විකාශන ජනමධ්‍යවේදියා

ගුවන් විදුලි ජනමාධ්‍යවේදීන් කරුණු රැස් කර ඒවා නිවැරදිව සහ සමබරව ඉදිරිපත් කල යුතු අතර තම වාර්තා විචිත්‍ර කිරීම සඳහා සුදුසු ශබ්ද ප්‍රයෝගද එක් කල යුතුය.ප්‍රවෘත්තියට අදාළ පුද්ගලයන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡා,සහ පසුබිම් ශබ්ද මේ සඳහා යොදාගත හැක. ගුවන් විදුලි ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නා කියවන හැදින්වීමට රචනා කිරීමට සහ සජීවීව ප්‍රශ්නවලට පිළිතුරු දීමටද ඔවුන්ට සිදුවිය හැක.


රූපවාහිනී මාධ්‍යවේදීන් සිය වාර්තාකරණ විචිත්‍ර කිරීම සඳහා දෘෂ්‍ය ප්‍රයෝග යොදා ගනී. අදාළ සම්මුඛ සාකච්ඡා,සිද්ධිය වූ ස්ථානයේ දර්ශනය සහ ග්‍රැෆික් මේ සඳහා යොදාගැනේ. ගුවන් විදුලි වාර්තාකරුවන් මෙන් මොවුන්ටද ප්‍රවෘත්තියේ හැදින්වීම රචනා කිරීමට සිදුවේ.

රූපවාහිනියේ සහ ගුවන්විදුලියේ වාර්තාකරුවන්ට සිය ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ දී මුද්‍රණ මාධ්‍යවේදීන්ට අදාළ නොවන සීමාවන් පැනවේ. රූපවාහිනී වාර්තාකරුවන් හොදින් සූදානම් වී සිය ඉදිරිපත්කිරීම කලයුතුය.

සටහන් සංස්කරණය

| Journalism - Broadcast journalism |}

"https://si.wikipedia.org/w/index.php?title=විකාශන_ජනමධ්‍යවේදියා&oldid=472196" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි