැක.-ආසිෆ් හුසේන්.

"https://si.wikipedia.org/w/index.php?title=විජයාවතරණය&oldid=440769" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි