ලාල්ගුවන් මහාදේව දේවාලය

ලාල්ගුවන් මහාදේව දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝ නගරයේ පිහිටි නටබුන් වූ ශිව දේවාලයකි.

ලාල්ගුවන් මහාදෙව දේවාලය
लालगुआं मन्दिर
ලාල්ගුවන් මහාදේව දේවාලය is located in මධ්‍ය ප්‍රදේශ්
ලාල්ගුවන් මහාදේව දේවාලය
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් තුළ පිහිටීම
ලාල්ගුවන් මහාදේව දේවාලය is located in ඉන්දියාව
ලාල්ගුවන් මහාදේව දේවාලය
ලාල්ගුවන් මහාදේව දේවාලය (ඉන්දියාව)
මූලික තොරතුරු
පිහිටීමඛජුරාහෝ
භූගෝලීය ඛණ්ඩාංක24°51′03″N 79°54′41″E / 24.850802°N 79.911269°E / 24.850802; 79.911269ඛණ්ඩාංක: 24°51′03″N 79°54′41″E / 24.850802°N 79.911269°E / 24.850802; 79.911269
අනුබැඳියාවශෛව ආගම
දේවතාවාශිව
දිස්ත්‍රික්කයඡතර්පූර්
ජනපදයමධ්‍ය ප්‍රදේශ්
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ස්ථාපිත දිනයක්‍රි.ව. 10වන සියවස

ලාල්ගුවන් මහාදේව දේවාලයේ ඉදිකිරීම් ක්‍රි.ව. 900‍ට පමණ අයත් යැයි සැලකිය හැක.[1] මෙය චෞසත් යෝගිනී දේවාලයෙන් පසුව ඛජුරාහෝවේ පවතින දෙවන පැරණිතම දේවාලය ‍වේ. මෙම දේවාල දෙකම තනා ඇත්තේ ග්‍රැනයිට්වලිනි.[2] මෙම දේවාලය ඉදිවූයේ වැලිගල් (ඛජුරාහෝවේ සෙසු දේවාලවල භාවිතයට ගැනුණු) භාවිතය හඳුන්වා දුන් නමුත්, ග්‍රැනයිට් භාවිතය සම්පූර්ණයෙන්ම නැවතී නොතිබූ යුගයක ලෙස සැලකේ.[3]

ලාල්ගුවන් දේවාලය ඉදිකොට ඇත්තේ වර්තමානයේ ලාල්ගුවන් සාගර් යනුවෙන් හඳුන්වන ජලාශයේ ඉවුරේ ය. ඛජුරාහෝවේ ‍පසුකාලීන දේවාල හා සැසඳීමේ දී, මෙය ප්‍රමාණයෙන් කුඩා අතර සැලැස්ම ද චාම් ය. මෙහි බිම් සැලැස්ම සහ ආකෘතිය යාබද බ්‍රහ්ම දේවාලයට සමාන වේ. මෙහි පිරමිඩාකාර පියස්සක් වේ. දොරකඩෙහි ඇති එකම ‍කැටයම් වජ්‍ර හැඩැති මෝස්තරයන් ය.[3]

වර්තමානය වන විට මෙම දේවාලය නටබුන් බවට පත්ව ඇත. මෙහි ගර්භගෘහයේ වක්‍රරේඛීය ශිඛරය ඇද වැටී ඇත. පිවිසුම් ද්වාරය දක්නට නැත.[4] ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ගොඩනැගිල්ල ජාතික වැදගත්කමක් සහිත ස්මාරකයක් ලෙස නම්කොට තිබේ.[5]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Rana P. B. Singh 2009, පිටු අංකය: 58.
  2. Ali Javid & Tabassum Javeed 2008, පිටු අංකය: 200.
  3. 3.0 3.1 ASI Bhopal Lalguan 2016.
  4. Ali Javid & Tabassum Javeed 2008, පිටු අංකය: 201.
  5. ASI MP List 2016.

ග්‍රන්ථාවලිය සංස්කරණය

  • Ali Javid; Tabassum Javeed (2008). World Heritage Monuments and Related Edifices in India. Algora. ISBN 978-0-87586-482-2. {{cite book}}: Invalid |ref=harv (help)
  • "Lalguan Mahadeva Temple". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.
  • "Alphabetical List of Monuments - Madhya Pradesh". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.
  • Rana P. B. Singh (2009). Cosmic Order and Cultural Astronomy. Cambridge Scholars. ISBN 9781443816076. {{cite book}}: Invalid |ref=harv (help)