මියොංසොං රැජින (1642 ජූනි 13 - 1684 ජනවාරි 21) (명성왕후 김씨)

චරිතාපදානය සංස්කරණය

මියොංසොං රැජින 1642 ජුනි 13 වන දින ඉන්ජෝ රජුගේ පාලන සමයේදී චොංපුං කිම් වංශයේ කිම් වූ මයොන්ග් හා ඉයුන්ජින් සොං වංශයේ ඩියෝකූන් ආර්යාවට දාව පුත්‍රයන් හතර දෙනෙකුගෙන් යුතු වූ පවුලේ එකම දියණිය ලෙස ජන්ග්ටොංබෑන්ග් (හංගුල්: 장통방, හන්ජා: 長通坊) හි උපත ලැබුවාය.

1651 දී ඇය කිරුළ හිමි යි යොන් කුමරු සමඟ විවාහ විය. 1659 දී යි යොන් කුමරු ජෝසන් රාජවංශයේ 18 වෙනි රජතුමා ලෙස රජවීමත් සමග මියොන්සං රැජින අගබිසව තනතුර දක්වා උසස් කරනු ලබයි. ඇයට සහ රජුට එක් පුතෙකු හා දියණියන් සිව්දෙනෙකු සිටියහ. 1658 දී නම් තබන්නටත් පෙර මියගිය දියණියකුත් 1659 දී මයෝංසන් කුමරියත් , 1661 දී යී සන් කුමරුත්, 1663 දී මියන්ග් කුමරිය සහ 1665 දී මියන්ගන් කුමරියත් බිහිකරනු ලබයි.

1667 දී යි සන් කුමරු කිරුළ හිමි කුමරු ලෙස පත් කරන ලදී. හියෝජොං රජුගේ මරණින් පසු යි සන් කුමරු ජොසොන්හි සුක්ජෝං රජු ලෙස රජකමට පත් වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=මියොංසොං_අගබිසව&oldid=512478" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි