මානව විද්‍යාව-ගොඩනංවන ලද භාෂාව

ගොඩනංවන නොඑසේනම් නිර්මාපිත භාෂාව යනුවෙන් හැඳින්වෙන්නේ ස්වර විද්‍යාව ව්‍යාකරණ සහ/ හෝ වාංමාලාව ස්වභාවික පරිණාමයට පත්වනු වෙනුවට තනි පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් නිර්මාණය කරනු ලැබූ භාෂාවකි. ගොඩනංවන ලද භාෂාවක් නිර්මාණයවීමට බලපෑ හැකි හේතූන් ගණනාවක්ම පැවතිය හැක. මේ අතර මානව සන්නිවේදය පහසු කිරීම, ප‍්‍රබන්ධිත හෝ ඒ ආශි‍්‍රත ගොඩනංවන ලද ලෝකයක් සජීවීභාවයට පත්කිරීම, භාෂාත්මක අත්හදාබැලීම්, භාෂාව පිලිබඳ කෙනෙකුගේ සෞන්දර්යාත්මක අභිරුචිය සැමරීම සහ භාෂාත්මක කී‍්‍රඩා යනාදිය මෙම හේතු අතර විය හැක.

මීට සමානාර්ථයක් ඇති සැලසුම් කරනු ලැබූ භාෂාව යන යෙදුම සමහර අවස්ථාවන්හිදී ජාත්‍යන්තර සහායක භාෂාවන් හැඳින්වීම සඳහා මෙන්ම වඩාත් භාවිතයේ පවත්නා යෙදුම වන ‘නිර්මාපිත’ යන යෙදුමට විරෝධය දක්වන තැනැත්තන් විසින්ද යොදාගනු ලබයි. උදාහරණයක් ලෙස ඉන්ටර්ලින්ග්වා භාෂාව කථාකරන සමහරු සිය භාෂාවේ ප‍්‍රබන්ධිත කිසිවක් නොපැවතියද එය නිර්මාපිත එකක් ලෙස සලකති. නමුත් මෙම කාරණය එස්පරැන්තෝ හෝ ඉඩෝ භාෂාවන් සම්බන්ධයෙන් සත්‍ය නොවේ. මෙම භාෂාවන් කථාකරන සමහරු ‘නිර්මාපිත භාෂාව’ යන යෙදුම භාවිතයෙන් වැලකෙන්නේ මානව සන්නිවේදනය සඳහා සිය භාෂාව යොදාගැනීමේදී‘අස්වභාවික’ කිසිත් පවතින බව ඔවුන් ප‍්‍රතික්ෂේප කරන බැවිනි.

භාෂාවන් ‘සැලසුම්කරන ලද ’ ලෙසින් හැඳින්වීම ‘ගොඩනංවන ලද භාෂාව’ යන යෙදුම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් ඇති කරවයි. මෙම තේමාව යටතේ භාෂාවන් කිහිපයක් ලිහිල් ලෙස කාණ්ඩගතකොට ඇති අතර එයට හේතු වී ඇත්තේ ඒවාට එකම ඉතිහාසයක් සහ භාවිතයන් පැවතීම වුවද ඒවා ගොඩනංවන ලද භාෂාවන් ලෙස නොසැලකේ. ඉන්ටලින්ග්වා භාෂාව සතුව භාෂාවිද්‍යාත්මක පර්යේෂණ ආයතනයක් වන ජාත්‍යන්තර සහායක භාෂා සංවිධානය විසින් නාමාවලිගත කරන ලද හා ප‍්‍රමිතිගත කරන ලද ස්වභාවිකව යෙදෙන වාග්මාලාවක් සහ ව්‍යාකාරණ පවතී. ප‍්‍රමිතිගත කිරීම එක්තරා ආකාරයක සැලසුම් කිරීමක් ලෙස පෙනී යා හැකි වුවුද සිය අන්තර්ගතය ස්වභාවිකව වර්ධනය වූ භාෂාවක් ගොඩනංවන ලද භාෂාවක් ලෙස වර්ගීකරණය කිරීම අසීරු වෙයි.

මීට සමානව ලැටීනෝ සයින් ෆ්ලෙක්සියෝන් වූ කලි වරනැගීම් ඉවත්කරනු ලැබූ සරළ ලතින් රූපාකාරයකි. ඉන්ටලින්ග්වා මෙන්ම මෙයද ගොඩනංවන ලද භාෂාවක් ලෙස දැක්වීම පැහැදිලි කළ නොහැකිය. මේ භාෂා දෙකම ප‍්‍රධාන අතිරේක භාෂාවන් ලෙස සැලකෙන නමුත් වර්තමානයේ වඩාත් පුළුල් ලෙස භාවිතයේ යෙදෙන්නේ ඉන්ටලින්ග්වා පමණකි.

එස්පරැන්තෝ ප‍්‍රජාවෙන් පිටත භාෂාත්මක සැලසුම්කිරීම යන යෙදුම යෙදෙන්නේ ස්වභාවික භාෂාවන් සම්බන්ධයෙන් ගනු ලැබ ඇති නීතිමය පියවරයන් දැක්විම සඳහාය. මෙහිදී ‘ස්වභාවික භාෂාවන්’ පවා සමහර අවස්ථාවන්හිදී නිර්මාපිත ඒවා ලෙස හඳුන්වනු ලැබිය හැක. සම්පූර්ණයෙන් කෘතිම වූ රීතීන් බලපවත්වන්නාවූ ව්‍යාකරණ නීති පිලිබඳව සැලකීමේදී මෙසේ විභේදනයක් දැක්වීම අසීරු වෙයි. ජේ. ආර්. ආර්. ටෝකියන් විසින් නිර්මාණය කරන ලද ‘ග්ලොසොපොයා’ යන යෙදුමද භාෂාමය ගොඩනැංවීම අදහස් කිරීම සඳහා යොදාගනු ලබන්නකි.