ව්‍යවහාරික කලාව යනු එදිනෙදා භාවිතා කරන යම් වස්තුවකට නිර්මාණයක් සහ රසඥතාවයක් යෙදීමයි. එය ලලිත කලායන් නරඹන්නාගේ සහ ශාස්ත්‍රඥයින්ගේ ප්‍රාඥ උත්තේජනයක් යන අයුරින්ම මෙම ප්‍රායෝගික කලාවෙන්ද පාවිච්චියට ගනු ලබන දෑ එනම් කෝප්ප, සඟරා හෝ උද්‍යාන බංකු වැනි උපකරණවලට සංයුක්ත නිර්මාණයක් සහ නිර්මාණාත්මක සිතුවිලි එක්කරයි.

කාර්මික නිර්මාණකරණය, චිත්‍රක නිර්මාණකරණය, මෝස්තර නිර්මාණකරණය, අභ්‍යන්තර නිර්මාණකරණය සහ සැරසිලි කලාව වැනි ක්ෂේත්‍ර ව්‍යවහාරික කලා ගණයට අයත්ය. එසේම නිර්මාණාත්මක හෝ භාවාත්මක සංදර්භයක දී ගෘහ අලංකරණය සහ ඡායාරූපකරණය වැනි ක්ෂේත්‍ර ද ප්‍රායෝගික කාලවන් සේ සැලකේ. අධ්‍යාපනයේ සමහර අංශ එනම් ඉගැන්වීම වැනි දෑ ද ප්‍රායෝගික කලාවන්සේ හඳුනාගෙන ඇත. තවද ප්‍රායෝගික කලා ක්ෂේත්‍ර‍යන් බොහෝමයක් තුළ අන්තර්ගත වී ඇත්තේ ව්‍යවහාරික විද්‍යාවේ ඇති ක්‍රම හා තාක්ෂණයන් වීම ද සුවිශේෂත්වයකි.

"https://si.wikipedia.org/w/index.php?title=ව්‍යවහාරික_කලාව&oldid=374754" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි