විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජනවාරි 6

ජනවාරි 6: ඉරාකයේ සන්නද්ධ හමුදා දිනය

  • 1851 - පෘථිවියේ භ්‍රමණය පිළිබඳ ලිඔන් ෆොව්කොල්ට් විසින් පර්යේෂණාත්මකව ඔප්පු කිරීම.
  • 1857 - බෙත්ලෙහෙමේ සැමුවෙල් වෙතෙරිල් හට එරට සින්ක් (Zn) සහිත පස් සොයා ගැනීම නිමිත්තෙන් පේටන්ට් බලපත්‍රය ලබාදීම.
  • 1913 - විලියම් එම්. බුටන් විසින් ඛනිජ තෙල් බිඳ හෙළීමේ ක්‍රියාව සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම. එනම් තෙල් ගැසොලින් බවට පත් කිරීමේ ක්‍රියාවලියයි.
  • 1926 - ජර්මනියේ නිල ගුවන් සේවාව වන සුප‍්‍රකට LUFFTHONSA ගුවන් සේවය පිහිටු වීම.
  • 1927 - නිව්යෝර්ක් හා ලන්ඩන් නුවර අතර පළමු වරට අත්ලාන්තික් සාගරය හරහා වාණිජමය දුරකථන සම්බන්ධතා ඇති කිරීම.
  • 1929 - සිල්කොන් කර්මාන්තශාලාව ලොව පළමු වරට කිරි ප්‍රවාහනය සඳහා වීදුරු බෝතල් වෙනුවට ඉතා ඝන ඉටි කඩදාසි පෙට්ටි භාවිතය ඇරඹීම.
  • 1930 - එක ඉනිමකදී නොදැවී ලකුණු 452 ක් ලබා ගනිමින් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවීම.
  • 1949 - කැලිෆෝනියා සරසවියේ ආචාර්ය ඩැනියෙල් චාපින් පිස හා ආචර්ය රිචර්ඩ් ෆ්රලි බකෙර් එක්ව පළමු වතාවට ජානවල ඡායාරුප ගැනීම.
  • 1947 - ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පොලිස්පතිවරයා ලෙස රිචර්ඩ් අලුවිහාරේ මහතා පත්වීම.
  • 1960 - දින 122 ක් අගමැතිව සිටි ඩබ්ලිව්. දහනායක මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම.
  • 1966 - ඉරිදා නිවාඩු දිනය වෙනුවට පෝය දින නිවාඩුව ක්‍රියාත්මක කිරීම.
  • 1971 - වර්ධක හෝමොනයන්හි සංශ්ලේෂී නිෂ්පාදනය පිළිබඳ රසායනඥයින් නිවේදනය කිරීම.

තවත් සිදුවීම්: ජනවාරි 5 ජනවාරි 6 ජනවාරි 7