විකිපීඩියා:කෝපි කඩේ (තාක්ෂණික)/Archive 4

සැකිල්ල:යළි‍ෙ‍යාමුව හි ‍ෙ‍ක්ත ‍ෙ‍දා්ෂ පවතියි. එය ආරක්ෂණය කර ඇති බැ໶න් සංස්කරණය කළ ‍ෙ‍නාහැක. ‍ෙ‍໦ පිළිබඳව සු຺සු කටයුතු කළ යුතුව ඇත. ----ශ්‍ෙවත (talk) 06:12, 11 ‍ෙපබරවා໱ 2012 (යූ຅සී)

ශ්‍ෙවත, පු໳වන් න໦ වැ໯ද්ද හදලා සංවාද පිටු‍ෙ‍໵ දාන්න. මං ඒක පිටපත් කරන්න໦. -- ໤ඟුවා සාකචිඡාව 06:46, 11 ‍ෙපබරවා໱ 2012 (යූ຅සී)
හ໱ එ‍ෙහම කරමු. ---ශ්‍ෙවත (talk) 06:50, 11 ‍ෙපබරවා໱ 2012 (යූ຅සී)
පොඩ්ඩක් ඉන්න. මන් ඒක කරන්නම්. ඒක ලේසි වැඩක්නේ. මේ ඇඩ්මින්ලට මොකවත් හරියට කර ගන්න බැරි හැටි. --මීමා (talk) 10:14, 13 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

උද໵ වන්න_໶කි ‍ෙ‍ක්ත සංස්කරණය

໶කි ‍ෙ‍ක්ත වලຬ ZWJ, ZWNJ වැනි ‍ෙ‍ද් අක්ෂරයක් වශ‍ෙයන් දක්වන්‍ෙ‍න් ‍ෙක‍ෙ‍ස්ද? ලිපියක නමක් සඳහා getchar වැන්නක් ‍ෙ‍යාදන ໶ට ඉංග්໲සි න໦ පහසුයි. සිංහල අකුරැ ZWJ, ZWNJ වැනි ‍ෙ‍ද් වලින් බැ‍ෙඳන ໶ට ප්රශ්න එනවා. ZWJ, ZWNJ වැනි ‍ෙ‍ද් හໟනාගත හැකි අයු໱න් සැකිලි වල ලි໶ය යුතුයි. එය ‍ෙක‍ෙ‍ස් කල හැකිද? පහදා ‍ෙදන්න කවුරැන් ‍ෙ‍හා්. තුති. --- ශ්‍ෙවත (talk) 10:09, 12 ‍ෙපබරවා໱ 2012 (යූ຅සී)

මට ගැට໸ව පැහැຩළි නෑ. තව ຃කක් ໶ස්තර ‍ෙ‍කා‍ෙ‍ලාත් උද໵වක් ‍ෙදන්න ຀රයි එකක් ‍ෙදන්න໦. -- ໤ඟුවා සාකචිඡාව 14:16, 12 ‍ෙපබරවා໱ 2012 (යූ຅සී)
ගැට໸ව ‍ෙ‍໦කයි. සැකිල්ලකຬ ලිපි නාමය කියවනවා. ඒ ලිපි නාම‍ෙයන් අක්ෂර කිහිපයක් දකුණට ගිහිල්ලා ඉති໱ ຃ක නැවත භා໶තා කරනවා. ‍ෙ‍໦කට String length, string right, string left ව‍ෙ‍ග් ඒවා භා໶තා කරනවා. අත්ෂර කියවන්න භා໶තා කරන්‍ෙ‍න් get character ව‍ෙ‍ග් එකක්. ‍ෙ‍໦ක ඉංග්໲සි ලිපි නාම වලට අපූරැවට වැඩ කරනවා. සිංහල වලຬ අතුරැ වලට අැල පිලි, පා පිලි, ඉස් පිලි ආຩය එක් කරන්න ZWJ , ZWNJ ආຩය භා໶තා කරනවා‍ෙන. ඒවා get char වලින් කියවන්න පු໸වන් ໶ຩහට Wiki markup එ‍ෙ‍ක් ලියන්‍ෙන ‍ෙ‍කා‍ෙ‍හාමද? -----ශ්‍ෙවත (talk) 14:42, 12 ‍ෙපබරවා໱ 2012 (යූ຅සී)

අම්මෝ මෙක පට්ට ටෙක්නිකල් වැඩක්නේ. කොපි කලානම් හරි වෙන විකියකින්. --මීමා (talk) 10:15, 13 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

පරිපාලකත්වය ඉල්ලා සිටීමේ වැඩ පිළිවෙල සංස්කරණය

කඹරුගේ පරිපාලකත්වය ඉල්ලා සිටීමේ අවසානයේදී මෙටා වෙත යොමු කල විට නිලබලධාරියා විසින් ලබා දුන් ප්‍රතිචාරයේ පහත කොටස ගැන අප අවධානය යොමු විය යුතුය.

Hello. I suppose that there is no local requirement for voting to these elections. You should probably set up some rules to prevent such things to happend.

මෙයින් ගම්‍ය වන්නේයැයි මට හැඟෙන්නේ පරිපාලකත්වය ඉල්ලා සිටීමේ වැඩ පිළිවෙල තුල සිංහල විකි ක්‍රියාපටිපාටිය පැහැදිලි ලෙස දක්වා නොමැති බවයි. නිදසුනක් ලෙස කොපමණ කලක් මත විමසුම පැවැත්වේද? ඡන්දය දිය හැක්කේ කාටද? විමසුම වැසිය හැක්කේ කාටද? තීරකයා වන්නේ කවුරුන්ද? සම්මුතියක් වන්නේ කුමන ආකාරයේ ප්‍රතිඵලයක්ද? මේවා සහ අදාල අනෙකුත් දේ වෙනත් විකියකින් ගෙන හෝ වෙනයම් ආකාරයකට යෝජනා සම්මත කොට හෝ ලේඛනගතව තිබිය යුතු බව මගේ අදහසයි. මේ ගැන ඔබ සැමගේ අදහස්ද ප්‍රකාශ කොට සුදුසු ක්‍රියා මාර්ගයක් ගත යුතු බව සිතමි. --- ශ්වෙත (talk) 09:48, 23 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

ඔව් එකඟයි. මේක ඇත්තටම විකිපීඩියා:කෝපි කඩේ (proposals) තුළට එක් කල යුතු එකක්. නමුත් මෙතනත් කමක් නෑ. මෙතැන පහලින් මම ශ්වෙත කියපු කරුණු එක් කලා. ඔබේ අදහස් එක් කරන්න. -- බිඟුවා සාකච්ඡාව 11:39, 23 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

කොපමණ කලක් මත විමසුම පැවැත් විය යුතුද? සංස්කරණය

එකඟයි. හරියටම විමසුම වහන වේලාවට වැසිය යුතුයි හා/හෝ ඊට පසු ලැබෙන ප්‍රතිචාර නොසැලකිය යුතුයි. ඇද ඇද සිටීමෙන් වන්නේ වැට හෙලවීම නිසා වැට උඩ සිටින්නන් පැත්තකට වැටීමයි. ---ශ්වෙත (talk) 11:45, 23 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
දින 14න් පසුව මෙම පිටුව සම්පූර්ණයෙන්ම ආරක්ෂණය කරමු. ස්ටුවර්ඩ්ලට කොහොමත් ඕනෑ නම් වෙනස්කම් කරන්න බලය තියෙනවනේ. -- බිඟුවා සාකච්ඡාව 11:50, 23 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

ඡන්දය දිය හැක්කේ කාටද සංස්කරණය

  • ලියාපදිංචි පරිශීලකයකු විය යුතුය.
  • වෙනත් විකියක කෙතරම් අත්දැකීම් තිබුණද මෙම විකියේ සංස්කරණයන්(ප්‍රධාන නාමවකාශයේ) 20ක්වත් කර තිබිය යුතුය. එම සංස්කරණයන්වල ගුණාත්මකභාවය විමසිය යුතුය.
  • මෙම විකියේ ගිණුම දින 30ක්වත් පැරණි විය යුතුය.
  • අක්‍රිය පරිශීලක ගිණුම් සඳහා අවසන් සංස්කරණය දින 90කට වඩා පැරණි නොවිය යුතුය. -- බිඟුවා සාකච්ඡාව 11:48, 23 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

විමසුම වැසිය හැක්කේ කාටද? සංස්කරණය

දින ගණනට වඩා නියමිත වේලාව යන්නට කැමතියි. ස්වයං-ඉල්ලීමක් නම් ගැලපෙන පරිදී පරිපාලක වරයෙකුට වැසිය හැකිය යන්නට කැමතියි.--ශ්වෙත (talk) 11:50, 23 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
මෙතනත් මත විමසුම අවසන් කිරීමට නියමිත වේලාවට යන්නට කැමතියි. --- ශ්වෙත (talk) 11:50, 23 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
වෙලාව තමා හරි එක. -- බිඟුවා සාකච්ඡාව 11:51, 23 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

තීරකයා වන්නේ කවුරුන්ද? සංස්කරණය

සම්මුතියක් වන්නේ කුමන ආකාරයේ ප්‍රතිඵලයක්ද? සංස්කරණය

මෙතැන අපිට හිතලා කියන්න බැහැ. නිලබලධාරියෝ සාමාන්‍යෙයන් හිතන්නේ 80%ට වැඩි නම් පාස් 70% ට අඩු නම් ෆේල් යන පදනමයි මම හිතන්නේ. ---ශ්වෙත (talk) 11:56, 23 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
එතකොට 70~80% වලට මොකද වෙන්නේ? ආයෙත් ගැටළුවක් එනවනේ. ඒහෙම නොවෙන්න ඕනෑ නේද? [6][2][0] වෙලාවක් උනොත් මම හිතන්නේ ප්‍රජාව කැමැතියි කියලායි. -- බිඟුවා සාකච්ඡාව 12:54, 23 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
ඔබතුමා දන්නවද යකඩ වල චුම්බක ගුණය. hysteresis මේකත් ඒ වගේ. 70~80% වලට නිලබලධාරියාගේ පිහිටයි. 75% ගත්තොත් 23/17/10 ෆේල් 23/18/11 පාස්. 70%/80% කියන්නේ මාර්ගෝපදේශයක් විතරයි. තීරකයාගේ තීරණය අවසන් දෙයයි. අර රීතිය එයාට උපදෙස් සඳහා පමණයි. අන්තර්ජාතික රීතිය මේකයි. නිලබලධාරියෝ අප අතරින් පත්වෙනකම් අපට අන්කර්ජාතිකයන් මත යැපෙන්න වෙන එකයි යථාර්තය. කල්පනා කරලා බලන්න. ---ශ්වෙත (talk) 14:54, 23 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

නිර්නාමික පරිශීලකයන් විසින් ප්‍රවර්ග ඉවත් කිරීම සංස්කරණය

මෑත කලක සිට ලිපි සහ ප්‍රවර්ගයන්හී ප්‍රවර්ගයන් ඉවත් කිරීම සිදුවන බවත් එය බොහෝ ලෙසින් වන්නේ නිර්නාමික ලෙසින් සිටින පරිශීලකයන් විසින් බවත් නිරික්ෂණය කළෙමි. මේ පිළිබඳ එක්රැස් කල දත්ත කිහිපයක් පහත පෙන්වමි.

දිනය ලිපිය/ප්‍රවර්ගය වෙනස් කිරීම කළ තැනැත්තේ
17 මාර්තු 2012 කථන චිකිත්සාව ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 61.245.172.4
17 මාර්තු 2012 භූගෝල විද්‍යා තොරතුරු පද්ධතිය ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 203.189.186.83
17 මාර්තු 2012 අයිසැක් නිව්ටන් ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 112.135.213.164
17 මාර්තු 2012 අලුවා ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 112.134.211.22
18 මාර්තු 2012 ඇදුම ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක112.134.143.173
18 මාර්තු 2012 එදිරිවීර සරත්චන්ද්‍ර ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 175.157.88.234
18 මාර්තු 2012 ජෝර්ජ් බර්නාඩ් ෂෝ ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 112.135.164.209
19 මාර්තු 2012 ගණිත වගු ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 192.248.32.223
19 මාර්තු 2012 පොළොන්නරු යුගය ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 119.235.14.170
20 මාර්තු 2012 මානසික ‍අක්‍රමතා ප්‍රවර්ගයක් ඉවත් කිරීම හා එක් කිරීම නිර්නාමික පරිශීලක 112.135.212.129
20 මාර්තු 2012 ප්‍රවර්ගය:සුරතල් මසුන් ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 112.134.229.153
21 මාර්තු 2012 නුවරඑළිය ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 192.248.32.223
22 මාර්තු 2012 අධ්‍යාපන ප්‍රතිපත්ති - ශ්‍රී ලංකා ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 112.134.156.170
24 මාර්තු 2012 ප්‍රවර්ගය:දර්ශනික මතවාද ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 61.245.172.25
24 මාර්තු 2012 ශ්‍රී ලංකාවේ බුද්ධාගම ප්‍රවර්ගයක් ඉවත් කිරීම හා එක් කිරීම නිර්නාමික පරිශීලක 203.189.186.81
25 මාර්තු 2012 ශ්‍රී ලංකාවේ බුද්ධාගම ප්‍රවර්ගයක් එක් කිරීම නිර්නාමික පරිශීලක 203.189.186.70
25 මාර්තු 2012 වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 112.134.70.76
26 මාර්තු 2012 ශ්‍රී ලංකාවේ ඉතිහාසය ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 123.231.46.182
21 මාර්තු 2012 නුවරඑළිය ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 192.248.32.223
22 මාර්තු 2012 අධ්‍යාපන ප්‍රතිපත්ති - ශ්‍රී ලංකා ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 112.134.156.170
24 මාර්තු 2012 ප්‍රවර්ගය:දර්ශනික මතවාද ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 61.245.172.25
24 මාර්තු 2012 ශ්‍රී ලංකාවේ බුද්ධාගම ප්‍රවර්ගයක් ඉවත් කිරීම හා එක් කිරීම නිර්නාමික පරිශීලක 203.189.186.81
25 මාර්තු 2012 ශ්‍රී ලංකාවේ බුද්ධාගම ප්‍රවර්ගයක් එක් කිරීම නිර්නාමික පරිශීලක 203.189.186.70
25 මාර්තු 2012 වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 112.134.70.76
26 මාර්තු 2012 ශ්‍රී ලංකාවේ ඉතිහාසය ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 123.231.46.182
29 මාර්තු 2012 ද්වාරය:භෞතික විද්‍යාව ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 175.157.122.201
31 මාර්තු 2012 දියවැඩියාව ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 175.157.230.192
2 අප්‍රේල් 2012 කළමනාකරණය ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 192.248.8.106
5 අප්‍රේල් 2012 භූ කාරක තල ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 192.248.32.223
6 අප්‍රේල් 2012 අපරාධ නීතිය සහ අපරාධ නීතියෙහි බලසීමාවන් ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 61.245.168.56
6 අප්‍රේල් 2012 ත්‍රස්තවාදය ප්‍රවර්ගයක් ඉවත් කිරීම හා එක් කිරීම නිර්නාමික පරිශීලක 112.134.201.100
14 අප්‍රේල් 2012 ක්‍රිස්තියානි ආගම ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 175.157.128.244
14 අප්‍රේල් 2012 මානසික ‍අක්‍රමතා ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 112.134.233.243
16 අප්‍රේල් 2012 ප්‍රවර්ගය:භූගෝල විද්‍යාව ප්‍රවර්ගයක් ඉවත් කිරීම නිර්නාමික පරිශීලක 175.157.102.226
17 අප්‍රේල් 2012 ප්‍රවර්ගය:විරාම ලක්‍ෂණ - සිංහල භාෂාව ප්‍රවර්ගයක් ඉවත් කිරීම හා එක් කිරීම නිර්නාමික පරිශීලක 112.135.58.117
17 අප්‍රේල් 2012 ප්‍රවර්ගය:විරාම ලක්‍ෂණ - සිංහල භාෂාව ප්‍රවර්ගයක් ඉවත් කිරීම හා එක් කිරීම නිර්නාමික පරිශීලක 112.135.58.117

මෙහි කිසියම් රටාවක් නිරික්ෂණය කරමි. 112.134.xxx.xxx (අවස්ථා 9), 112.135xxx.xxx (අවස්ථා 5), 175.157.xxx.xxx (අවස්ථා 5), 192.248.xxx.xxx (අවස්ථා 5), 119.235.xxx.xxx (අවස්ථා 1), 61.245.xxx.xxx (අවස්ථා 4), 203.189.xxx.xxx (අවස්ථා 5)., සහ 123.231.xxx.xxx (අවස්ථා 2) යන අන්තර්ජාල ලිපිනයන් මෙහිදී භාවිතා වී ඇති බවයි. මෙයින් 112.134.xxx.xxx , 112.135.xxx.xxx යන්න එකම ලිපිනයක් විය හැක. මෙසේ නිර්නාමික පරිශීලකයන් 8 (හෝ 7) දෙනෙක් මෙසේ සිදුකරන්නේ ඇයිදැයි විමසිය යුතු බව සිතමි. --- ශ්වෙත (talk) 07:11, 17 අප්‍රේල් 2012 (යූටීසී)[reply]

තව දුරටත් නිරික්ෂණය කිරීමේදී මෙම නිර්නාමික පරිශීලකයන් අතුරින් සමහර දෙනෙකු HOTCAT භාවිතා කර ඇති බව පෙනේ. විකිපීඩියා:HOTCAT යනු ලියාපදිංචිවූ පරිශීලකයන් වෙනුවෙන් වූ මෙවලක් නම් මෙම නිර්නාමික පරිශීලකයන් සත්‍ය වශයෙන් ලියාපදිංචිව සිට නිර්නාමික ලෙසින් පෙනී සිටින්නන්ද යන ප්‍රශ්නය පැන නගින බවක්ද දක්වා සිටිමි. -- ශ්වෙත (talk) 07:50, 17 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
Good observation ශ්වෙත
What shall we do?
Singhalawap (talk) 06:53, 18 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
I want some result out of this revelation. We will wait & see. --ශ්වෙත (talk) 07:02, 18 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
I thought that my revelation will stop these people. But it did not work. Now it is up to the community to decode what to do. This belongs to the whole community. -- ශ්වෙත (talk) 11:14, 18 අප්‍රේල් 2012 (යූටීසී)[reply]

Hello, I noticed you've had some problems with sinhala fonts on this wiki; විකිපීඩියා:සිංහල අකුරු මාර්ගෝපදේශකය seems a hassle! However, you might know that the localisation team produced the WebFonts extension to solve all the font problems with no need for the users to worry about anything. Sinhala is not currently supported, but here it's explained how to add the relevant fonts to the extension so that it is; basically, you only have to point the developers to the correct freely licensed fonts (which, as far as I can understand from your help page, do exist; otherwise, it will be more difficult). After this step, you need community consensus to ask (on bugzilla) for the extension to be enabled on this wiki (please also notify the other Sinhala wikis so that they can benefit from it too). Regards, Nemo bis (talk) 20:40, 12 අගෝස්තු 2012 (යූටීසී)[reply]

Does this also support non-Unicode enabled clients? --Lee (talk) 12:00, 3 සැප්තැම්බර් 2012 (යූටීසී)[reply]

විකිපීඩියා:උදවු කවුළුව යන්න 2010 ජූලි 9 දින තනා ඇති අතර විකිපීඩියා:උදවු කවුලුව යන්න 2010 අගෝස්තු 19 දින තනා එසැණින් විකිපීඩියා:උදවු කවුළුව වෙත යළි යොමු කොට ඇත. උදවුවක් ඉල්ලා යමෙකු විකිපීඩියා:උදවු කවුළුව යන්නෙහි පරිකථනයක් යෙදුවොත් කම් නැත. යම් පරිශීලකයන් විකිපීඩියා:උදවු කවුලුව හී පරිකථනයන් බහා ලති. එය යළියොමු පිටුවක් බැවින් ඒවා දර්ශනය නොවේ. ඒවා හස්තීය ලෙසින් (manually) විකිපීඩියා:උදවු කවුළුව ගෙන ආ යුතු වෙයි. වැරදි සිංහල ශීර්ෂ ඇති ලිපි නිවැරැදි ශිර්ෂ ලිපි වෙත යළි යොමු කිරීමේ ආදිනව පිළිබඳ පැහැදිලි නිදසුනකි මෙය. අනවශ්‍ය හා වැරදි හීර්ෂ ඇති ලිපි යළියොමු නොකොට මකා දැමිය යුතු බවට මම යෝජනා කරමි.
මේවාට අමතරව විකිපීඩියා:උදව් කවුලුව යන්නද ඇති අතර එහිද පරිකථන කිහිපයක් පවතියි. මේවා මගින් උදවු ඉල්ලීමට රිසි අයවළුන් හා ඒවාට පිළිතුරු දීමට රිසි අයවළුන් මං මුලා වන බවක් පෙනෙයි.-- ශ්වෙත (talk) 00:31, 16 ඔක්තෝබර් 2012 (යූටීසී)[reply]

MahdiBot ගේ ක්‍රියාකාරකම් සංස්කරණය

සිංහල විකියේ රෝබෝවරයෙකු ලෙසින් ලියාපදිංචි නොවී එලෙසින් ක්‍රියාකාරකම් කිරීම හා සංස්කරණ සාරාංශයෙහි යම් කරුණු පැහැදිලි ලෙසින් දැක්වීමෙන් අනතුරුවද අනවශ්‍ය සංස්කරණයන් පුන පුනා සිදුකිරීමෙන් වන්ධල්‍යයට කිට්ටු කටයුතු කිරීම හා සංස්කරණ යුද්ධයකට අරඅඳින පරිශීලක:MahdiBot වාරණය කල යුතු බවට යෝජනා කරමි. ---ශ්වෙත (talk) 07:33, 4 නොවැම්බර් 2012 (යූටීසී)[reply]

Further to the above proposal please see the Checkuser finding.Also note that this user had been blocked previously in German Wikipedia for running a Bot without a bot flag. It is further noted that the owner of this account can be reached here--ශ්වෙත (talk) 08:50, 4 නොවැම්බර් 2012 (යූටීසී)[reply]
It seems the issue is now solved. The bot will not work on our project. Is there any other bot that's doing the work correctly? --Lee (talk) 09:25, 5 නොවැම්බර් 2012 (යූටීසී)[reply]
It seems settled. We will watch and see. Regarding the other bots if you meant "incorrectly", yes there were. I approached them in their mother wikipedia (Polish) and got the matter settled. They too are under observation. Thanks. --ශ්වෙත (talk) 10:46, 5 නොවැම්බර් 2012 (යූටීසී)[reply]

විකියේ ප්‍රාරම්භත ජිමී වේල්ස් පිළිබඳ ජිමී වේල්ස් ලිපියෙහි ඔහු බූරුවෙක් යැයි ඇමතු පරිශීලක:Samanwith වාරණය කල යුතු බවට යෝජනා කරමි. --- ශ්වෙත (talk) 11:02, 15 නොවැම්බර් 2012 (යූටීසී)[reply]

පරිශීලක:Samanwith වාරණය කල යුතු බව මම නොසිතමි. නවක පරිශීලක ගිණුමක් බැවින් අත්හදා බැලීමක් වගෙයි. අනික බුරුවෙක් වදන යොදල විනාඩි 2කට පස්සෙ එයාම ඒක අයිංකරල නේද?
Singhalawap (talk) 07:26, 18 නොවැම්බර් 2012 (යූටීසී)[reply]
පරිශීලක:Samanwith යන ගිණුම 27 අප්‍රේල් 2009 දින 11:33 වේලාවේදී තනා ඇති බව පෙනේ. එනම් මෙම තැනැත්තා විකිපීඩියාවට ඇතුළු වී ඇත්තේ මෙයට මාස 42 කට පමණ පෙරදීය. එබැවින් ඔහු නවක පරිශීලකයෙක් ලෙසට මම නම් නොහඳුන්වමි. 2009 අප්‍රේල් හා 2009 අගෝස්තු වලදී සංස්කරණය බැගින් සිදු කර ඇත. ලේඛනගතවී පසුදින තම පරිශීලක පිටුව තනන හොහු සිව් මසකට පසුව වක්‍රෝත්තිහරණයකට අයිතමයක් එක් කිරීමට තරම් දැනුවත් වෙයි. ඉන් පසු මාස 38 කට පමණ පසු යළි ජිමී වේල්ස් ලිපිය සංස්කරණය කරයි. ගිණුම් තනා පසුව අතුරුදහන් වන බොහෝ අය මෙන් කෙනෙක් නොවේ මොහු. ජිමී වේල්ස් ලිපියේ මොහු කල සංස්කරණය හිතා මතාම කල එකකි. එම වචනය අප තිසිවෙකු වෙනුවෙන් සාමාන්‍යයෙන් භාවිතා කරන්නක් නොවේ. එය එක් කිරීමට ඔහු විකි නිර්මාතෘවරයාම තෝරා ගත්තේද මාස 38ක විරාමයකින් පසුව එසේ කලෙත් ඇයිද යන් ප්‍රශ්න වලට පිළිතුරු සෙවිය යුත්තේ ඔහු නවකයෙකු යැයි හැඳින්වීමට පෙරදීය. ---ශ්වෙත (talk) 08:35, 18 නොවැම්බර් 2012 (යූටීසී)[reply]
You have a point there ශ්වෙත. Will keep an eye. Will block him (at lease temporary) if he vandalize again. Singhalawap (talk) 09:52, 18 නොවැම්බර් 2012 (යූටීසී)[reply]
එකඟ වෙමි. ---ශ්වෙත (talk) 10:03, 18 නොවැම්බර් 2012 (යූටීසී)[reply]

බුදු දහමේ අකාලිකත්වය සහ බෞද්ධ ධර්ම ලිපි වලට සැකිල්ල:ත්‍රිපිටකය එක් කිරීම සංස්කරණය

පරිශීලක: Singhalawap, පරිශීලක: බිඟුවා, සහ පරිශීලක: තඹරු විජේසේකර යන්නන්ගේ දායකත්වයෙන් සැකිල්ල:ත්‍රිපිටකය නම් සැකිල්ලක් නිමැවී ඇති අතර, බුදු දහම හා බැඳි ලිපි වලට මෙම සැකිල්ල එක් කිරීමට පරිශීලක: Singhalawap යුහුසුළු වන බව පැහැදිලි වෙයි. මෙම කර්තව්‍ය පැහැදිලි ලෙසින්ම හොඳ චේතනාවෙන් කරන බවක් පෙනුනද ධර්මය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති නිසා කිසියම් මෝහාන්ධාකාරකින් වෙලී මෙය සිදු කරන බවක් දකිමි.
මෙම සැකිල්ල තුල ඇති පාඨයට අනුව "ත්‍රිපිටකය/බුදු දහම අකාලිකය, වෙනස්කල නොහැක." යන්නක් පැවසෙයි. සැකිල්ල තුලින් පැවසෙන සෙසු සියල්ල මෙම වදන් පෙළ මත යැපෙයි.
මෙම ලිපියෙහි දැක්වෙන ආකාරයට "ඊළඟ ගුණය අකාලික ගුණයයි.අකාලික යනු කල් නොයවා ඵල ලැබීමයි. ලෞකික ජීවිත වල කෙතක් වපුරන්නෙකු කරල් පැහී ගෙට ගන්නට යම් කාලයක් ගත කරයි. විභාගයකට පෙනී සිටින්නෙකු විභාගයට පෙනීසිට එහි ප්‍රතිඵල ලබන්නට කල් බලා සිටිති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය අනුගමනය කරන්නෙකුට කල් මරා බලා සිටිය යුතු නැත. එය වහා ඵල ලබා දෙන්නකි. මෙලොව පින්කම් කොට පරලෝකයේදි විපාක බලාපොරොත්තු වීම බහුජනයා විසින් ගොඩනගාගත් වර්තමානයේ එය තදින් පිළිගත් මතයක් ලෙස තහවුරු වී තිබුණත් අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳින් තේරුම් ගත් නිවැරදි පිළිවෙත් ප්‍රතිපාද අනුගමනය කරන්නෙකුට ගහක් සිටුවා ඵල ලැබෙන තුරු බලා සිටින්නා සේ බලා නොසිට යම් සම්මා සමාධියකට පත් වන්නෙකුට ඒ සමාධි සුවය ඒ මොහොතේදී ම ලබා ගන්නා සේම, සෝතාපන්න ආදි මඟ ඵල වලට පත්වන්නෙකුට අවාසනාවන්ත කුසලයන්ගෙන් නිදහස් වූ විරාගි සැපත ඒ මොහොතේ දී ම ලබා ගත හැකිය." යනුවෙන් ධර්මයේ අකාලික ගුණය පැහැදිලි කෙරෙයි.
එබැවින් ධර්මයේ අකාලික ගුණය යනු කිසිදා නොනැසෙන හෝ වෙනස්කල නොහැකි යන්න නොව කල් නොයවා ඵල ලැබීම යන්න බව පැහැදිලි කර ගත යුතුයි.
ඒ අනුව මෙම සැකිල්ල එක් කිරීම හා එහි ඇති පාඨයන්හී ධර්ම විරෝධී බව පැහැකිලි යැයි සිතමි. ---- ශ්වෙත (talk) 11:36, 23 නොවැම්බර් 2012 (යූටීසී)[reply]

මෙය ප්‍රකාරද ´´මෙසේ කීකල, ස්වාමීනි, මම ඒ දෙවියාට ´ඇවැත්නි, මම් වනාහි මේ ආත්මයෙහිම වින්දහැකි සැප හැර දමා කල්ගතව ලැබෙන සැප පස්සේ නොදුවමි. මම කාලික සැප හැරලා මේ ආත්මයෙහිම වින්දහැකි සැප පස්සේ නම් දුවමි. ඇවැත්නි, කාමයෝ වූකලී කාලිකයහ, බොහෝ දුක් පමුණවන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන දෙන්නෝය, එහි දොස් බොහෝයයිද, එහෙත් මේ ධර්‍මයතමා ඇස් හමුවෙහි ඵල ඇත්තේය, කල් නොයවා පල දෙන්නේය, එව බලවයි අන්‍යයන් තමා වෙතට කැඳවන්නට සුදුසුය, වහා තම සිතට පැමිණවීමට සුදුසුය.න්වණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දතසුතුයයිද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදැ´යි කීමි. යන්නෙන්ද අකාලික යන්නෙහි අර්ථය තව දුරටත් පැහැදිලි වෙයි. --- ශ්වෙත (talk) 13:36, 23 නොවැම්බර් 2012 (යූටීසී)[reply]
ශ්වෙත
පිලිගත්තා. වෙනස්කලා.
පිං !
Singhalawap (talk) 03:04, 24 නොවැම්බර් 2012 (යූටීසී)[reply]
http://settdeco.bhasha.lk/ the site for settdeco app. I think this site &/or app is controversial due to several reasons. Need of such app is preventing people using proper Unicode technology & it seems to be violating privacy of the users. We all know that our beloved user & administrator බිඟුවා lost his Administration privileges and as far as I understand that also happened as බිඟුවා got trapped in to this app & became a victim.
I can not understand all thye tech issues behind this app & site but it seems wiki Stewards believe that some sort of tracking violating privacy. It seems now this is happening in a new style. Though the this app / javascript is out of wikipedia now; it seems there is a tendency to give links in wikipedia to sites using that app.
I suggest wiki users to be very careful.
Singhalawap (talk) 06:02, 17 දෙසැම්බර් 2012 (යූටීසී)[reply]
Please do your duty if you know about this by reporting the same to Stewards etc. ---ශ්වෙත (talk) 07:06, 17 දෙසැම්බර් 2012 (යූටීසී)[reply]
This is not directly entering such codes in to wiki. So I do not think there is a need to inform this to Stewards etc. Singhalawap (talk) 10:44, 20 දෙසැම්බර් 2012 (යූටීසී)[reply]

Hi all, and sorry for writing in English.

I just wanted to announce that a small new feature is being rolled out here, since it was localized recently. The feature is a quick notification after you save your edit, indicating that it was saved. 27 other projects have this feature already, and it was first tested in English with new editors only. The core purpose is to make it clearer to those who are new to editing what is going on after they save.

Please let me know if you have any questions, Steven (WMF) (talk) 19:19, 2 ජනවාරි 2013 (යූටීසී)[reply]

Not a bad idea! :-) --Lee (talk) 05:40, 3 ජනවාරි 2013 (යූටීසී)[reply]

Sidebar වෙත පටුන එක් කිරීම සංස්කරණය

Sidebar වෙත පටුන එක් කිරීම සුදුසු යයි හැ‍ඟේ. HKN talk 11:13, 17 ජනවාරි 2013 (යූටීසී)[reply]

ඔව් හොඳයි. 203.143.41.77 03:09, 12 පෙබරවාරි 2013 (යූටීසී)[reply]

සිංහල ක්‍රමසූචක සංඛ්‍යා සංස්කරණය

එක, දෙක, තුන. හතර ආදි මුඛ්‍ය සංඛ්‍යාවලට අනුරූප ක්‍රමසූචක සංඛ්‍යා වන්නේ පළමුවන, දෙවන, තුන්වන, හතරවන ආදි වශයෙනි. පලමුවැනි, දෙවැනි, තුන්වැනි, හතරවැනි යනුවෙන් භාවිතා කිරීම ජනවහරට පටහැනිය. වැනි යනු සමාන යන අර්ථයක් දෙයි. පළමුවැනි යනු පළමු යන්නට සමාන යනුයි. එය ජනවහර නොවේ. විශේෂයෙන්ම රජවරුන්ගේ නම් දැක්වීමේදී නිවැරැදි ජනවහර භාවිතා කිරීමට උත්සුක වන්න. ---ශ්වෙත (talk) 12:09, 10 පෙබරවාරි 2013 (යූටීසී)[reply]

නිවැරදියි! 203.143.41.77 03:10, 12 පෙබරවාරි 2013 (යූටීසී)[reply]

{{DEFAULTSORT:කකකක, ලලලලල}} මැජික් පදය භාවිතා කිරීම සංස්කරණය

සිංහල විකිය තුල {{DEFAULTSORT:කකකක, ලලලලල}} මැජික් පදය භාවිතා කිරීමේදී මැජික් පදයට පසුව යෙදෙන පරාමිතික සිංහල භාෂාවෙන්ම දක්වන්න. ප්‍රවර්ගයක් තුල sort වීමේදී සිංහල අකුරු අනුව වන්නේ එවිට පමණි. නිදසුනක් වශයෙන් ගීතාංජන ගුණවර්ධන පිළිබඳ ලිපියක් තුල {{DEFAULTSORT:Gunawardena, Gitanjana}} ලෙසින් භාවිතා කලොත් සිදුවන්නේ මෙම ලිපිය කිසියම් ප්‍රවර්ගයක් තුල G යන ඉංග්‍රීසි අකුර යටතේ sort වීමයි. නිවරැදි ලෙසින් {{DEFAULTSORT:ගුණවර්ධන, ගීතාංජන}} යන්න භාවිතා විනි නම් ප්‍රවර්ගයක් තුල සිංහල අකුර යටතේ sort වෙයි. තුති. ---ශ්වෙත (talk) 04:34, 14 පෙබරවාරි 2013 (යූටීසී)[reply]

මැජික් පදය භාවිතා නොකලොත්? සංස්කරණය

{{DEFAULTSORT:කකකක, ලලලලල}} මැජික් පදය භාවිතා නොකලොත් ශීර්ෂයේ මුල් අකුරු අනුව sort වේ. නිදසුනක් ලෙස ටී. එම්. ජයරත්න ලිපිය යටතේද ජනාධිපති ඩී. බී. විජේතුංග ලිපිය යටතේද sort වෙයි. ශිර්ෂ කෙසේ තිබුණද ලිපි තුල {{DEFAULTSORT:ජයරත්න, ටී. එම්.}} ලෙස හා {{DEFAULTSORT:විජේතුංග, ඩිංගිරි බණ්ඩා.}} ලෙසින් මැජික් පද යෙදූකල පිළිවෙලින් සහ යටතේ ලිපි sort වනු ඇත. ---ශ්වෙත (talk) 05:13, 14 පෙබරවාරි 2013 (යූටීසී)[reply]

Twinkle අක්‍රීයයි සංස්කරණය

එකල හොඳින් ක්‍රියාකළ WP:TW දැන් මෙනුව පමණක් දක්වනමුත් ක්‍රියාකාරීත්වයක් නොදක්වයි. Chromeහි අවුලකැයි සිතා මේ වෙනුවෙන් ම Firefox ස්ථාපනය කළෙමි. වෙනසක් නැත. පොදු කේත මගහැර බිඟුවාගේ JS ආයාත කර උත්සාහ කළ ද සාර්ථක නොවිණි. පරිපාලකවරුන් පොදු කේත en විකිය සමග Sync කළ යුතු යැයි හඟිමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 06:43, 19 ජූනි 2013 (යූටීසී)[reply]

මොකක්ද අවශ්‍ය JS එක? --Lee (talk) 08:56, 19 ජූනි 2013 (යූටීසී)[reply]
අනේ මලේ මටනං මේවා අණ්ඩර දෙමළ වගේ. Hope Lee will solve your problem. Singhalawap (talk) 10:36, 19 ජූනි 2013 (යූටීසී)[reply]
මං හිතන්නෙ මෙතන තියෙන ඒවා ටික -> පරිශීලක:බිඟුවා/twinkle.js ඒ හැම එකක් ඉස්සරහටම "මාධ්‍යවිකි:" කියලා දැම්මාම හරිනෙ? ;) කෝකටත් එකක ලින්ක් එකත් දාන්නම්: මාධ්‍යවිකි:Twinklespeedy.js.
@Singhalawap: අනිවාර්යෙන් ම! ;)
ඉක්මන් ප්‍රතිචාරයට Leeටත්, Singhalawapටත් බෙහෙවින් තුති. --තඹරු විජේසේකර සාකච්ඡාව 11:37, 19 ජූනි 2013 (යූටීසී)[reply]
මේ ගැන Github එකේදි ම developerගෙන් ඇහුවා. එයා කියනවා අපේ දැනට තියෙන කේත වසර 2ක් විතර පැරණිලු. මේ readme එක කියවලා sync කරන්නලු. --තඹරු විජේසේකර සාකච්ඡාව 15:31, 24 ජූනි 2013 (යූටීසී)[reply]

ප්‍රවර්ගවල සාරාංශ DropDown මෙනුව සංස්කරණය

මෙයට “නව ප්‍රවර්ගයක් තැනීම“ කියලා එකක් එක්කළා නම් හරි. --තඹරු විජේසේකර සාකච්ඡාව 12:38, 19 ජූනි 2013 (යූටීසී)[reply]

පරිශීලක පිටු වැලිපිල්ල සංස්කරණය

සමහර Tools (විකිසෙනෙහස වගේ) විශේෂිත නාමාවකාශයක විතරනෙ ක්‍රියාත්මක වෙන්නෙ. දැනට ප්‍රධාන ඒවා සඳහා විකිපීඩියා වැලිපිල්ලත්, (අපි භාවිතා නොකළාට) සැකිලි සඳහා සැකිල්ල:සැකිලි වැලිපිල්ලත් තියෙනවානෙ. ඉතින් පරිශීලක:පරිශීලක පිටු සඳහා වූ වැලිපිල්ල කියලා පිටුවක් පටන්ගත්තොත් ඒක ඉදිරියෙදි අවුලක් වෙයිද? ඒකට නෛතිකව (සාකච්ඡා කරලා) සම්මුතියකට එන්න පුළුවන්නෙ? තමන්ගෙ ම පරිශීලක පිටුව වනසාගන්නත් බැහැනෙ. නැද්ද? ;) --තඹරු විජේසේකර සාකච්ඡාව 13:01, 19 ජූනි 2013 (යූටීසී)[reply]

Slowing of Wikipedia සංස්කරණය

After recent Wikidata implementations, Wikipedia had become slow and an "Unrtesponsive Script" warning appears frequently. Do you experience the same? --- ශ්වෙත (talk) 17:00, 26 ජූනි 2013 (යූටීසී)[reply]

I ain't had any yet. I saw some warnings in red on enwiki and wikidata on recent days which says about a server configuration update. Can I have a screenshot ශ්වෙත? What're the tools you're using? Let's do a bug report asap if something going wrong here. :) --තඹරු විජේසේකර සාකච්ඡාව 17:51, 26 ජූනි 2013 (යූටීසී)[reply]
I too have not faced such or noticed any slowing of wikipedia recently. Singhalawap (talk) 07:42, 27 ජූනි 2013 (යූටීසී)[reply]
Unresponsive script differs from case to case. The most recent one is as follows:
Script: http://bits.wikimedia.org/si.wikipedia.org/load.php?debug=false&lang=si&modules=jquery%2Cmediawiki%2CSpinner%7Cjquery.triggerQueueCallback%2CloadingSpinner%2CmwEmbedUtil%7Cmw.MwEmbedSupport&only=scripts&skin=vector&version=20130613T152003Z:106
. Thanks. --- ශ්වෙත (talk) 11:40, 27 ජූනි 2013 (යූටීසී)[reply]
The most recent message is as follows.
A script on this page may be busy, or it may have stopped responding. You can stop the script now, or you can continue to see if the script will complete.

Script: http://bits.wikimedia.org/si.wikipedia.org/load.php?debug=false&lang=si&modules=jquery%2Cmediawiki%2CSpinner%7Cjquery.triggerQueueCallback%2CloadingSpinner%2CmwEmbedUtil%7Cmw.MwEmbedSupport&only=scripts&skin=vector&version=20130613T152003Z:106
. Thanks. --ශ්වෙත (talk) 11:47, 27 ජූනි 2013 (යූටීසී)
[reply]

Seems this file is about animated image for "Loading". Let's report a bug after a week. Because, Server logs this everytime you get this error. Please tell us the gadgets you use if you won't bother of privacy. --තඹරු විජේසේකර සාකච්ඡාව 11:51, 27 ජූනි 2013 (යූටීසී)[reply]
I don't use any gadgets. I don't like them. This started after the recent wikidata change. --ශ්වෙත (talk) 12:04, 27 ජූනි 2013 (යූටීසී)[reply]
I'm using Chrome and Firefox on Windows and Ubuntu. But I still haven't any error. You may report this to Bugzilla with system information. --තඹරු විජේසේකර සාකච්ඡාව 12:07, 27 ජූනි 2013 (යූටීසී)[reply]
Have you ticked "මෑත වෙනස්වීම් සහ මුර ලැයිස්තුව හී පිටුව අනුව සමූහ වෙනස්වීම් (Javascript ඇවැසිය)" in preferences? How much Recent Changes you set to show? --තඹරු විජේසේකර සාකච්ඡාව 14:44, 27 ජූනි 2013 (යූටීසී)[reply]
Thanks for trying to help. You are too late. I just reverted all preferences to default.-- ශ්වෙත (talk) 14:50, 27 ජූනි 2013 (යූටීසී)[reply]
Is that mean everything OK, ශ්වෙත? :D --තඹරු විජේසේකර සාකච්ඡාව 14:53, 27 ජූනි 2013 (යූටීසී)[reply]
I set all preferences to default as I was desperate to solve this problem. Now, I am waiting to see whether it will solve the problem. -- ශ්වෙත (talk) 14:57, 27 ජූනි 2013 (යූටීසී)[reply]