මූල්‍යමය ආර්ථික විද්‍යාව

මූල්‍යමය ආර්ථික විද්‍යාව යනු ආර්ථික විද්‍යාවේම ශාඛාවක් වන අතර කාලයක් පුරාවට සම්පත් බෙදා හැරීම ගැන මින් සලකා බලනු ලබයි. මූල්‍යමය ක්‍රියාකාරකම් එක් වර්ගයක මුදල් හෝ වෙළදාමේ දෙපාර්ශවයේම පෙනීසිටීමට සුදුසු මූල්‍ය ක්‍රියාකාරකම් කෙරෙහි සංකේන්ද්‍රණය වීම තුලින් මෙය අනෙකුත් ආර්ථික විද්‍යා කොටස් වලින් තවදුරටත් වෙනස් කරනු ලබයි.

පුහුණු මඟින් ආමන්ත්‍රණය කරනු ලබන ප්‍රශ්ණ බොහෝවිට කාල අවිනිශ්චිත තාවය විකල්ප හා තොරතුරු යන රාමුවෙන් යුතුවේ.

  • කාලය (Time) - අනාගත මුදල් සඳහා වර්ථමානයේ මුලද් වෙළදාම කරයි.
  • අවිනිශ්චිතතාවය (අවධානම) - අනාගතයට මාරුවන මුදල් ප්‍රමාණය අවිනිශ්චිත වේ.
  • විකල්ප - ගණුදෙනුවක එක් පාර්ශ්වයකට පසුකාලීනව යමක් නිසා සිදුවන මුදල් හුවමාරුවට බලපාන තීරණ ගත හැක.
  • තොරතුරු - අනාගත මුදල් වල අගය [Future Monetary Value (FMV)] සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිත තාවය අනාගතය පිළිබඳ පවතින දැනුම මඟින් අවමකර ගැනීම හෝ කෙසේ හෝ මඟහැරීම සිදුකල හැක.

විෂය ගැටළු සංස්කරණය

ඉහත පරිදි විෂයපථය දක්වමින් මූල්‍ය ආර්ථික විද්‍යාව, කොටස් වෙළදපොල හා සමාගම් මූල්‍යමය වැනි මූල්‍ය වෙළෙදපොලවල් හා පහත දැක්වෙන විෂය ක්ෂේත්‍රයන්හි වැඩ සමඟ ගණුදෙනු කිරීමට ආධාර වනු ඇත.

  • අයවැය
  • ඉතුරුම් ‍
  • ආයෝජන
  • ණය ගැනීම්
  • ණය සැපයීම්
  • රක්ෂණය
  • ඉදිරි වෙළද ගිවිසුම්
  • විවිධාංගීකරණය
  • වත්කම් කළමණාකරණය

අනාගතය කෙලෙසකවත් නිෂ්චිතව දැන නොගැනීම හේතුවෙන් මූල්‍ය ආර්ථික විද්‍යාවේ මූලික අවධානම සම්පත් බෙදාහැරීමේ අවිනිශ්චිත තාවයේ බලපෑම කෙරෙහි යොමුකරනු ලබයි.

මූල්‍යමය ආර්ථික විද්‍යාව පහත ප්‍රශ්ණ සඳහා පිළිතුරු සෙවීමට වෑයම් කරයි.

  • මූල්‍යමය වත්කම් වල මිල ගණන් තීරණය කරන්නේ කෙසේද? (කොටස්, සුරැකුම්පත්, ව්‍යවහාර මුදල් සහ හුවමාරු භාණ්ඩ)
  • කොටස් නිකුත් කිරීම, ණය ගැනීම වැනි විවිධ ක්‍රම ආයතනික ක්‍රියාවලිය මූල්‍යනය කිරීමට යොදා ගැනීමෙන් සමාගමට ‍වන බලපෑම මොනවාද?
  • ඔහු හෝ ඇයගේ අරමුණ වඩාත් හොදින් ලඟාකර ගැනීම සඳහා කුමන වත්කම් කළඹක් ආයෝජක විසින් දැරිය යුතුද?