යුරෝපානු ඉතිහාසය-පළමු අධිරාජ්‍යයා

රෝමයේ ප්‍රථම අධිරාජ්‍යයා හඳුනාගැනීම සම්බන්ධයෙන් අර්ථ දක්වන ලද පිළිතුරු ‍නොමැත. ශුද්ධ තාක්ෂණික දර්ශනයක් යටතේ දී පැහැදිලි ප්‍රථම අධිරාජ්‍යවරයෙක් නොපවතී. මෙම තනතුර රෝමානු පාලන පද්ධතියේ නිළ තනතුරක් නොවේ. එය එකිනෙකට වෙනස් කාර්යයන් ගණනක සම්මිශ්‍රණයකි.

ජුලියස් සීසර් ගේ ඩයබේස් උඩුකය ප්‍රතිමාවක්

ජුලියස් සීසර් Dictator Perpetuus (ජීවිතය සඳහා අඥාදායකයෙක්) විය. එය අඥාදායකත්වයේ අතිශයින් වෙනස් ආකාරයක් වූ අතර රෝමානු සමූහාණ්ඩුවේ නිළ ස්ථානයක් විය. නීතිය අනුව අඥාදායකයකුගේ පාලනය කිසිවිටකත් මාස 6ක් නොයික්මවයි. එමනිසා සීසර් මඟින් නිර්මාණය කරන ලද ආකාර‍ය රෝමානු සමූහාණ්ඩුවේ මූලික න්‍යායන්වලට පටහැනි වේ. එනමුත් නිළ වශයෙන් ඔහුගේ අධිකාරය මෙම සමූහාණ්ඩු තනතුර මත රඳා පැවතුණි. කෙසේ නමුත් එය අසාමාන්‍ය වූ නිසා ඔහුව සමූහාණ්ඩු නිළධාරීවරයෙක් ලෙස සැලකුණි. කෙසේ නමුත් ඔහු විසින් සමාව දී තිබූ ඔහුගේ පෙර සතුරන් කිහිප දෙනෙක් ඇතුළත්ව සෙනෙට් සභිකයන් කිහිප දෙනෙක් ඔහු රජකමට පත් වී රාජාණ්ඩුවක් පිහිටීමට උත්සාහ දරනු ඇතැයි බියට පත් වූහ. එමනිසා ඔවුන් ඔහුව ඝාතනය කිරීමට කුමන්ත්‍රණ සකස් කළහ. 44 BC මාර්තු මාසයේ දී ඝාතකයන්ගේ කඩු පහරවල්වලින් ආඥාදායකයා මරණයට පත් විය.

ඔහුගේ මිනිපිරියගේ ස්වාමිපුරුෂයා වූ ඔක්ටේවියන් ඔහුගේ පුරෝගාමියාගේ වරදින් යම් දෙයක් ඉගෙන ගත් අතර ඔහු ආඥාදායකයා යන වදන කිසිවිටකත් ප්‍රකාශ නොකළ අතර ඔහුගේ බලයන් සමූහාණ්ඩු ආකාරය යටතේ වඩාත් පරිස්සමින් මෙහෙය විය. ඔහුට ඔගස්ටස් (ඔසවා තබන ලද තැනැත්තා) හා ප්‍රින්සෙප්ස් (රෝමානු සමූහාණ්ඩුවේ ප්‍රථම පුද්ගලයා හෝ රෝමානු සෙනෙට් ප්‍රථම නායකයා) වැනි නාම කිහිපයක් ලැබුණි. පසුව සඳහන් වූ නාමය රාජ්‍ය සඳහා තම සේවය ඉටු කළ අය සඳහා ප්‍රධ‍ානය කරන ලද්දක් විය. පොම්පේ එම නාමය දරා සිටින ලදී.

මීට අමතරව ඔගස්ටස්ට (ඉන්පසුව ඔහුව නම් කළ පරිදි) ජය පත්‍ර හා ඕර්ක්වලින් යුත් සිවිල් ඔටුන්න පැලදීමට ඉඩ ලැබුණි. කෙසේ නමුත් නිළ වශයෙන් මේ එකදු නාමයක් හෝ සිවිල් ඔටුන්න ඔගස්ටස්ට අතිරේක බලයක් හෝ අධිකාරයක් ලබා දුන්නේ නැත. ඔහු සරල වශයෙන් අතිශයින් ගෞරවයට පාත්‍ර වූ රාජ්‍ය තාන්ත්‍රික බව දරා සිටි රෝමානු රටවැසියෙකු විය. 13BC හි දී මාකස් අමිලියස් ලෙපිඩස්ගේ මරණයෙන් පසුව ඔගස්ටස් Pontifex Maximus බවට ද පත් විය. නාම විශාල ගණනකට හිමිකම් නොකියමින් ඔහු වෙනත් අතිරේක හා සුවිශේෂි බලයන් කිහිපයක් ද හිමි කර ගත්තේය. අවසානයේ දී ඔහුට අවශ්‍ය වූයේ නාම නොව අධිකාරය පමණි.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Roman_Empire#The_first_emperor