පෘතුගීසි යුගය සංස්කරණය

පෘතුගීසි යුගය තුල මෙරට ධර්මදානිය මෙහෙවරේ යෙදුණු ප්‍රැන්සිස්කාන නිකායික ධර්මදුතවරුන් විසින් යාපන රාජධානියේ ඉදිකරන දේවස්ථාන අතුරින් මන්නාරමට කිලෝමීටර 05ක් උතුරින් පිහිටා තිබු — මාන්තෙයි˜ දේවස්ථානයට හිමි වුයේ සුවිශේෂී ස්ථානකි. සුප්‍රකට ඉතිහාසටබ ක්වේරෝස් හා ත්‍රින්දාදීගේ වාර්තාවන්ට අනුව ර්‍ණක්‍රි.ව. 1583 වන විට ප්‍රැන්සිස්කාන මාන්තෙයි නමින් මන්නාරමට නුදුරින් පිහිටා තිබු දෙව්මැදුර ආරෝග්‍ය දේවමාතාවන්ට කැපවු දේවස්ථානයක් තිබු.........˜ බව සදහන් කරයි. අද මරුද මඩු ජපමාල මාතාවන් ලෙස හදුන්වන ඓතිහාසික ප්‍රතිමාවේ මුල් නිජබිම වන්නේ මේ දේවස්ථානයයි.

ඕලන්ද පීඩන සමය සංස්කරණය

ක්‍රි.ව. 1638 දි දෙවන රාජසිංහ රජු ලන්දේසින් ඇති කරගත් ගිවිසුමත් ලෙස පෘතුග්‍රිසින් මෙරටින් පන්නා දැමීමට සහය පැතුහ. එමගින් අවස්ථාවක් ලබාගත් ලන්දේසි හු මෙරට වෙළෙද බලය තහවුරු කරලිමට ද රෙප්‍රමාදු දහම ව්‍යාප්ත කරලිමට උත්සුක වුහ, එමගින් ලක්දිව විසූ කතෝලික පුජප්‍රසාදිවරුන් පන්නා දමා දේවස්ථාන විනාශ කළහ. පිඩනයේ උදාවත් සමගම මාන්තෙයි ග්‍රාමයේ විසූ කතෝලිකයෝ තමන්ගේ ආරක‍ෂාව පතාගෙන පවුල් විස්සක් පමණ ජපමාල මාතා ප්‍රතිමාවද රැගෙන වන්නි වනාන්තරය පිරා යමින් උඩරට රාජ්‍යකරා පලායන්නට විය. මෙසේ ඝන වන්නි වනාන්තරයේ ඔබමොබ සක්මන් කරමින් දින ගණනක් පුරා මේ පිරිස අතරමං විය. එහෙත් දේව ක්‍රියාකාරිත්වය තුළ හාස්කමකට මෙන් උඩරට රාජධානියේ එක් මායිමක් වුද, උඩරට රජුගේ තිරුබදු අයකරන ස්ථානයක් වු මෙම ප්‍රදේශය පෞරාණික වැවකින් සමන්විත මේ ග්‍රාමය මරුද මඩු විය. තමන් විසින් රැගෙන එන ලද පූජනීය ප්‍රතිමාව උදෙසා කුඩා දෙව්මැදුර තනා එය ජපමාල මාතාවන් කැපකරන ලදී ගතවද යාපන අර්ධද්වීපයේ සිට ඕලන්ද පිඩන නිසා පැමිණි තවත් කතෝලිකයෝ රාශියක් ද මරුද මඩු ග්‍රාමයට පැමිණියෝය. මේ පිරිස අතර පෘතුග්‍රීසි කපිතාන්වරයකුගේ දියණියක ද වුවායග ඇගේ නම හෙලේනා විය. කල්ගතවෙත්ම හෙලේනා නම් මේ බැතිමත් තරුණිය එහි රේගුපොළේ හුන් නිලධාරියා සමග විවාහ වුවාය. විවාහයෙන් පසුව ඇය තම සැමියාගේ ආධාරයෙන් ජපමාල මාතාවන් උදෙසා කුඩා දෙව්මැදුරක් ඉදිකළාය. ඇය කළ මේ සත්ක්‍රියාව නිසා එම ප්‍රදේශය "සිලේනා මරුද මඩු", "සලෝනා මරුද මඩු", "සිලනේ මඩු" ආදි නම් වලින් හ`දුන්වයි. එම ස්ථානයේ කිතු දහම ප්‍රචලිත වීමට පෙර ශාන්ති කර්ම හා යාග පුජා ඉතා ප්‍රචලිතව පැවතිණි, මෙම ප්‍රදේශයේ වැසියන්ගේ ප්‍රධාන රැකියාව වුයේ අලි ඇතුත් අල්ලා ගැනීමය කිතු දහම ප්‍රචලිත වීමෙන් පසුව ශාන්ති කර්ම හා යාග පුජා නවතා තමන්ගේ දෙව්මැ`දුරට භාර හාර වන්නට විය. ක්‍රි.ව. 1687 මැයි මාසයේදී යාචක වෙසින් මන්නාරම් වෙරළට සේන්දු වූ ජුසේ වාස් මුනිතුමා ස්වකීය දිවිමෙ`ග් අවස්ථා 04 කදී මඩු සිද්ධස්ථානයට පැමිනි බව සදහන් වේ. ඕලන්ද යුගයේ කතෝලිකයන්ගේ ප්‍රධානතම වන්දනා ස්ථාන අතුරින් වන්නියේ දේවමාතාවන්ට කැපවු සිද්ධස්ථාන දෙකෙන් එකක් ලෙස මඩු සිද්ධස්ථානය සැලකේ. මෙය ක්‍රි.ව 1706 දි ජුසේවාස් මුනිතුමා විසින් මෙම ප්‍රදේශයේ ධර්මදූත සේවය ගරු පේද්‍රෝ ෆෙරාඕ පියතුමා හට පැවරීය. එතුමා වන්නි කරයේ වසර 25 ක් පමණ කාලයක් පුරාවට ම සේවය කළේය. මෙම පියතුමා මෙතුමා — වන්නියේ අපොස්තුළුවරයා ˜ ලෙසත් මඩු සිද්ධස්ථානයේ ආරම්භකයා ලෙස සැලකෙන අතර අශුද්ධාත්ම බොහෝමයක් තිබූ වන්නිකරයේ සත්‍යාගම ප්‍රචාරය කරන්නටත් එම අශුද්ධාත්ම දුරු කිරීමටත් මෙම පියතුමා සමත් වූ බව කියැවේ. තවද ක්‍රි.ව. 1670 සිට ම පුජාප්‍රසාදිතුමෙකු නොසිටියන් කතෝලික ජනතාව වන්දනාව පිණිස සිලේනා මරුද මඩු ප්‍රදේශයට පැමිණි බව සදහන් වේ. එකල ජනතාව වන්නි වනාන්තරයේ ඔබමොබ සක්මන් කරන්නට බියවුයේ විෂඝෝර සර්ප උවදුරක් මෙහි තිබු බැවිනි. මෙය දැනගත් ගරු පේද්‍රෝ ෆෙරාඕ පියතුමා ඒ ප්‍රදේශයේ ජනතාව රැස්කොට උපවාස පවත්වා මුළු ප්‍රදේශය පුරා ආසිරි පැන් ඉස සර්ප උවදුරත්, වන සතුන්ගේ උවදුරත් පලවා හැර තිබේ. එතැන් සිට අද වන තෙක් කිසිදු උවදුරක් සිදු වී නැත. තවද මෙහි වන්දනාවේ පැමිණි සියල්ලෝ තමන්ගේ ආරක‍ෂාව පතා මෙම ස්ථානයෙන් පස් රැගෙන යන්නට පුරුදු වුහ. පසු කාලීනව එනම් ක්‍රි.ව. 1721 දී ලක්දිවට පැමිණි ඔරතෝරියාන නිකායික ගරු. අන්තෝනියෝ ඩි තවෝරා පුජාප්‍රසාදී තුමන් විසින් පෙර තිබු දේවස්ථානය පුළුල් කරන ලද බව සදහන් වේ. කල්යත් ම සර්ප උවදුරින් ජනතාව බේරා ගන්නා මැදහත්කාරිය මරුද මඩු මාතාවන් බව ප්‍රචලිත විය. මෙම ස්ථානයෙන් ජනතාව පස් රැගෙන යාමට තවත් හේතුවක් ලෙස ජනප්‍රවාදයේ ඇත්තේ "සම්මනිසි පියතුමාගේ" දේහය මෙහි මිහිදන් කර ඇති බවයි¡ මුල් යුගවලදි මෙම ස්ථානයට වන්දනාව පිණිස පැමිණියේ මන්නාරම යාපනය වැනි ප්‍රදේශවල ජනතාව පමණි එහෙත් කල්යත්ම දකුණ දිග ප්‍රදේශ වලින් ජනතාව වැල නොකැඩී පැමිණියෝය, තවද එක් කාල වකවානුවක මුඵ වන්නිය පුරා කොළරා වසංගතය පැතිරි ගිය විට මෙහි තිබු අතී පුජනීය ප්‍රතිමාව ප්‍රදේශය පුරා වීදි සංචාරය කරමින් පසුව එකී උවදුර තුරන් වූ බව සදහන් වේ. තවද ක්‍රි.ව. 1706 දී ධර්මෝපදේශයෙහිලා ඔරතෝරියානු පියවරු විසින් මෙම ප්‍රදේශවල ගෝවෙන් රැගෙන ආ ප්‍රතිමා හා ඇදුම් අයිත්තම් උපයෝගි කරගෙන කතෝලික නාට්‍ය රඟ දක්වා ඇත. ඕලන්ද පිඩන පැමිණියන් නිදහසේ විසූ කතෝලිකයන් නම් කල හැක. ඊට එක් හේතුවක් වුයේ සිලේනා මරුද මඩු වනාහි ලන්දේසීන්ට පහසුවෙන් ළඟාවිය නොහැකි වුද දුෂ්කර වුද වනගත වුද ප්‍රදේශයක් වු බැවිනි.

බ්‍රිතාන්‍ය යුගය සංස්කරණය

බ්‍රිතාන්‍ය සමය තුල ක්‍රි.ව. 1823 දී මන්නාරමේ විනිසුරු මොයිස් මහතාණන් විසින් කුඩා දේවස්ථානයක් සදාදුන් අතර එය අශ්ව ලාඩමක හැඩයක් ගත් බව සදහන් වේ.මෙම දේවස්ථානය අඩි 08ක් උස බිත්ති වලින් හෙබි මැටියෙන් තැනු අසම්පූර්ණ ඉරිතැලුණු බිත්ති 03කින් සමන්විතවිත විය. මේ දේවස්ථානයට පිටුපසින් කුඩා කාමරයක් තිබු අතර එය දේවස්ථානයට පැමිණෙන පියතුමන්ලාගේ ප්‍රයෝජනය පිණිස විය.ක්‍රි.ව. 1838 දී ගෝවේ ඔරතෝරියාන නිකාය අත්හිටුවනු ලැබුවෙන් උතුරු අපෝස්තලික අනුපදවියේ පාලකයා වූ අති උතුම් ඔරාසියෝ ඛෙතකිනි රදගුරුතුමන් විසින් ඔබ්ලේට් නිර්මල මරිය නිකායට පවරා දෙනු ලැබිය. මෙම පැවදි පංතිය විසින් මඩු සිද්ධස්ථානයට සිදුකරන ලද මෙහෙවර අපමණය. නිර්මල මරිය නිකායේ පළමු රදගුරු තුමන් වූ සෙමරියා හිමිපාණන්ගේ සමයේදී මෙම සිද්ධස්ථානය සදහා සැලකිව යුතු සංවර්ධනයක් සිදුනොවිය. එහෙත් ක්‍රි.ව. 1868 දී රාජගුරුධුරයට පත්වූ අති උතුම් ක්‍රිස්ටෝෆර් බොන්ජින් හිමිපාණන් විසින් ක්‍රි.ව. 1870 දී මේ සිද්ධස්ථානයේ පවතින ජුලි 02 දින මහා මංගල්‍යය ස්ථාපිත කළ අතර එදා සිට අද දක්වා වසරක් වසරක් පාසා ලක්ෂ සංඛ්‍යාත දේවජනතාවක් මහවන ගෙවමින් මව් සෙනෙහස පතා එති. එතුමා මරුද මඩු සිද්ධස්ථානයට පැමිණි අවස්ථාවේදී එහි තත්වය ඉතා ශෝචනීය විය. ඒ ගැන එතුමා සදහන් කරන ආකාරයට මෙසේය. " රට පුරා කීර්තියක් ඉසුලු නමුත් ගැම්මකට නැති මේ සිද්ධස්ථානය පළමු වතාවට දුටු විට මම කෙතරම් සෝදුකින් පෙළුනෙම්ද?ඔබ්ලේට් රාජගුරුප්‍රසාදි නමක් විසින් සිය නිමල මවගේ ගෘහය මෙතරම් හීන දින තත්ත්වයකට තැබිණි, යන කීම නොකියවෙන පරිදි කටයුතු කෙරෙන බව මම ඒ මොහොතේම පැවසුවෙමි...... මේ රුදුරු වන ලැහැබයෙහි දෙව්මව් උදෙසා රමණිය දෙව්විමනක් ගොඩනැගීමට මම හනික ඉටාගතිමි............." ක්‍රි.ව. 1872 අගෝස්තු 08 වනදා අති උතුම් ක්‍රිස්ටෝෆර් බොන්ජින් හිමිපාණන් විසින් වත්මන් දේවස්ථානය සදහා මුල් ගල තබන ලදී. ක්‍රි.ව. 1883 දී අති උතුම් ක්‍රිස්ටෝෆර් බොන්ජින් හිමිපාණන් කොළඹ රදගුරුතුමන් ලෙස පත් වු අතර ක්‍රි.ව. 1887 දී ලක්දිව ප්‍රථම අග්‍රරාජගුරුධුරයෙන් ද පුදනු ලැබිය.ඉන් අනතුරුව යාපනයේ රාජගුරුධුරයට පත්වූයේ අති උතුම් ඇන්ඩෘෘ මෙලිසන් හිමිපාණන්ය. එතුමා ද ක්‍රි.ව. 1893 දී කොළඹ අග්‍රරාජගුරුධුරයට පත් විය. මේ යුගයේ දී යාපනයේ රාජගුරුධුරයට පත්වූයේ අති උතුම් හෙන්රි ජුලෑන් හිමිපාණන්ය. එතුමන්ගේ පාලන සමයේදී අත්‍යාලංකාර මොගොප්පුවද , පුජක නිවාසයද , දිව්‍ය සත්ප්‍රසාද දෙව්මැදුර ද, ලුර්දු ගුහාවද ඉදිකරන ලදී. තවද දහස් ගණන් වන්දනාකරුවන්ට අවැසි පහසුකම් ලබාදීමට වැව ද, වඩාත් ගැඹුරු කර වැව් බැම්මද සවිබල කරන ලදී. තවද බැතිමතුන්ගේ අවශ්‍යතාවයන් සදහා තවත් ළිං කීපයක් තනවන ලදී. මඩුහි අප ස්වාමිදු ඇගේ රැකවරණයට වශීකර ගන්නා රග දුටු ජුලෑන් හිමිපාණන් සිනහා රැල්ලකින් මුවසරසා අන්තිම හුස්ම හෙළුහ. ඉන්පසු රාජගුරුධුරයට පත්වූ අති උතුම් කොන්ජන් රාජගුරු හිමිපාණන් මෙම වනගත ප්‍රතිමාව උදෙසා සුවිශේෂී ගෞරවයක් ලබාදීමේ අටියෙන් ශුද්ධාසනයට මේ සිද්ධස්ථානය පිළිබද වාර්තාවක් සපයන ලදී.එමගින් මඩුහි අප ස්වාමිදුගේ අසිරිමත් ප්‍රතිමාවට ශුද්ධාසනයේ විශේෂ නියෝජිතයකු මගින් ඔටුණු පැළදීමට කටයුතු කල නමුත් එතුමාගේ හදිසි අභාවය නිසා ඒ සියලු කරණා ප්‍රමාදවුණි. ඉන්පසු රාජගුරුධුරයට පත්වූයේ අති උතුම් ගියෝමාර් හිමිපාණන්ය. එතුමා විසින් කොන්ජන් රාජගුරු හිමිපාණන්ගේ අරමුණ වූ එනම් මඩුහි අප ස්වාමිදුගේ ප්‍රතිමාවට ඔටුණු පැළදීමේ මහගු මෙහෙවරට මුලපුරණ ලදී. මෙම ඓතිහාසික උත්කර්ශවත් උළෙල පැවැත්වුයේ ක්‍රි.ව. 1924 ජුලි මස 01 වනදාය. ඒ සදහා ශුද්ධාසනය විසින් විශේෂ නියෝජිතයකු ලෙස එකල කොළඹ අග්‍රරාජගුරු අති උතුම් ඇන්තනි කුඩෙට් හිමිපාණන්ව නම් කරන ලදී. මේ සදහා එවකට ලක්දිව පැවති රදගුරු වසම් පහේම රාජගුරුප්‍රසාදි තුමන්ලා පැමිණ සිටි අතර , ටුටිකොරින් හි රාජගුරු ප්‍රසාදිතුමන්ද මිට එක් විම ඉතා සුවිශේෂී සිද්ධියකි. මෙම ඓතිහාසික උළෙල සදහා ලක්දිව නන් දෙසින් ලක්ෂ 04 ක් පමණ ජනකායක් සහභාගීවූ බව සදහන් වේ. ක්‍රි.ව. 1944 ජුනි මස 25 වන දින අති උතුම් ගියෝමාර් හිමිපාණන් විසින් මඩු සිද්ධස්ථානයේ අද පවතින අභිනව දේවස්ථානය ආසිරි ගන්වන ලදී. මෙහි දී ඉපැරණි දැවමුවා අල්තාරය ඉවත් කොට අලංකාර කිරිගරුඩ අල්තාරයක් සවිකර දේවස්ථානයා අභිෂේක කරන ලදී.මෙතුමන්ගේ පාලන සමය තුල දස දහස් වන්දනාකරුවන්ට එකවර දේවවන්දනා පිළිවෙත් වලට සහභාගී විය හැකි පරිද්දෙන් අද පවතින අඩි 160 ක වටප්‍රමාණයක් ඇති සුවිශාල නයනාභිරමණි මණ්ඩපය ඉදිකරන ලදී. ඊට අමතරව වන්දනාස්ථානයේ සිමාවන් සලකුණු යොදනු අටියෙන් සිද්ධස්ථානයට ඇතුල් වන ස්ථානයේ වන්දනාකරුවන්ගේ අප ස්වාමිදුගේ ප්‍රතිමාවද, කල්වාරියද, පාතිමාවේ අප ස්වාමිදුගේ ප්‍රතිමාවද, ක්‍රිස්තු රජාණන්වහන්සේගේ ප්‍රතිමාවද ස්ථාපනය කරන ලදී. ක්‍රි.ව. 1948 දී ඔබ්ලේට් නිර්මල මරිය නිකායික පියවරු ලක්දිවට පැමිණ වසර 100 ක් පිරිම නිමිත්තෙන් මඩුහි අප ස්වාමිදුගේ අසිරිමත් ප්‍රතිමාව යාපනය රදගුරු වසමේ සෑම මිසමක් කරා රැගෙන ගිය අතර ඒ සදහා විශේෂිත වු වැඩසටහන් ද සංවිධානය කර තිබු අතර මේ චාරිකාව දින 50ක් විය. එක් එක් මීසම් වලට ප්‍රතිමාව ඉමහත් ජයතෝසවයෙන් වැඩම කල අතර, මේ සංචාරයේදී රැගෙන ගිය ශ්‍රී කුරුසිය අදත් දේවස්ථානයේ වම් පස ස්ථාපිත කර ඇත. තවද මේ සංචාරය හේතුවෙන් බොහෝ දෙනෙකු තුල නවෝදයක් ඇතිවූ අතර සංචාරය අවසානයේදී දෙව් මවුන් වෙත සියල්ලන් තම තමන් කැපකරන ලදී. එහෙදි කැපකරන ලද 51,500කින් යුතු පත්‍රිකා ඕතුමන්ගේ පාමුල තැන්පත් කෙරිණි. අදත් එම පත්‍රිකා එම ස්ථානයේම ස්ථාපිතය.

මඩු මංගල්‍යය සංස්කරණය

ක්‍රි.ව. 1868 දී රාජගුරුධුරයට පත්වූ අති උතුම් ක්‍රිස්ටෝෆර් බොන්ජින් හිමිපාණන් විසින් ක්‍රි.ව. 1870 දී මේ සිද්ධස්ථානයේ පවතින ජුලි 02 දින මහා මංගල්‍යය ස්ථාපිත කළ අතර එදා සිට අද දක්වා වසරක් වසරක් පාසා ලක්ෂ සංඛ්‍යාත දේවජනතාවක් මහවන ගෙවමින් මව් සෙනෙහස පතා එති.

මඩු මංගල්‍යය උතුරේ හා දකුණේ, සාමයේ සංකේතයක් යැයි කීවොත් නිවැරැදිය. මඩු පූජා භූමිය තුළදී සිංහල ,දෙමළ,මුස්ලිම්,කතෝලික,බෞද්ධ සියලු දෙනාම සහෝදර සහෝදරියන් ලෙස භක්තියෙන් හා සමඟියෙන් වෙලී කටයුතු කළ අයුරු අතීතයේදීත් වර්තමානයේදීත් දැකිය හැකිය.

රටට යම් විපත්තියක් කරදරයක් සිදුවූ කළ බැතිමත්හු මඩු මාතාවන්ට බාරහාර වෙති. ඒවා ඒ අයුරින්ම ඉටුවෙයි.[තහවුරු කර නොමැත] 2001 වසරේදී රටට තිර සාමය උදාවෙන්නැයි පතමින් මඩු මාතා පිළිරුව දකුණට වැඩම කරවීය. අනුරාධපුරය, හලාවත, කොළඹ,කුරුණෑගල සහ මහනුවර යන රදගුරු පදවි කීපයකටම වැඩම කළ මඩුමාතා පිළිරුවට රටපුරා කිතුණු බැතිමතුන්ගේ නොමඳ හරසර ලැබිණි.

නමසිය හැත්තෑවේ දශකයට පෙර මඩු වන්දනාව සඳහා ශ්‍රී ලංකාවේ සතර දෙසින්ම මහ පිරිස් ඇදෙන්නට වුණේ ආගමික භේද පංති භේද කිසිත් නොසලකමිනි. මඩු වන්දනාව සර්ව ආගමික වන්දනාවක්[තහවුරු කර නොමැත] විය. එකළ සෑම වසරකම අගෝස්තු 15 වැනිදා වන විට මඩු දේවස්ථාන භූමිය බැතිමතුන්ගෙන් පිරී පවතියි. මඩු වන්දනාවට බැතිමතුන් එන්නේ පවුල් පිටින් හෝ ගම්පිටින් එකතුවෙමිනි. ඈත අතීතයේ දී පයින්, ගොන් කරත්තයෙන් ආ ගමනට පසුව දුම්රියේ, බස්රියේ පිහිට පතන්නට සිදුවූයේ ගමනාගමනයේ දියුණුවත් සමඟය.

දුම්රියෙන් මඩු වන්දනාවට එන බැතිමතුන් එන්නේ තලෙයිමන්නාරම දුම්රියේය. එකළ කොළඹ කොටුවෙන් රාත්‍රි 8 ට පිටත්වන තලෙයිමන්නාරම් දුම්රිය මඩු වන්දනාකරුවන් ගෙන් පිරී පවතින්නේ අගෝස්තු මාසයේදී ය. බදුල්ල, යාපනය, ත්‍රිකුණාමලය, මාතර ආදී විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාව අනුරාධපුරයේදී තලෙයිමන්නාරම් දුම්රියට ගොඩවී මැදවච්චියෙන් හැරී මන්නාරම් දුම්රිය මාර්ගයේ ගොස් මඩු දුම්රිය පලෙන් බැස එතැන් සිට ලංගම බස්රියවලින් මඩු දේවස්ථානයට යති.

මඩු වන්දනාව සංස්කරණය

මඩු වන්දනාව ඇරබීමට පෙර ජනතාව ඉටුකරන්නාවූ සිරිත් විරිත් බොහෝමයක් වේ. ඒ අතුරින් පළමු වැන්න ලෙස තම තමන්ගේ දේවස්ථානය වෙත ගොස් බාරහාර වී ඉටිපහන් දල්වා , අසල්වැසියන් සියලු දෙනා සම`ග සුහද ශීලි ව හා මිත්‍රශිලිව අමනාපකම් මග හැර දමා හොදහිත වර්ධනය කර ගනිමින් වන්දනාවට සරිලන ලෙස පේවෙති. මෙහිදී වැඩිහිටියන් තම දුවාදරුවන්ට ආසිරි පතා ලබා දෙන උපදෙස් අතර —කටවරද්ද ˜ නොගන්නා ලෙසද ඔවුනට උපදෙස් දෙයි. මඩු වන්දනා යෙදෙන සියල්ලන්ගේ ප්‍රබල යැදුම ආයුධය ජපමාලය යැයි පැවසුවහොත් එය නිවැරදිය. පැරැන්නෝ මේ වන්දනාගමන පුරාවටම ජපමාලයෙන් සන්නාද්ධ වුවෝය. පුරාණ ගිවිසුම තුල දේවජනතාව දේවාදරයේ පහස ලබන්නට ජෙරුසලම වෙත වන්දනාවේ පැමිණි විලසින් මරියෝත්තමාවන්ගේ යැදුම් පිහිට තුළින් දෙවි`දාණන්ගේ සංරක්ෂණය සොයමින්ද ලබමින්ද මේ වන්දනාව සමන්විත වුණි. මෙහිදී එදා ඉශ්‍රායෙල් ජනතාව ජෙරුසලම් දේවමාලිගය වෙත පැමිණිම තුළින් වන්දනා ගමනේ පුර්ණත්වය ප්‍රකාශවූ පරිද්දෙන් මඩු වන්දනා ගමන තුල වන්දනාකරුවන්ට වන්දනාගමනේ පුර්ණත්වය විදහාපෑවේ, සිද්ධස්ථානය තුළ ස්ථාපිත මඩු හි අප ස්වාමීදුගේ අසිරිමත් පිළිරුව හමුවේ මවක් ඉදිරියේ දරුවන් හැගුමින් පිරි යැදුමන් පුදකිරීම තුළිනි. ඕතුමිය පාමුල යදින යැදුමන් සැබවින් ම ජනදිවිය හා හදවතට සංවේදී අත්දැකීමක් වේ. වන්දනාවේ යෙදෙන සියල්ලන් ගත කරන සරල, සුගම දිවිය හා සුන්දරත්වය වචනයෙන් විස්තර කල නොහැක. මේ වන්දනා ගමන දේවජනතාවට විපුල ඵල ලබාදෙන ධර්මවිවේක සමයකි. තද, රෞද්‍ර, ගලක් වැනි සිත් පවා , ඉටිමෙන් දිය කරලමින් සමගි සන්ධානයේ සක්‍රමේන්තුව තුල යලිත් සමිඳුන් හා එක්කරලන්නට මේ වන්දනා ස්ථානය ප්‍රධාන තැනක් ගනී. මෙහිදී මරියෝත්තමාවන්ගේ යැදුම් පිහිට හා මධ්‍යස්තිය ඉතා ප්‍රබල ලෙස වන්දනාකරුවෝ අත්දකින්නාහ. යාච්ඤා කිරීමට ඔබින මනරම් පරිසරයක් හා වටාපිටයක් තුල වෙනදාට වඩා දිව්‍ය පුජා යාගයට ද ජපමාල ධ්‍යානය ද භක්ති අභ්‍යාස වලට ද ප්‍රමුඛස්ථානයක් ලබාදෙන තෝතැන්නකි. මේ වන්දනා ගමන තුල මරියෝත්තමාවන් , ජපමාල රාෙජ්ශ්වරිය , රුදුරු වන්නියේ මාතාවන් හා රැජිනියද ලෙස විරුදාවලියෙන් ගෞරවාදරයට ලක්වන්නාහ. ලක්දිව සතර විද ප්‍රදේශයන්ගෙන් ඒකරාශි වන දේවජනතාව මෙහි ගත කරන්නාවූ දින කීපය පුරාවට හෝ බි`දවැටි ඇති මානව සබදතා මෙන්ම අධ්‍යාත්මික සබදතාද යළිදු තහවුරු කරගනිමින් දෙවිදුන් ද තම සහෝදරයන් හා සමග නැවත වරක් මිත්‍රශීලීවන්නට උත්සුක වන්නාහ.විශේෂයෙන් සමගිසන්ධානයේ සක්‍රමේන්තුව තුල ගල් මෙන් ඇති හිත් පවා ඉටිමෙන් දියකර ලන්නට මේ වන්දනා සමය වන්නේ මහගු රුකුලකි. මෙහිදී විශේෂයෙන් —පව්කාරයන්ගේ සරණය˜ හා — ක්‍රිස්තියානින්ගේ පිහිට˜වන මරියෝත්තමාවන්ගේ යැදුම් පිහිට හා මධ්‍යස්ථිය කුමන වදනකින් කෙසේ හෝ විස්තර කල හැකිද? දුකින් පේළි පීඩිතව, නානා විධ පැතුම් හා බලාපොරොත්තු ඕතොමන් ඉදිරියේ තබන්නාවූ තම ආදර දරු කැලගේ අයදුම් හමුවේ , දෙව්පියානන් ඉදිරියේ තබන්නාවූ ස්වර්ගිය මාතාවන් ලෙස මරියෝත්තමවෝ ඒ සැම යැදුමක්, පැතුමක් ම වෙනුවෙන් අප වෙනුවෙන් දෙවි`දාණන් ඉදිරියේ යදින්නාහ.

මඩු වන්දනාව හුදු විනෝද ගමනක් නොවේ, එය අප ජිවිතේ වන්දනාගමනක් මෙන් ම ධර්මවිවේක සමයකි.ඒ නිසා මෙය වරප්‍රසාදයේ සදා වර්ෂාවක් ලෙස සැලකුවහොත් එය නිවැරදිය. මේ වන්දනාවේ යෙදෙන බොහෝ දෙනෙක් අලුම්කරන්නේ නිවෙස්වලට වඩා කුඩාරමක් ඉදිකිරීමටය. එම කුඩාරම් ඉදිකිරිම තුළ පුරාණ ගිවිසුමේ දේවජනතාවට වූ දේවාදරයේ සැලකු මෙන්ම නික්මයාමේ සිද්ධියද ජුදා මංගල්‍යයන් අතර පවතින කුඩාරම් මංගල්‍යයේ ශේෂයන් නිහඩව එමගින් කියාපායි. වසරකට නිල වශයෙන් මංගල්‍යයන් 12ක් පමණ පැවැත්වෙන මේ සිද්ධස්ථානයේ ප්‍රධාන මංගල්‍යය පැවැත්වෙන්නේ අගෝස්තු 15 වනදාට යෙදෙන මරියෝත්තමාවන්ගේ ස්වර්ගරෝපිත හෙවත් අහස් නැ`ගීමේ මංගල්‍යය මුල් කර ගනිමිනි. වන්දනාස්ථානයේ ගතකරන්නාවූ දිනයන් සෙසු දිනයන්ට වඩා වන්දනාකරුවන්ට ඉතා සුවිශේෂී වන්නේය. අලුයම 5.30 වෙද්දී නාද වන්නාවූ සීනු නාදයත් සමග ම කදවුරේ සතර දිශාවට විහිදී යන ශබ්ද විකාශන යන්ත්‍ර තුළින් උදැසන යැදුම් ප්‍රචාරනය වන අතර සිය දහස් වන්දනාකරුවන් යුහුව නිදි පැදුරේම යාච්ඤාවන්ට සහභාගී වන අතර උදැසන 6.00 සිටම විවිධ භාෂාවන්ගෙන් දිව්‍ය පුජා යාගයන් සිදුකෙරෙන අතර දේවස්ථානයේ මෙන් ම මණ්ඩපයේද , දිව්‍ය සත්ප්‍රසාද දේවස්ථානයේද අවස්ථා කීපයකදීම අතුරු සිදුරු නැතුව දේවජනතාවෝ දිව්‍ය යාගයන් ට සහභාගීවන අතර විටින් විට ශු.පැය, ජපමාලය, පාදනමස්කාරය, ප්‍රාර්ථනාව..........ආදී භක්ති අභ්‍යසාද පැවැත්වේ. මඩු සිද්ධස්ථානයේ පැවැත්වෙන භක්ති අභ්‍යාස අතර පස්වරු 6.30 පැවැත්වෙන්නාවූ ජපමාල ධ්‍යානය ඉතා විශේෂිත වේ. තේජෝසම්පන්න මණ්ඩපය හමුවේ සිංහල බසින් හා දමිළ බසින් ගායනා වෙන ජපමාල ධ්‍යානය තුල සැදැහැවතුන් මොහොතකට හෝ සුරලොව විසිමකට මග පාදන්නේය. දසදහස් දේවජනතාවගේ තොල`ගින් — සාන්ත මරියනි ˜ කොටස උච්චාරණය කිරීම තුල ස්ත්‍රීන් අතුරින් අශිරිවාද ලද්දී ඔබ වහන්සේය, ඔබගේ කුසයේ දරුඵලයද ආශීර්වාද ලද්දේය........˜ යන්නෙන් ,එදා ශුද්ධාත්ම වරමින් එලිසඛෙත්තුමී මරියෝත්තමාවන්ට ප්‍රකාශ කල දේව අනාවරණය සිහිපත් වන්නේය. එලෙසම මේ වන්දනා ස්ථානය පුරාවට ම ඉපැරණි දේවවන්දනා ගීතිකාවක් වන —ආවේ මරිස්ටෙල්ලා ˜ ගියද නින්නාද වන්නේය. මඩු සිද්ධස්ථානයේ පැවැත්වෙන මංගල්‍යයන් කතෝලික ධර්මානුගත චාරිත්‍රයන්ගේ පිරිපුන් වුවකි.උදැසන 6.30 ට ආරම්භ වන තුති ගී දිව්‍ය යාගය බොහෝ විට රාජගුරුප්‍රසාදිතුමකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර දිව්‍ය යාගයෙන් පසුව ඓතිහාසික මඩුහි අප ස්වාමිදුගේ ප්‍රතිමාව රැගත් පෙරහැර විදි සංචාරය කෙරේ.එය වරක් දුටුවොත් එය ගලේ කෙටු අකුරක් මෙන් සදාතන වේ. අන්තිමට පැමිණෙන්නේ දුක් මුසු වෙන් වීමයි. වන්දනාකරුවෝ අසිරිමත් ප්‍රතිමාව ඉදිරියේ දන නමා තමන් සතු සියල්ල ඕතුමිය වෙත පවරා දී වන්නි වනයේ ඕතුමන් තනිකර දමා යන්නට සුදානම්ව කදුළු වගුරුවමින් , තමන් වද තමන් සතු සියල්ලද ඕතුමන් වෙත පවරා දෙති.

LTTE ත්‍රස්තවාදය සහ මඩු දේවස්ථානය සංස්කරණය

ත්‍රස්තවාදීහු ඉන්පසුව මඩු මාතාවන්ගේ ගෞරවය කෙළසමින් මඩු දේවස්ථාන බිමෙහි බෝම්බ අතුරා එහි සිට හමුදාවන්ට වෙඩි තැබූහ. මඩු භූමිය අපවිත්‍ර කළ ඒ ත්‍රස්තවාදීන්ට යහතින් සිටීමට නොහැකි වූයේ මඩු මාතාවන්ගේ හාස්කමකින් විය හැකිය.[තහවුරු කර නොමැත] 2008 අප්‍රියෙල් 25 වැනිදා මේජර් ජනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුතු 57 වන සේනාංකයේ 572 බලසේනාව විසින් මඩු දේවස්ථානය මුළුමනින්ම ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගත්තේය.

මඩු වන්දනාව සංස්කරණය

කිතුනු දිවිය වනාහි වන්දනා ගමනකි.ස්වර්ගීය ජෙරුසලම කරා ඇදී යන්නාවූ වන්දනා නඩයකි,සංඝයකි,සභාවකි. මෙම වන්දනා ගමනේ පුර්ණත්වය වන්නේ වතට වත දී ෙජ්සු සමිදාණන්ගේ සිරි වත මඩල දැකීමේ භාග්‍යයයි.සෑම කිතුනුවෙකු ම මෙලොව දිවිගෙවන්නේද , දිවිය ගෙවිය යුත්තේද, එකී යථාර්ථය පසක් කරගනිමින්ය. ලාංකේය කිතුනු ජනතාවගේ ප්‍රධානතම හා ජනප්‍රියතම වන්දනා ස්ථානය වන්නේ මඩු සිද්ධස්ථානයයි.ඒ වගේම මෙම ස්තානය නැරබීමට අනෙක් ආගම්වල පිරිස්ද පැමිනෙයි. මහා රූස්ස වනයෙන් වට වූ ඒ සුන්දර වන පියස, ඒ මැද පිහිටි දැවැන්ත පෞරාණික තේජස්සම්පන්න දෙව්විමන, ඒ තුලින් නිරන්තරයෙන් විවිධ භාෂාවන්ගෙන් රැව් පිළි රැව් දෙන යැදුම් යාතිකාද පූජාසනයට ඉහළින් විරාජමානව තබා ඇති අසිරිමත් මරුද මඩු ජපමාල දේවමාතා ප්‍රතිමාව .... මරුද මඩු වන්දනාව කියූ සැනින් සෑම මතකයට නිරතුරුවම නැගේ. වර්ෂයක් වර්ෂයක් පාසා ලක්දිව සතර කොනින් මෙම වන්දනා ස්ථානයට ගලා එන්නාවූ අපමණ ජනකායක් තුළින් ප්‍රකාශ වන්නේ මවක් හමුවට දරුවන් පැමිණෙන්නාසේ මරිය මාතාවන්ගේ සළුසෙවනට දේව ආදරයේ පහස විදින්නට දුක් කරදර දොම්නස් දිවෙන දිවිමගේ නවාතැන්පොලක් ලෙසය.ශතවර්ෂ ගණනාවක් පුරා ලාංකේය කිතුණු ජීවිතය තුල මඩු වන්දනා ගමන දම්වැලක පුරුක් මෙන්ද , ලෝහයක් කාන්දමක් කරා ඇදී එන්නා සේ ද ගසට පොත්නක් මෙන් බැදී පවතින්නේය.

මඩු වන්දනාව ඇරබීමට පෙර ජනතාව ඉටුකරන්නාවූ සිරිත් විරිත් බොහෝමයක් වේ. ඒ අතුරින් පළමු වැන්න ලෙස තම තමන්ගේ දේවස්ථානය වෙත ගොස් බාරහාර වී ඉටිපහන් දල්වා , අසල්වැසියන් සියලු දෙනා සමග සුහද ශීලි ව හා මිත්‍රශිලිව අමනාපකම් මග හැර දමා හොදහිත වර්ධනය කර ගනිමින් වන්දනාවට සරිලන ලෙස පේවෙති. මෙහිදී වැඩිහිටියන් තම දුවාදරුවන්ට ආසිරි පතා ලබා දෙන උපදෙස් අතර කටවරද්ද නොගන්නා ලෙසද ඔවුනට උපදෙස් දෙයි.

මඩු වන්දනා යෙදෙන සියල්ලන්ගේ ප්‍රබල යැදුම ආයුධය ජපමාලය යැයි පැවසුවහොත් එය නිවැරදිය. පැරැන්නෝ මේ වන්දනාගමන පුරාවටම ජපමාලයෙන් සන්නාද්ධ වුවෝය. පුරාණ ගිවිසුම තුල දේවජනතාව දේවාදරයේ පහස ලබන්නට ජෙරුසලම වෙත වන්දනාවේ පැමිණි විලසින් මරියෝත්තමාවන්ගේ යැදුම් පිහිට තුළින් දෙවිදාණන්ගේ සංරක්ෂණය සොයමින්ද ලබමින්ද මේ වන්දනාව සමන්විත වුණි. මෙහිදී එදා ඉශ්‍රායෙල් ජනතාව ජෙරුසලම් දේවමාලිගය වෙත පැමිණිම තුළින් වන්දනා ගමනේ පුර්ණත්වය ප්‍රකාශවූ පරිද්දෙන් මඩු වන්දනා ගමන තුල වන්දනාකරුවන්ට වන්දනාගමනේ පුර්ණත්වය විදහාපෑවේ, සිද්ධස්ථානය තුළ ස්ථාපිත මඩු හි අප ස්වාමීදුගේ අසිරිමත් පිළිරුව හමුවේ මවක් ඉදිරියේ දරුවන් හැගුමින් පිරි යැදුමන් පුදකිරීම තුළිනි.


ආශ්‍රිත සංස්කරණය

මේවාද බලන්න සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මඩු_දේවස්ථානය&oldid=653419" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි