භූ සමමුහුර්ත කක්ෂය

භූ සමමුහුර්ත කක්ෂය (GSO) යනු පොළොවේ භ්‍රමණ කාලයට සමාන කක්ෂීය කාලවර්තයකින් යුතු පෘතුවි-කේන්ද්‍රීය කක්ෂයකි. එහි පරිභ්‍රමණ කාලය වන්නේ පැය 23 යි මිනිත්තු 56 යි තත්පර 4 කි. භූසමවේගී කක්ෂයක ඇති වස්තුවක් පොලොවේ සිටින නිරීක්ෂකයෙකුට පෙනෙන්නේ ස්ථාවරව හෝ 8-ඉලක්කම-හැඩයේ ගමන් මාර්ගයක ගමන් ගන්නා ලෙසටයි. දිනයේ එකම වේලාවක නිරික්ෂනය කළහොත් එම වස්තුව සෑම දිනකම, එකම වේලාවේ දී, අහසේ එකම ස්ථානයක දිස් වෙයි. පොළොවෙන් නිරීක්ෂනය කරන්නෙකුට පෙනෙන වස්තුවේ ගමන් මාර්ගය තීරණය වන්නේ එම කක්ෂයේ උත්කේන්ද්‍රීයතාව සහ ආනතිය පදනම් කරගෙනය.

පූර්ණ වෘත්තාකාර භූසමමුහුර්ත කක්ෂය, භූස්ථාවර කක්ෂය ලෙස විශේෂ නමකින් හැඳින්වේ. මෙහි උන්නතාංශය කි.මී. 35,786 කි. පොළොවේ සිට නරඹන නිරීක්ෂකයෙකුට එම කක්ෂයේ ඇති වස්තුවක් සෑම විටම අහසේ එක් ස්ථාවර ස්ථානයක දිස්වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=භූ_සමමුහුර්ත_කක්ෂය&oldid=519924" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි