ලුම්බිණිය (සංස්කෘත: लुम्बिनी, "මනහර") යනු මහා මායා දේවිය විසින් සිද්ධාර්ථ කුමරුන් ලෙවට බිහිකල ස්ථානයයි. රුමින්දෙයි යනු අශෝක අධිරාජයා විසින් සිදුහත් උපත ස්මරණය සඳහා ස්තපිත කරන ලද ටැම් ලිපියයි ඒ බව සනාත කොට UNESCO විසින් ලෝක උරුමයක් බවට පත්කොට තිබේ. එය අර්තදැක්වීම විද්‍යාර්තයින් කිහිප දෙනෙක් විසින්ම ප්‍රසිද්ධ කොට ඇත¹.ගෞතම බුදුන් වහන්සේ කි.පු.563 සිට 483 කාලය තුළ ජීවත්ව සිටිසේක. ගෞතම බුදුන් වහන්සේගේ ජීවිතය හා බැඳුණු බෞද්ධයින්ගේ ප්‍රධාන පූජනීය ස්ථාන හතරෙන් එකකි ලුම්බිනිය ඉතිරි ස්ථාන කුශිනාරාව බුද්ධගයාව සහ සරානාත් වේ.

යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
ලුම්බිණිය, බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය සිදු වූ ස්ථානය
ලෝක උරුම ලැයිස්තුවෙහි අභිලේඛනය කර ඇති පරිදී නම
වර්ගයසංස්කෘතික
නිර්ණායකiii, vi
අභිලේඛන ඉතිහාසය
අභිලේඛනය1997 (21වන සැසිය)

සිද්ධාර්ථ කුමරුන් අවුරුදු 29 දක්වා හැදුනේ වැඩුනේ මෙම ප්‍රදේශයෙහිය. කපිලවස්තු නගර සභා ප්‍රදේශයේ සිට කි.මි.25 ක් නැගෙනහිර දෙසින් මෙම ප්‍රදේශය පිහිටියේය. “කපිලවස්තු” යනු මෙම ප්‍රදේශයේ නම වූවා සේම යාබද දිස්ත්‍රික්කයේද නමයි. මයා දේවී විහාරය ඇතුලු බොහෝ විහාර ගණනාවක් මෙහි වෙයි. මෙයින් බොහොමයක් වර්තමානයේ (2007) ප්‍රතිසංස්කරණය වෙමින් පවති. පුෂ්කරණි පොකුණ සහ කපිල වස්තු මාළිගයේ නටබුන්ද ලුම්බිණියෙහි දක්නට ලැබේ.

බුදුරජාණන්වහන්සේගේ දේශනාවලට අනුව ලුම්බිනියට හිමිතැනසංස්කරණය

භාග්‍යවත් සම්බුදු රජාණන් වහන්සේ සැම බෞද්ධයෙකු විසින්ම දැකබලා පහන් සංවේගය උපදවාගෙන වන්දනා මාන කලයුතු පුජනීයවූ භුමි හතරක් පිළිබඳව පරිනිර්වාණ සුත්‍රයෙහි අනුදැන වදාරා ඇත.
සිද්ධාර්ථ බෝසතානන්ගේ උත්පත්තිය සිදුවුන ඒ අසිරිමත් ලුම්බිණිය එයින් එකකි. බෝසතානන් වහන්සේ සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වූ අසම සම බුද්ධගයා පිංබිම, ලෝසතුන්ගේ විමුක්තිය උදෙසා උන්වහන්සේ විසින් ප්‍රථම ධර්ම දේශනාව සිදුකළ මිගදායේ අවිඳු අඳුර දුරැකළාවූ ඉසිපතනාරාමය සහ මහා කාරුණිකයාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ සාල වනය අනෙක් සිද්ධස්ථාන වෙයි. [1]

බුදුන් දවස ලුම්බිණියසංස්කරණය

ප්‍රධාන ප්‍රදේශ හතර

ලුමුබිණි
බුද්ධගයා
සාරානාත්
කුෂිනගර්

අතිරේක ප්‍රදේශ හතර

ශ්‍රාවස්ති
රාජ්ගිර්
සංඛස්ස
වෛශාලි

වෙනත් ස්ථාන

පැට්නා-ගයා
කොසම්බි-මථුරා
කපිල වස්තු-දේවදහ
කේසරියා-පාව
නාලන්දා-වාරානසි

පසු කාලීන ප්‍රදේශ

සාන්චි
රත්නගිරි
එල්ලෝරා
අජන්තා
භාර්රුත්

බුදුන් දවස ලුම්බිනිය, කපිල වස්තු සහ දේවදහ අතර පිහිටි උයනකි. බුදුන් උපත ලද්දේ මෙම ස්ථානයේ බව නූතන පිළිගැනීමයි. අශෝක රජු ලුම්බිනිය දැක බලා ගැනීමට පැමිනිම සිහිවීම පිණිස තබන ලද කුලුණක් දැනට දක්නට ලැබේ. එහි සලකුණු කරන ලද විස්තර අනුව ලුම්බිනි උයන භාරව සිටි එකල ජනයා විසින් අශෝක රජුගේ පැමිණිම සහ පුද පඬුරු දීම සිහිවීම පිණිස එම කුලුණ පිහිටුවා තිබේ.. භගවන්පුරට සැතපුම් දෙකක් උතුරෙන් පිහිටි මෙම උයන ඊට කලින් හඳුන්වා තිබුනේ රුමින්දෙයි යනුවෙනි.

යුත්ත නිපාතයට අනුව (683 ගා) බුදුන් වහන්සේ ලුම්බිනි ජනපදයේ, ශාක්‍යයන්ගේ ගමක ඉපදුනු බව විස්තර කර ඇත. බුදුන් දෙව්දහ නුවරට වැඩි ගමනේදි ලුම්බිනි වනයේ නැවති සිටි දේවදහ සූත්‍රය දේශනා කළ සේක..

වර්තමාන ලුම්බිණියසංස්කරණය

යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කළ බිමකි.

ලුම්බිණිය 1997 වන විට ජාත්‍යන්තර ලෝක උරුම වැඩසටහන සඳහා යෝජනා කරන ලදි. යුනෙස්කෝ ලෝක උරුම භූමියක් වන්නේය.



ආශ්‍රිතසංස්කරණය

ඛණ්ඩාංක: 27°28′02″N 83°16′30″E / 27.467155°N 83.274908°E / 27.467155; 83.2749081. Reconsidering the Rummindei Pillar Edict of Asoka: In Connection with 'a piece of natural rock' from Mayadevi Temple Keisho TSUKAMOTOhttps://www.jstage.jst.go.jp/article/ibk1952/54/3/54_3_1113/_pdf/-char/en

  1. [1],ලංකාදීප
"https://si.wikipedia.org/w/index.php?title=ලුම්බිණිය&oldid=433392" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි