රාජ් සෝමදේව
දෙල්ගහවත්තගේ රාජ් කුමාර් සෝමදේව (උපත – 1960 ඔක්තොම්බර් 31) කැළණිය විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් වන අතර ශ්‍රී ලංකා පුරාවිද්‍යා කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. 2005 වසරේ දී ඔහු ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් හි පුරාවිද්‍යා ආයතනයෙන් චාල්ස් වොලස් පර්යේෂණ සාමාජිකත්වය ලැබීමට ද සමත් විය. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අදාල ව සිදුකරන කැණීම් සහ ගවේෂණ හේතුවෙන් ඒ මහතා ප්‍රසිද්ධියක් උසුලයි.[1][2]
මහාචාර්ය රාජ් සෝමදේව | |
---|---|
උපත | දෙල්ගහවත්තගේ රාජ් කුමාර් සෝමදේව ඔක්තෝබර් 31, 1960 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
පුරවැසිබව | ශ්‍රී ලංකාව |
උගත් ශාස්ත්‍රාලය |
|
සම්මාන |
|
Scientific career | |
ක්ෂේත්‍රය | පුරාවිද්‍යාව |
ආචාර්ය උපදේශක | පෝල් සින්ක්ලෙයාර් |
Other academic advisors | සේනක බණ්ඩාරනායක |
වෙබ් අඩවිය | http://www.rajsomadeva.com/ |
ළමා අවධිය
සංස්කරණයදෙල්ගහවත්තගේ රාජ් කුමාර් සෝමදේව 1960 ඔක්තෝබර් 31 වන දින ශ්‍රී ලංකාවේ වැල්ලවායේ දී උපත ලැබීය. ඔහු දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා විය.[3]
ඔහුගේ පියා රාජ්‍ය සේවකයෙකු වූ බැවින් පවුලේ සාමාජිකයින්ටත් රට වටා සංක්‍රමණය වීමට සිදු වූ අතර, ඔහුට නිතර පාසල් මාරු කිරීමට සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු පූජාපිටිය මධ්‍ය මහා විද්‍යාලය, නිවිතිගල සුමන මහා විද්‍යාලය, ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය, හිදැල්ලන සීවලී මධ්‍ය මහා විද්‍යාලය, මිනුවන්ගොඩ නාලන්ද විද්‍යාලය, පිටිපන රෝමානු කතෝලික විද්‍යාලය, කළුතර හොලික්‍රොස් විද්‍යාලය සහ අවසානයේ කළුතර විද්‍යාලය යන පාසල් වලින් ඔහු අධ්‍යාපනය ලබා ඇත.[2][3]
උසස් අධ්‍යාපනය
සංස්කරණයඔහු 1986 දී පුරාවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් අතර, 1994 දී කැළණිය විශ්වවිද්‍යාලයෙන් එම විෂයයෙන් ම දර්ශනපති උපාධිය ද ලබා ගත්තේය. 2006 දී ඔහු ස්වීඩනයේ උප්සලා විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා හා පුරාණ ඉතිහාස දෙපාර්තමේන්තුවෙන් පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගත්තේය.[2]
ඔහු, මහාචාර්ය සේනක බණ්ඩාරනායකගේ සහ උප්සලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෝල් සින්ක්ලෙයාර්ගේ සංරක්ෂණය කළ පිටපත 2022-10-23 at the Wayback Machine ශිෂ්‍යයෙකි.
වෘත්තීය ජීවිතය
සංස්කරණයසෝමදේව 1989 සිට 1994 දක්වා සීගිරිය - යුනෙස්කෝ - ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කර ඇත. එම කාලය තුළ ඔහු, සීගිරිය-දඹුල්ල ප්‍රදේශය ආශ්‍රිතව පැවැැත්වුණු ජර්මානු-ශ්‍රී ලංකා සහයෝගිතා කැණීම් ව්‍යාපෘතියේ සහ ස්වීඩන්-ශ්‍රී ලංකා ජනාවාස පුරාවිද්‍යා ව්‍යාපෘතියේ ක්ෂේත්‍ර අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළේය.
ඔහු ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ උපදේශක කමිටු සාමාජිකයෙකු ලෙස සිය දායකත්වය ලබා දී ඇත.
2013 දී ඔහු ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස පත් කරන ලදී.
පාසල්වල ඉතිහාස ඉගැන්වීමේ විෂයමාලා සංශෝධනය කිරීමට ද ඔහු තම හැකියාව පුළුල් ලෙස දායක කළ අතර වර්තමාන ඉතිහාස පෙළපොත් සඳහා පරිච්ඡේද කිහිපයක් ලියා ඇත.[4]
2022 වන විට ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙස සේවය කරයි.[1]
2022 දී ඔහු ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍යාංශයේ උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද පත් කරනු ලැබීය.
වර්තමානයේ ඔහු එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් අරමුදල් සපයන ව්‍යාපෘති කිහිපයක උපදේශකයෙකු ලෙස සේවය කරයි.[5]
පර්යේෂණ
සංස්කරණයසෝමදේවගේ ප්‍රධාන අධ්‍යයන ක්ෂේත්‍රය වන්නේ ශ්‍රී ලංකාවේ පැරණි නාගරීකරණයයි. ඔහු 1999 සිට 2005 දක්වා වසර හයක් ශ්‍රී ලංකාවේ දකුණු හා ගිනිකොන දිග ප්‍රදේශයේ, ජාතික ඓතිහාසික වංශකතාවල සහ ශිලා ලේඛනවල විස්තර කර ඇති නාගරිකත්වයේ ඓතිහාසික වර්ධනය අවබෝධ කර ගැනීමට ගත කළේය. එම කාලය තුළ ඔහු, පහළ කිරිඳි ඔය ද්‍රෝණියේ සාර්ව පරිමාණ ගවේශනයන් ඇතුළුව, පුරාවිද්‍යා කැණීම් නවයක් සිදු කළේය. එම ක්ෂේත්‍ර කටයුතුවල ප්‍රතිඵල, 'The Origins of Urbanism in Southern Sri Lanka' යන උදෘතය යටතේ උප්සලා විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා ඔහුගේ නිබන්ධනය ලෙසින් ඉදිරිපත් කරන ලදී.[6]
ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු, ඔහු ශ්‍රී ලංකාවේ පූර්ව හා ප්‍රාග් ඓතිහාසික සංක්‍රාන්තිය සම්බන්ධ ගැටලු විමර්ශනය කිරීමට යොමු වූයේය. ඔහුගේ ක්ෂේත්‍ර කාර්යයේ ප්‍රතිඵලයක් ලෙස, හොලොසීන යුගයේ දියුණු දඩයම්කරුවන් විසින් අත්පත් කරගත් පසුකාලීන ප්‍රාග් ඉතිහාසයේ නව සංක්‍රාන්ති අවධියක්, ඔහු හඳුනා ගත්තේය. පසු කාලීන හොලොසීන දඩයම්කරුවන් දේශගුණික විපර්යාසවලට හැඩ ගැසුනු ආකාරය සහ ඔවුන්ගේ පැවැත්ම සඳහා ශාකමය සම්පත් පරිභෝජනයට අනුගත වූ ආකාරය පැහැදිලි කිරීමට සෝමදේව සමත් විය. දැන් ඔහු උත්සුක වන්නේ රට තුළ අවසන් වූ හොලොසීන යුගයේ දියුණු දඩයම්කරුවන්ගේ සංජානන දියුණුව තේරුම් ගැනීමටය.[7]
සෝමදේව 2017 සහ 2019 දී ජාතික විද්‍යා පදනමෙන් තරඟකාරී පර්යේෂණ ප්‍රදානයක් දිනා ගත්තේ ශ්‍රී ලංකාවේ හොලොසීන දඩයම්කරුවන්ගේ පාරිසරික අනුවර්තනයන් පිළිබඳ පර්යේෂණ සඳහා ය.
ඔහු සිය පොත් දාහතට අමතරව, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පර්යේෂණ පත්‍රිකා හැත්තෑපහකට අධික සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කර ඇත.[8]
බුදුදහම මහින්දාගමනයට පෙර පටන් පැවති බවට සහ ලංකා ඉතිහාසය විජය-කුවේණි යුගයට වඩා ඔබ්බට දිවෙන බවට සාක්ෂි ඇති බව රාජ් සෝමදේව මහතා පවසයි.[9]ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සංස්කෘතිය ගැන එතුමා අපරිමිත සේවය ක් ඉටුකරයි.
සම්මාන හා පිළිගැනීම්
සංස්කරණය1998 දී ඔහු ශාස්ත්‍රීය අංශයේ නායකත්වය සැපයීම සහ ජයග්‍රහණ උදාකරගැනීමේ අංශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයන් දසදෙනාගේ සම්මානය ද දිනාගත්තේ ය.
2005 වසරේ දී ඔහුට යුනිවසිටි කොලේජ් ඔෆ් ලන්ඩන්හි පුරාවිද්‍යා ආයතනයෙන් චාල්ස් වොලස් පර්යේෂණ සාමාජිකත්වය ප්‍රදානය කෙරුණි.[10]
රාජ් සෝමදේව මහතා ලෝක පුරාවිද්‍යා කොංග්‍රසයේ සාමාජිකයකු ද වෙයි.
Rock Paintings and Engraving Sites in Sri Lanka නම් ඔහුගේ කෘතිය, 2013 වසරේ ඉංග්‍රීසි භාෂාවෙන් පළ වූ හොඳම ශාස්ත්‍රීය ප්‍රකාශනය සඳහා වන රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්තේය.[11]
බාහිර සබැඳි
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ a b PGIAR - Academic Staff
- ^ a b c "Curriculum Vitae – Professor Raj Somadeva". සම්ප්‍රවේශය 2019-10-10.
{{cite web}}
: CS1 maint: url-status (link) - ^ a b Me Mamada (මේ මමද? ) - මහාචාර්ය රාජ් සෝමදේව සමඟ (Raj Somadeva), retrieved 2022-10-21
- ^ ඊ-තක්සලාව සංරක්ෂණය කළ පිටපත 2022-10-23 at the Wayback Machine
- ^ https://www.dailymirror.lk/business-news/Tourism-Ministry-appoints-22-member-advisory-committee-to-revive-sector/273-242591
- ^ https://www.worldcat.org/oclc/416723069
- ^ https://scholar.google.com/citations?view_op=view_citation&hl=en&user=Fp4nNqYAAAAJ&citation_for_view=Fp4nNqYAAAAJ:Zph67rFs4hoC
- ^ https://www.archaeology.lk/raj-somadeva-biography-and-contact-number/
- ^ Somadeva, Raj. (2014) ‘Buddhism existed before Mihindu thera’. interviewed by Wijeyasinghe, Chathushika.www.dailymirror.lk. 1 July. Retrieved 2019-09-29.
- ^ http://www.sundaytimes.lk/121021/plus/how-we-buried-our-dead-in-ancient-lanka-17316.html
- ^ සංරක්ෂිත පිටපත, https://sinhala.archaeology.lk/%e0%b6%b8%e0%b7%84%e0%b7%8f%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a-%e0%b7%83%e0%b7%9d%e0%b6%b8%e0%b6%af%e0%b7%9a%e0%b7%80-%e0%b6%b8%e0%b7%84%e0%b6%ad/, ප්‍රතිෂ්ඨාපනය 2022-11-19
<references>
හි "archaeology.lk_cv" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.