ලුවී බ්‍රේල්

(ලුවිස් බ්‍රේල් වෙතින් යළි-යොමු කරන ලදි)


ලූවී බේල් අන්ධ භාවයට පත්වුයේ ඔහුට වයස අවුරුදු තුනේදීය. එක් ඇසක් තමන් අතින්ම සිදුකරගත් අනතුරක් නිසාද අනෙක් ඇස සිම්පතටික් ඔප්තැල්මීයා නම් රෝගය නිසාද අන්ධ භාවයට පත්විය.

ලුවී බ්‍රේල්
ලුවී බ්‍රේල්ගේ උඩුකය
එටිනේ ලෙරොක්ස් විසින් (1836-1906),
බිබිලියොතෙකේ වැෂියොනාල් ඩි ෆ්‍රාන්ස්
උපත4 ජනවාරි 1809(1809-01-04)
මියගිය දිනය6 January 1852(1852-01-06) (වයස 43)
පැරිසිය, ප්‍රංශය
සතපවන ලද තැනපැන්තියොං, පැරිසිය
48°50′46″N 2°20′45″E / 48.84611°N 2.34583°E / 48.84611; 2.34583

දහවන වියේදී ඔහු පැරිසියේ අන්ධ තරුණයින් සඳහා වන රාජ්‍ය අධ්‍යාපන ආයතනයෙන් පිරිනමන ලද ශිෂ්‍යත්වයක් ලබා ගැනීමට සමත් විය. පාසලේදී තම සගයන්ගෙන් ලැබුණු විවිධ හිරිහැර මධ්‍යයේ වුවද බ්‍රේල් කැපී පෙනෙන චරිතයක් බවට පත්විය. ඔහු එකල පාසලේදී මෙන්ම පිටතදීද මනා දක්‍ෂකම් පෙන්වු ඕගන් සහ සෙලෝ වාදකයකු විය.

එකල ඔවුන්ගේ පාසලේ කියවීම සහ ලිවීම සඳහා භාවිත වුයේ පාසලේ ප‍්‍රධානියා වු වැලන්ටින් හෝයි විසින් සොයා ගත් ක‍්‍රමයකි. නමුත් විවිධ ප‍්‍රායෝගික නොවන ලක්‍ෂණ නිසා එම ක‍්‍රමය වඩා ප‍්‍රචලිත නොවීය.

වර්ෂ 1821 දී චාර්ල්ස් බාබියර් නම් ප‍්‍රංශ හමුදා ප‍්‍රධානියා බ්‍රේල්ගේ පාසලේ සංචාරයක නිරත වු අතර ඔහු විසින් එහිදී තම හමුදාවන්හි භාවිතයට ගන්නා ඩොට් 12 සහිත ලීවීමේ ක‍්‍රමයක් පාසලට හඳුන්වා දෙනු ලැබීය. පසු කලෙක බ්‍රේල් විසින් එම ඩොට් 12 ක‍්‍රමය ඩොට් 6 දක්වා අඩු කොට වඩා සරල ක‍්‍රමයක් නිපදවු අතර අද ද දෘශ්‍යබාධිත පුදගලයින් භාවිතා කරන බ්‍රේල් ක‍්‍රමය ලෙස හැඳින්නේනේ එයයි.

මෙම ඩොට් හයේ ක‍්‍රමය මඟින් යමෙකුට ඉතා කාර්යක්‍ෂම ලෙස එක්වරම වචන හඳුනාගැනීමේ හැකියාව ලැබෙන අතර ලිවීමේ හා කියවීමේ අවස්ථා දෙකම මේ ඔස්සේ ලබා ගත හැක.

තම ලිවීමේ ක‍්‍රමය තවදුරටත් වැඩිදියුණු කිරීමට සිතු බ්‍රේල් ගණිතමය සහ සංගීතමය සටහන් කිරීමේ ක‍්‍රමයද මේ ඔස්සේ හඳුන්වා දුන්නේය. බ්‍රේල් ක‍්‍රමය පිළිබඳව සඳහන් කොට ඔහු විසින් ප‍්‍රකාශයට පත් කරන ලද පලමු කෘතිය වන්නේ 1827 දී නිකුත් වු මෙතඞ් ඔෆ් රයිටිං වර්ඞ්ස්, මියුසික්, ඇන්ඞ් ප්ලේන් සෝන්ග්ස් බයි මීනිස් ඔෆ් ඩොට්ස්, ෆෝ යුස් බයි ද බ්ලයින්ඞ් ඇන්ඞ් ඇරේන්ඞ් ෆෝ දෙම් නම් කෘතියයි.

පසු කාලීනව බ්‍රේල් තම පාසලේම ගුරුවරයකු බවට පත්විය. නමුත් ඔහු ජීවත්ව සිටි කාලයේදී බ්‍රේල් ක‍්‍රමය කියවීම, ලිවීම සඳහා භාවිතා නොවිණි. 1852 දී බ්‍රේල් ක්‍ෂය රෝගය වැළදීම නිසා මරණයට පත්වුයේය. ඔහුගේ බ්‍රේල් ක‍්‍රමය ප‍්‍රංශයය තුළ පිළිගැනීමට ලක්වුයේ ඔහුගේ මරණින් වසර දෙකකට පසුවය.


සටහන් සංස්කරණය

| [1] |}

"https://si.wikipedia.org/w/index.php?title=ලුවී_බ්‍රේල්&oldid=199490" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි