වසූරිය
මෙම ලිපිය වනාහි Smallpox ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
වසූරිය මිනිසාට පමණක්ම ආවේනික වූ වැලියොලා මේජර් හා වැලියෝලා මයිනර් නම් වෛරස ප්‍රභේද දෙකක් මගින් හටගන්නා බෝවන රෝගයකි. මෙය ලතින් භාෂාවෙන් තිත් හෝ බිබිලි ඇතිකරන යන අරුත් දේ. පහලොස්වන ශත වර්ශයේදී යුරෝපයේ වසූරිය (smallpox) යන නම උපදේශය (great pox) නම් රෝගයෙන් වෙන්කොට හදුනාගැනීම සදහා භාවිතා වුණි.
වසූරිය | |
---|---|
වෙනත් නම් | smallpox, variola,[1] variola vera,[2] pox,[3] red plague[4] |
![]() | |
A child with smallpox in Bangladesh in 1973. The bumps filled with thick fluid and a depression or dimple in the center are characteristic. | |
විශේෂතාව | Infectious disease |
රෝග ලක්‍ෂණ | |
සංකුලතා | Scarring of the skin, blindness[6] |
Usual onset | 1 to 3 weeks following exposure[5] |
කාලපරාසය | About 4 weeks[5] |
හේතු | Variola major, Variola minor (spread between people)[6][7] |
රෝග විනිශ්චය ක්‍රම | Based on symptoms and confirmed by PCR[8] |
Differential diagnosis | Chickenpox, impetigo, molluscum contagiosum, monkeypox[8] |
වැළක්වීම | Smallpox vaccine[9] |
ප්‍රතිකාර | Supportive care[10] |
ඖෂධ | Brincidofovir |
Prognosis | 30% risk of death[5] |
සංඛ්‍යාතය | Eradicated (last wild case in 1977) |
වසූරිය රෝගය සමෙහි උගුරෙහි හා මුඛයෙහි කුඩා රැධිර වාහිණි තුළට සීමා වේ. සමෙහි මේවා කුඩා ලප සහිත පැල්ලමක් ලෙස ද පසු කාලීනව ඉස්සුනු දියරයක් පිරී බිබිලි ලෙසට ද හටගනී. වැලියෝලා මිස්රි වෛරස මගින් වඩාත් දියුණු තත්වයට රෝගය ඇති කරන අතර මෙමගින් 30% සිට 35% දක්වා මරණ සංඛ්‍යාවක් ඇති කරයි. වැලිසොරා මයිනර් මගින් ඇතිකරන රෝගය එතරම් දරුණු නොවන අතර එමගින් රෝගයට ගොදුරු වූවන්ගෙන් ආසන්න වශයෙන් 1% ක් බිලිගනී. වැලියොලා මයිනර් මගින් ආසාදිතයන්ට ඇති වන දීර්ඝකාලීන සංකූලතාවයන් වන මුහුණෙහි ඇතවන ඊට ආවේනික කැළැල් ජීවත් වන්නන්ගේ 65 - 85% ක් අතර දක්නට ලැබේ. 2% සිට 5% දක්වා වූ සුළුතරයකට ඇසේ කනීණිකාවේ ඇති වන තුවාල නිසා හටගන්නා අන්ධභාවය, ආතරයිටිස් රෝගය නිසා හන්දිපත්වල ඇතිවන විකෘතිතා හා අස්ථිවල ඇති වන ආසාදනයන් දක්නට ඇත.
වසූරිය මානව වර්ගයා තුළ ඇතිවන්නට ඇත්තේ ක්‍රි.පූ. 3 වන සියවසේ සිටය. රෝගය නිසා 18 වන සියවසේ දී 400000 ක් පමණ යුරෝපා ජාතිකයින් පිරිසක් මරුමුවට පත්වූ අතර එවකට අන්ධවීම් අතරින් තුන්වන ස්ථානයක් ගනී. ආසාදිතයින්ගෙන් 20% සිට 60% අතර ද ළමුන්ගෙන් 50% කට වැඩියෙන් රෝගය නිසා මරණයට පත්වුණි.
විසිවන සියවසේදී සිදුකරන ලද ගණන් බැලීම්වලට අනුව වසූරිය රෝගය නිසා මිලියන 300 - 500 ත් අතර පුද්ගලයින් ප්‍රමාණයක් මරණයට පත්ව ඇත. 1967 දී ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු කළ අන්දමට එම වසර තුළ මිලියන 15 ක් වූ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ අතර මිලියන දෙකක් මරණයට පත්ව ඇත. දහනවවන හා විසිවන ශතවර්ෂය පුරාවටම දියත් කරන ලද සාර්ථක ප්‍රතිශක්තීකරණ ව්‍යාපාරයක් නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් 1979 දී වසුරිය ලොව තුලින් මුළුමනින්ම තුරන් කිරීමට හැකි වුණි. මේවන විට මුළුමනින්ම ලොවෙන් තුරන් කරන ලද එකම බෝවන රෝගය වන්නේ වසුරියයි.
ආශ්‍රිතසංස්කරණය
මූලාශ්‍රසංස්කරණය
- ↑ Barton LL, Friedman NR (2008). The Neurological Manifestations of Pediatric Infectious Diseases and Immunodeficiency Syndromes (ඉංග්‍රීසි බසින්). Springer Science & Business Media. p. 151. ISBN 978-1-59745-391-2.
- ↑ Schaller KF (2012). Colour Atlas of Tropical Dermatology and Venerology (ඉංග්‍රීසි බසින්). Springer Science & Business Media. p. Chapter 1. ISBN 978-3-642-76200-0.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Fenner_1988
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Peg2017
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ 5.0 5.1 5.2 5.3 5.4 උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;CDC2016Sym
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ 6.0 6.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;CDC2016What
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;She2004
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ 8.0 8.1 "Diagnosis & Evaluation". CDC (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 25 July 2017. සම්ප්‍රවේශය 14 December 2017.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;CDC2017Tx
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;WHO2007Fact
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
භාහිර සබැඳිසංස්කරණය
වසූරිය ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
විකිපොත් වෙතින් පෙළපොත් |
වර්ගීකරණය | |
---|---|
බාහිර සම්පත් |
|