රංගකලාව, චිත්‍රපට සහ රූපවාහිනිය පිළිබඳ යූසීඑල්ඒ ශාස්ත්‍රාලය

රංගකලාව, චිත්‍රපට සහ රූපවාහිනිය පිළිබඳ යූසීඑල්ඒ ශාස්ත්‍රාලය (යූසීඑල්ඒ ටීඑෆ්ටී) යනු, කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හී කැලිෆෝනියා විශ්වවිද්‍යාලය (යූසීඑල්ඒ) තුල පිහිටි ශාස්ත්‍රාල 11 අතරින් එකකි. පෙරමුණෙහි පවතින විශ්වවිද්‍යාලයක් විසින් අදාල ක්ෂේත්‍ර තුන (රංගකලාව, චිත්‍රපට සහ රූපවාහිනිය) එක් පරිපාලනයක් යටතට ගෙන සුසංයෝජනය කල පළමු අවස්ථා වූ බැවින්ම මෙම ශාස්ත්‍රාලයෙහි ඇරඹුම අතිශයින් මූලස්ථම්භන අවස්ථාවක් විය. [1]උපාධි අපේක්ෂක පාඨමාලා බොහෝවිට නාට්‍ය පිළිබඳ ලෝකයේ ඉහළ මට්ටමෙහි පවතින අධ්‍යයනාංශ අතර අනුස්ථිතිය ලබයි.[2]එ.ජ. පුවත් හා ලෝක වාර්තාව අනුව උපාධිධාරී පාඨමාලා සාමාන්‍යයෙන් ජාතික වශයෙන් ඉහළ ස්ථාන තුන අතර අනුස්ථිතිය ලබයි.[උපහරණ ඇවැසිය] ශාස්ත්‍රාලය සතුව ඇති විශිෂ්ඨතම සම්පත් අතර, ගෙෆ්න් නෘත්‍යශාලාව සහ, 2015 වසරෙහිදී එහි 50වන සංවත්සරය සමරණ ලෝකයේ විශ්වවිද්‍යාලයක් සතුව ඇති එවැනි ගණයේ විශාලතම සංරක්ෂිතය වන යූසීඑල්ඒ චිත්‍රපට හා රූපවාහිනී සංරක්ෂිතය වෙති.එක්සත් ජනපදයෙහි මාධ්‍ය කරුණු එකතු අතරින් විශාලතමයන්ගෙන් එකක් මෙම සංරක්ෂිතය තුල වන අතර, එය දෙවන වන්නේ වොෂිංටන් ඩී.සී. හි පිහිටි ලයිබ්‍රරි ඔෆ් කොංග්‍රස් තුල පිහිටි සංරක්ෂිතයට පමණි. එහි තැන්පත් ගර්භයන් තුල චලන චිත්‍රපට හා රූපවාහිනී කෘති 220,000 කට වඩා ප්‍රමාණයක් සහ ප්‍රවෘත්ති සේයා පට අඩියාවන් අඩි මිලියන 27 කට වඩා තැන්පත් කර ඇත.

රංගකලාව, චිත්‍රපට සහ රූපවාහිනිය පිළිබඳ යූසීඑල්ඒ ශාස්ත්‍රාලය
සංස්ථාපනය1947
වර්ගයපොදු විශ්වවිද්‍යාලය
පීතෘ ආයතනයකැලිෆෝනියා විශ්වවිද්‍යාලය, ලොස් ඇන්ජලීස්
පිහිටුමලොස් ඇන්ජලීස්
34°04′34″N 118°26′24″W / 34.076°N 118.440°W / 34.076; -118.440ඛණ්ඩාංක: 34°04′34″N 118°26′24″W / 34.076°N 118.440°W / 34.076; -118.440
පීඨාධිපතිවරයාටෙරී ස්වෝෂ්ට්ස්
ශාස්ත්‍රීය කාර්යමණ්ඩලය140
ශිෂ්‍යයෝ315 උපාධිධාරී, 328 උපාධි අපේක්ෂක
වෙබ්අඩවියtft.ucla.edu

2014 වසරෙහිදී ශාස්ත්‍රාලය සඳහා ඇතුළත් කර ගැනීම, ශිෂ්‍යයන් 631 විය. 2014 ශරත් සෘතුවෙහිදී , ශාස්ත්‍රාලයට අයැදුම්පත් 4,442 ලැබුණු අතර ඒ අතරින් අයදුම්කරුවන් 346 වෙත (7.8%) ඇතුළත් වීමට අවකාශ ලැබිණි.

පීඨ ආචාර්ය මණ්ඩල සාමාජිකයින් 140 දෙනෙකු විසින් උපාධි අපේක්ෂකයන් 335 සහ උපාධිධාරි ශිෂ්‍යයන් 296 වෙත උගැන්වීම කරන අතර, ගුරුවර ශිෂ්‍ය අනුපාතය 1:5 පමණ වෙයි.

ඉතිහාසය සංස්කරණය

ජර්මානු රංගකලා අධ්‍යක්ෂක විලියම් මෙල්නිට්ස් විසින් අධිපතිත්වය දැරූ රංගකලා අධ්‍යනාංශය යූසීඑල්ඒ හී තැනුනු වකවානුව වූ 1947 වසර දක්වා, රංගකලාව, චිත්‍රපට සහ රූපවාහිනිය පිළිබඳ යූසීඑල්ඒ ශාස්ත්‍රාලයෙහි මූලාරම්භය විහිදෙයි. 1961 වසරෙහිදී යූසීඑල්ඒ ලලිතකලා ශාස්ත්‍රාලය ලෙසින් මෙම අධ්‍යයනාංශය නම් ලබද්දී, මෙල්නිට්ස් සමාරම්භක පීඨාධිපති ධූරයෙන් පිදුම් ලැබූ අතර, රංගකලා අධ්‍යනාංශයෙහි මුලැදුරු ලෙසින් නාට්‍ය විවේචක සහ චිත්‍රපට නිෂ්පාදක කෙනත් මෙක්ගාවන් පත්වීම් ලැබීය. ලලිතකලා ශාස්ත්‍රාලයෙහි තත්ත්වය වර්ධනය වූ අතර, වසර හතක් තුලදී එහි අධ්‍යයනාංශ දෙක ඔවුන්ගේම ස්ථාන වෙත ගෙන යන ලදි. 1963 වසරෙහිදී රංගකලා අධ්‍යනාංශයෙහි නිවහන බවට මෙක්ගාවන් ශාලාව පත්වූ අතර, 1967 වසරෙහිදී චලන චිත්‍රපට, රූපවාහිනී සහ රේඩියෝ අධ්‍යයනාංශය මෙල්නිට්ස් ශාලාව වෙත ගෙන යන ලදි.

විසි වසරකට පසුව, 1987 වසරෙහිදී, ලලිතකලා ශාස්ත්‍රාලය අත්හිටුවන ලදි. 1990 වසරෙහිදී රංගකලාව, චිත්‍රපට සහ රූපවාහිනිය පිළිබඳ යූසීඑල්ඒ ශාස්ත්‍රාලය ඇරඹුනු අතර, කීර්තිමත් චිත්‍රපට, රූපවාහිනී සහ බ්‍රෝඩ්වේ රංගන අධ්‍යක්ෂක ගිල්බට් කේට්ස්, එහි ප්‍රාරම්භක පීඨාධිපතිවරයා විය.විෂය නිර්දේශය විස්තාරණය කෙරුණු අතර, පීඨය සඳහා නව ආචාර්යවරුන් බඳවාගෙන, විනෝදාස්වාද කර්මාන්තය හා සමගින් බැඳීම් ශක්තිමත් කෙරිණි.

1999 වසරෙහිදී, යූසීඑල්ඒ ටීඑෆ්ටී හී දෙවන පීඨාධිපති ලෙසින් රොබට් රෝසන් පත්විය. අග්‍රගණ්‍ය මහාචාර්යවරයෙක් සහ චිත්‍රපට ඉකිහාසඥයෙක් වන රෝසන්, චල රූපණ කෘති පිළිබඳ විශාලතම එකතු අතරින් එකක් බවට යූසීඑල්ඒ චිත්‍රපට සහ රූපවාහිනී සංරක්ෂිතය පත්කිරීමෙහි කාර්යයට පෙරදී උර දුන්නේය.

ආශ්‍රිත සංස්කරණය

  1. "ස්කූල් ඔෆ් තියටර්, ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන්". යූසීඑල්ඒ.
  2. "ද ටොප් 25 අන්ඩර්ග්‍රැජුවේට් ඩ්‍රාමා ස්කූල්ස්". ද හොලිඩුඩ් රිපෝටර්.

බාහිර සබැඳි සංස්කරණය